IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ව්‍යවස්ථා අතුරු වාර්තාව අවසන් ලියවිල්ල නෙවෙයි

(හර්ෂණ තුෂාර සිල්වා)

ව්‍යවස්ථාදායක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද අතුරු කමිටු වාර්තාව අවසන් ලියවිල්ල නොවන බැවින් එය රටේ සියලු පාර්ශවවල සංවාදයට විවෘත යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (4) කොළඹදී පැවැසීය.

එම අතුරු කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා කීය. ඉන් අනතුරුව එය සියලු පාර්ශ්ව සඳහා සංවාදයට හා සාකච්ඡාවට විවෘත කරන බවත් සියල්ල ආශ්‍රයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කෙටුම්පත සකසන බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

කොළඹ හිල්ටන් හෝටලයේ දී අද (04) පැවැති ‘8 වැනි සාර්ක් කලාපීය කතානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමුළුවේ’ ආරම්භ සැසියේ ප්‍රධාන දේශනය කරමින් අග්‍රාමාත්‍යවරයා එම කරුණු අනාවරණය කළේය.

ඒකීය රටක් තුළ උපරිම බලය බෙදීම, රට කිසිදු අයුරකින් නොබෙදීම, හා බුදුදහමට ප්‍රමුඛත්වය දෙමින් කිසිදු ආගමකට මදි පුංචිකමක් නොකරමින් සියලු ආගම්වලට සමානව සැලකීමට පොදු එකඟත්වයක් ඇති බවත් වික්‍රමසිංහ මහතා එහිදි කීවේය.    

එහිදි අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

“ රාජ්‍යයේ ස්වභාවය, දෙවැනි මණ්ඩලයක් පවත්වාගෙන යනවාද නැත්ද යන්න, මැතිවරණ ක්‍රමය, ශ්‍රේෂ්ඨාධිකරණයට අමතරව ව්‍යවස්ථාදායක අධිකරණයක් පවත්වාගෙන යාම ආදී කරුණු සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනවා. අතුරු කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නවා. ඉන් අනතුරුව සියලු පාර්ශවවල සංවාදයට කමිටු වාර්තාව ඉදිරිපත් කරනවා. දේශපාලන පක්ෂවලින් තොරව අනෙකුත් පාර්ශව සමඟ සාකච්ඡා කරනවා. සංවාදයට යොමු කරනවා. පොදු විවාදයකට යොමු කරනවා. ඉන් අනතුරුවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසෙන්නේ. අද අපේ පක්ෂ සියල්ලම මේ කමිටු වාර්තාවට එකඟත්වය පළ කර තිබෙනවා. ඒ මත පිහිටා කටයුතු කළහොත් වාර්ගික ප්‍රශ්නය ඇතුළු සියලු ප්‍රශ්න විසඳා ගැනීමට අපට හැකියාව ලැබෙනවා” යැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

(ඡායාරූප-ගයාන් අමරසේකර)



අදහස් (6)

ව්‍යවස්ථා අතුරු වාර්තාව අවසන් ලියවිල්ල නෙවෙයි

wedage Wednesday, 04 October 2017 09:33 AM

මෙහෙම බොරු කර කර ඉඳල අවසන් එක සිංහලයා නැති වෙන්නම දෙයි වගේ

:       526       1254

රාම් රාජ් Wednesday, 04 October 2017 10:16 AM

ඉස්සෙල්ලාම ජනාධිපතිතුමාට පෙන්නලා හිටියානම් හොඳ නැද්ද? තාම දැක්කේ නැතිව ඇති.

:       4       106

Ravi Wednesday, 04 October 2017 10:31 AM

අනේ මේ වගේ ජෝඩුවක් වෙන කොහෙන් හොයන්නද? තමන් උපන් රට මේ වගේ නින්දිත විදිහට විනාශ ක‍රන නායකයෝ මේ ලෝකේ වෙන කොහෙද ඉන්නේ? තමන්ගේ පැවැත්මට රට මලත් මමයි රජා කියලා ඕනෑම ජරා වැඩක් කරන මේ රයිගම ගම්පොළ ජෝඩුව අපේ දරුවන්ගේ කරුමෙටම පහළ වුණු අය වෙන්නැති.

:       567       1256

RaveendraWednesday, 04 October 2017 10:53 AM

රවී මයා වෙත, ඔබගේ නිවැරදි අදහසට අප ගරු කරන්නෙමු.

:       1       28

sathyapalaWednesday, 04 October 2017 12:07 PM

ෆ්‍රෙඩි සිල්වාගේ පරණ සින්දුවක් මතක්වුණා "ලගඩි පපයි නොන්ඩි ජුවයි රා බීගෙන වෙරි මතේ දෙන්න එක්ක ගමනක් ගියා රෑ කලුවරෙ හිතුමතේ ....// ජුවා එහට වැනෙනවා.. මෙහාට වැනෙනවා සුළඟට විසිවෙන ගානට මේ දෙන්න සැපට වැනෙනවා"

:       0       90

RaveendraWednesday, 04 October 2017 03:47 PM

සත්‍යපාල මයා වෙත, ඔබ විසින් අප සියල්ලෝම සිනා සීමට සැලසීම පිළිබඳව අප ඔබට ස්තුති වන්ත වෙන්නෙමු. තවද ඔබගේ අදහස් ද නිවැරදිය. මෙය තමා අපගේ මවුබිමේ නියම ස්වරූපය.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 55 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 612 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 176 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 184 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 720 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 240 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site