ළහිරු හර්ෂණ
සරසවි සිසුන්ගේ විරෝධතාව පාලනය කිරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.
සරසවි සිසුහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරි පිට මේ වන විට රැස්ව සිටිති.
ආරක්ෂක අංශ මේ වන විට එහි තත්ත්වය පාලනය කිරීමට පියවර ගනිමින් සිටිති.
කොල්ලුපිටිය සමගි මාවතේ චීන භාණ්ඩ අලෙවි සැලක තොග ගබඩාවේ සගවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා චීන දුම්වැටි දස දහසක තොගයක් අද (18) දින සිය බාරයට ගත් බව ශ්
කළුතර උතුර කුඩාවස්කඩුව ප්‍රදේශයේ මුහුදේ විනෝදයට දිය නෑමට ගිය තරුණයෙකු මුහුදෙ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක
කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ
වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි
කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
විරෝධතාවට කඳුළු ගෑස් -ජල ප්‍රහාර
Dayal Tuesday, 19 March 2019 10:27 AM
දැන දැන මොකට යනවාද මන්දා....
Jehaan Tuesday, 19 March 2019 10:37 AM
සදහටම විරෝධතා පවත්වමින් ඉන්න. අනෙක් රටවල සිසුන් තමන්ගේ මුදලින් අවුරුදු 21 දී උපාධිය සම්පුර්ණ කොට , සුදුසු රැකියාවක් ලැබෙනතෙක් සුළු රැකියාවක් සොයා ගෙන ශ්‍රම බලකායට එකතු වෙනවා. අපේ උදවිය අවුරුදු 35 පනින තෙක් හැමදාම දියව් දියව් විතරයි . මොවුන්ගෙන් රටට තියා හැදු වැඩු මව්පියන්ටත් පලක් නැත.
RaveendraTuesday, 19 March 2019 12:27 PM
ජෙහාන් මයා වෙත, ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. මේ දරුවන් උගත්, බුද්ධිමත් දරුවන් ලෙස අප නම් කිසිවිට පිළිගන්නේ නැත.
ධනුෂ්කTuesday, 19 March 2019 02:33 PM
එතකොට ඔබතුමා කියන්නේ පාලකයන් ගෙනෙන හැම නීතයකටම යටත් වී එ්වා නැති බැරි අයට වෙනමත් අැති හැකි අයට වෙනමත් ක්‍රියාත්මක වෙනකොට... පාලකයෝ රටේ ජනතාවට අසාධාරණ බදු ගහමින්. එ් මුදලින් ඔවුන් සුර සැප ලබමින් රටේ අනෙක් දේවල් කාබාසිනියා කරනකොට.. ගෙදරට වෙලා බුදියගෙන ඉන්න ඔබතුමන්ලා උත්තම පුරුෂ... හැබැයි සිසුන් තම අසාධාරණයට විරුද්ධව අවසන් පියවර වශයෙන් පාරට බහින එක සුදුසු නැහැ. මතක තියාගන්න මේ ලෝකේ පාලකයෝ කිසි අයිතික් බන්දේසියේ දමා ජනතාවට දීලා නෑ. තිබෙන්නේ ජනතාව අරගල කරලා දිනාගත් දේවල්. අවම වශයෙන් දින 365න් දවසක් කාන්තා දිනය වශයෙන් වෙන් කරගත්තෙත් අරගල කරලා....
WasudewaWednesday, 20 March 2019 07:36 AM
මේ ධනුෂ්ක...කියන මල්ලිට ලියන්නේ. ඔය මල්ලි වගේ කී දාහක් රස්සාව ලැබුනට පස්සේ කියන්නේ, අපිත් ඒ කාලේ ඔය කියන අරගල කලා, එ්ත් දැන් නම් හිතෙන්නේ ඒවා මහා නිකම් පිස්සු වැඩ කියලා. ඔන්න ඕකයි සත්‍යවාදී ඇත්ත. ඉතින් ඔය මල්ලිලා මේක හරියට තේරුම් අරන්, රටේ යහපැවැත්ම ගැන හිතලා දෙනෝදාහක් යන මහා පාරවල් අවහිර කරන්න එපා. මේ විරෝදතාවලින් මහජනතාවට වෙන අයහපත ගැන හිතන්න...
HRTuesday, 19 March 2019 04:51 PM
ජෙහාන් මයා, අනිත් රටවල සිසුන් තමන්ගේ වත් පොහොසත්කම් අනුව එහෙම ඉගෙන ගනීවි.. ඒත් අපේ රටේ A/L exam ඉවර වෙලා කැම්පස්වලට ගන්නකොටම අවුරුදු 20-21ක් විතර වෙනවා. එහෙම අරන් උපාධිය සම්පූර්ණ කරාට පස්සේ ජොබ් නෑ.. සාමාන්‍ය පෙළවත් පාස් නැති සමහර අය ලොකු ලොකු පුටුවල.. උගතාට තැනක් නෑ.. ඉතින් පිකට් නොකර වෙන මොනවා කරන්නද..?
Mahee Tuesday, 19 March 2019 11:15 AM
මේ මෝඩ රැල තමන්ව දේශපාලන බන්කොලොත්කාරයින්ගේ අතකොලු බව කිසිම දවසක් තේරුම් නොගෙන පරවල වහගෙන මහජනතාවට හිරිහැර කරනවා. ඇයි? නිකම් දෙනවා නම් හෙම්බිරිස්සාව වුනත් ගන්නව කිව්වා වගේ නිකම් දෙන හින්ද ඉගෙනගන්න කියල විශ්ව විද්‍යාලවලට ගිහින් නවකයින්ටත් වද දෙමින් විනෝද වෙනවා. යන්තම් කීයක් හරි වියදම් කරන්න පුළුවන් එකා තමන්ගේ මුදලින් ඉගෙනගෙන රැකියාවල් ටික අල්ලගන්නවා. නැත්නම් පිටරට යනවා. මේ මෝඩයෝ ටික එලියට ඇවිත් රැකියා දියවූ කියල ඊ ළඟ විරෝධතා රැල්ල හෙවත් පාරවල් අවිහිර කිරිල්ල පටන් ගන්නව. අනේ මහජන බදුමුදල්!
RaveendraTuesday, 19 March 2019 12:01 PM
Mahee මයා හා ..හා... ඔබ කාටද මෝඩ රැල කිව්වේ? මේ තුන් ලෝකෙටම උගත්, බුද්ධිමත් දරුවන්ට නොවේද ඔබ එසේ පැවසුවේ? මේ "අහිංසක කොඳුනාරටි නැති " දරුවන්ට ඔබ විසින් පරිභව කර ඇතිබැවින් අප එම අදහස් තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු. ඔබගේ අදහස් මෙසේ වෙනස්වූවා නම් අප එය අගය කරන්නෙමු. රතු කාරයින් ගහන ගහන පදයට නටන සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල වල සිටීම මොනතරම් අභාග්‍යක්ද? අඩුතරමින් පුරුෂ ශක්තිය තියෙන එක කොලුවෙක් නැහැ නොව ඔය කියන රස්තියාදුකාර, කසිප්පු කාරයන් නොහොත් රතු කාරයෙක්ගේ හතර හන්දි කැඩෙන්න ගහල දාන්න. අහිංසක දෙමව්පියන්ටත් සෑම දවසකම කොත්තමල්ලි බොන්න වැඩ සලස්වන අනුන්ගේ වටිනා කාලේ මෙන් තමන්ගේත් වටිනා කාලේ කාදමන මෙවන් නපුංසකයන් අපේ අනාගත පරම්පරා වන්නේ කෙසේද?
Rohana Tuesday, 19 March 2019 11:42 AM
රටට ගිය කලක් ඔක්කොම හදන්නේ ආණ්ඩුව හදන්න.
anura Tuesday, 19 March 2019 12:23 PM
මේ පින්තුර වලට අනුව මෙහි සිදුවන්නේ විරෝධතාවයට වඩා වෙනත් දේවලුයි.
mendis Tuesday, 19 March 2019 12:32 PM
මේ විරෝධතා එතරම් ගණන් ගත යුතු නැහැ. මක්නිසාද යත්, මේ අය පිටුපස සිටින දේශපාලන පක්ෂ මැතිවරණ වලදී ලබා ගන්නා ඡන්ද ප්‍රමාණ වලින් පෙනී යන්නේ, මේවා නිකම්ම නිකම් පුස්වෙඩි පමණක් බවයි.
RaveendraTuesday, 19 March 2019 01:25 PM
මෙන්ඩිස් මයා වෙත, ඔබගේ අදහස් නිවැරදිය. නමුත් මේ නාස්ති වෙන්නේ අප සියල්ලොගේම අනාගත පරපුරේ මිල කළ නොහැකි වටිනා කාලයයි. ඒ හා සමානව අහිංසක මහජනතාවගේද කාලයයි. අසාධාරණය වෙනුවෙන් නැගී සිටිය යුතුමය. එහි කිසිදු වැරද්දක් නොමැත. මේ නම් එවන් සටන්ද යන්න ගැටලුවකි. රතුකාරයන්ට බයේ මුළු විශ්වවිද්‍යාල සිසුන් දහස් ගණනක් මෝඩ රැලක් සේ නටනවා නොවේද ? එබැවින් කෝ මේ දරුවන්ගේ ස්වාදීන අදහස්, ස්වාදීන සිතුවිලි, කෙසේ දරුවන්ගේ පෞර්ෂය ගොඩ නැගේද ?
ධනුෂ්කTuesday, 19 March 2019 02:17 PM
මහත්තයෝ එකක් තේරුම් ගන්න මෙතන දේශපාලනයක් තිබුණා හෝ නොතිබුණා හෝ සිසුන් පාරට බැසීමට සාධාරණ වූ හේතුවක් තිබිය යුතුයි නේද? මෙතන ඉන්න ඔක්කොම ඔබ කියන දේශපාලනයක් කරන අය නොවේ. නමුත් ඔවුන්ගේ තර්කයේ අැති සාධාරණ බව හා නිවැරදි බව නිසයි. සිසුන් එ් වටා එක් වන්නේ... රටේ අනික් මිනිස්සු දේශපාලකයන් හා බලධාරීන් ගෙනෙන හැම නීතියටම යටත් වෙලා ගහන ගහන බද්ද බැන බැන ගෙවාගෙන ගෙදරට වෙලා හිටියට තැරණ ජවය එක් වූ තැනක ඔවුන් නිහඬව බලාගෙන ඉන්නේ නෑ. ඔබතුමා අඩුගානේ මේ පාරට බහින හේතුවවත් දන්නවද? ඔබ කියන්නේ පාලකයන් ගහන ගහන හැම පදේටම රටේ පුරවැසියන් නැටිය යුතුද? අසාදාරණයට විරුද්ධ විය නොහැකිද? පාලකයන් කරන සියල්ල නිවැරදිද?
mendisTuesday, 19 March 2019 03:20 PM
ධනුෂ්ක මහත්මයා, ඔය ගහන බදු නැතුව මේ අය කොහොමද "නොමිලේ" අධ්‍යාපනය ලබන්නේ?
sena Tuesday, 19 March 2019 01:03 PM
මේ ළමයින්ගේ මෝඩකම් ගැන කියන්න වචන නැහැ...
smn Tuesday, 19 March 2019 01:10 PM
උන්ටත් වැඩක් නැහැ... මුන්ටත් වැඩක් නැහැ..
upali Tuesday, 19 March 2019 01:20 PM
ඉලඇට කැඩෙන කම් දෙන්න ඕනේ...
අන්තරේWednesday, 20 March 2019 04:19 AM
තමන්ගේ දරුවෙක් මෙතන හිටියා නම් මෙහෙම කියාවිද..? ඒත් මතක තියාගන්න තමන්ගේ දරුවෙක් නිදහස් අධ්‍යාපනයෙන් වරප්‍රසාද භුක්ති විඳිනවා නම් මේ අයට පින් සිද්ධ වෙන්න කියලා...
Sampath Bsc.Eng.(Hons) Tuesday, 19 March 2019 03:40 PM
මේකෙ කමෙන්ට් දාලා තියෙන හැම කෙනාම A/L කරන කාලෙ කැම්පස් යන්න හීන දැකලා, ඒවා සැබෑ කරගන්න බැරි වූ නිසා මුළු විශ්ව විද්‍යාල පද්ධතියටම වෛර කරන අමු කාලකන්නි ටිකක්. මුන් මෙතන පොර ටෝක් දුන්නට මොවුන්ගේ ළමයින්ට කියන්නේ කොහොම හරි කැම්පස් පලයන් කියලයි. කුහක කාලකන්නි ඉන්න කම් මේ රට හදනවා බොරු...
HRTuesday, 19 March 2019 04:45 PM
ඔබේ කතාව සම්පූර්ණ සත්‍යයයි.. තමන්ගේ දුවෙක් පුතෙක් කැම්පස් එකකට ගියා නම් මේ අය මෙහෙම කතා කරාවිද ..?
JuwanisTuesday, 19 March 2019 04:46 PM
ඇත්ත, ඔබ පටන් ගන්නෙම "මේකෙ කමෙන්ට් දාලා තියෙන හැම කෙනාම කාලකන්නි " කියලයි. ඒ කියන්නේ ඔබත් ඇතුළුව. තමාගේ නමට අකුරු කීපයක් දමාගෙන ඔබ මහන්තත්තකමක් ආරුඪ කරගන්න හැදුවත් ඔබ කියන ඔය කාලකන්නි ගොඩටම තමයි ඔබත් නොදැනුවත්වම දාගෙන තියෙන්නේ...
anuraTuesday, 19 March 2019 04:51 PM
වැරදි අදහසක්. මේ විරෝධතා සාමාන්‍ය මහජනයාට අපහසුවක් නොවන පරිද්දෙන් සිදුවෙනවා නම් ඒවාට මගේ නම් විරුද්ධත්වයක් නැහැ. නමුත්, විශ්ව විද්‍යාලය තුළ සිටනවිට කරන මේ විරෝධතා, විශ්ව විද්‍යාලයෙන් පිටවූ පසු නොකරන්නේ ඒවා තවදුරටත් තමන්ගේ ප්‍රශ්නයක් නොවන නිසාද?
RaveendraTuesday, 19 March 2019 06:10 PM
නාමය දුටු විගසම උගතා බව කියවෙන්නේ... එනමුත් උගතා බුද්ධිමතා වෙනසත් නොදන්නේ.. වෙලාවටම බාලන්සේදී අපි කැළයට පැන්නනේ... එනමුත් ක්වන්ටම් විද්‍යාව නෑකමටම ගොඩ ආවේ ...
amila Tuesday, 19 March 2019 04:38 PM
මමත් කැම්පස් ගියා. එහෙදී තමයි මට තේරුනේ මේ වගේ නිදහස් අධ්‍යාපනයෙන් වැඩක් ගන්නේ නැති හරක් ටිකක් ඉන්නවා කියලා. අපරාදේ අවුරුදු 4ට 5ක් ඉන්න වුණා. මේ වගේ කාලකන්නි රෑනක් නිසා. හොඳට ඉගෙන ගන්න රටේ බදු මුදලින් අපිට උගන්වන්නේ. පාරවල් වහගෙන මහජනතාවට අවහිර වෙන විදිහට වැඩ කරන්න නොවේ... නැත්නම් අපිට කවදාහරි හෙන ගහනවා රටේ සල්ලි නාස්ති කරා කියලා. මම Sampath Bsc.Eng.(Hons) මහතාට කියන්නේ ඔය වගේ මෝඩ අදහස් තියාගන්න එපා. ඔයාට Bsc.Eng.(Hons) තිබුණට එකම දවසක් වත් යන්න නැතිව ඇති මේවගේ දේකට... නිකන් කරනවා කියලයි දැන් මට හිතෙන්නේ. කොහොම වුනත් මගේ කෙනෙක් ප්‍රයිවට් කැම්පස් එකකට යවනවා.
RaveendraTuesday, 19 March 2019 06:40 PM
amila මයා වෙත, ඔබ විසින් මේ උගත් බුද්ධිමතාට අපහාස කර ඇතිබවක් පෙනෙන්නට තිබේ. අපට වාසනාව නොතිබුණු නිසා පාසැලේ " බාලාංශ පන්තිදීම භෞතික විද්‍යාවට " ඉතාමත්ම දුර්වල නිසා අපගේ ගුරුතුමිය අපව පන්තියෙන් පන්නාදැමු නිසාත් අප කැලේ පැන්නේය. අවසානයේ වැද්දන් ලෙස කැලයෙන් එලියට පැමිණි නිසාදෝ වැසිකිලි පවිත්‍ර කරන රැකියාවක් කරමින් අපගේ " මාතෘභූමියේ සියලුම පුරවැසියන්ගේ කුසගින්න නිවීම" සඳහා දායකවෙමින් සිටින බැවින් ඔබ විසින් අපහාස කළ මේ උගත්, බුද්ධිමතාගේත් කුසගින්න නිවීමට අපට දායකවීමට සිදුවීම ගැන අපද බලවත් ලෙස කණගාටු වන්නෙමු. කෙසේවෙතත් මෙවන් උගතුන් බුද්ධිමතුන්ට අප හදවතින්ම සුබ පතන්නෙමු.
Sampath Bsc.Eng.(Hons) Wednesday, 20 March 2019 02:46 AM
බාලාංශෙ කොහෙද අංකල් භෞතික විද්‍යාව උගන්නන්නේ? බාලාංශෙ පාස් වෙන්න බැරි වුණාට අධ්‍යාපනයට වෛර කරන්න එපා. එහෙම කැතයිනේ.. පව් ඔයා...!!!
RaveendraWednesday, 20 March 2019 05:31 AM
Sampath Bsc.Eng.(Hons) පුතා වෙත, ඔබගේ අදහස් වලට අප ගරු කරන්නෙමු . ඔබවිසින් අපගේ අදහස් කියවා හොදින් තේරුම් ගැනීමට (පාසැලේ " බාලාංශ පන්තිදීම භෞතික විද්‍යාවට" ඉතාමත්ම දුර්වල නිසා අපගේ ගුරුතුමිය අපව පන්තියෙන් පන්නා දැමූ නිසාත් අප කැලේ පැන්නේය. අවසානයේ වැද්දන් ලෙස කැලයෙන් එළියට පැමිණි නිසාදෝ) උත්සාහ කලොත් ඔබට අප පිළිබඳව යම්කිසි වැටහීමක් ලබාගැනීමට හැකි වෙතැයි අප විශ්වාස කරන්නෙමු. අවසානයේ වැද්දන් ලෙස කැලයෙන් එළියට පැමිණි නිසාදෝ ක්වොන්ටම් සයන්ස් වලට ආශ්‍රිත ඉතාමත්ම සුළුම සුළු රැකියාවක් සහ සුළු වැටුපක් ලබමින් එදාවේල පිරිමහ ගන්නෝය. නමුත් එම සුළු රැකියාවත් සුළු වැටුපත් සමගින් අපගේ සුන්දර මාතෘභූමියේ සියලුම වැසියන්ගේ කුසගිනි නිවීමට සැමදිනම දායකවීම පිළිබඳව අපට ඇත්තේ ඉමහත් සතුටකි. ඔබ වැනි Bsc.Eng.(Hons) නමැති ඉතා වටිනා දැනුම් සම්භාරයක් සහ "මුළු ලෝකෙම සියලුම දේවල් පිළිබඳ දැනුම් ඇති ඔබ වැනි දරුවන් සමග තර්කකර කිසිදින දිනුම ලබාගැනීම" කළ නොහැක්කේ අපගේ පැරැන්නන් විසින් කියා ඇති යම්කිසි වැදගත් කරුණක් නැවත වරක් ඔප්පු කරමින් බව දැන්වීමට කැමැත්තෙමු...
BamunuarachchiWednesday, 20 March 2019 06:48 PM
Sampath BSc engi මම භෞතික විද්‍යාව ඉගෙන ගත්තේ බාලාංශේටත් කලින් පුතා. කාන්දම් කෑලි දෙකක් සමග සෙල්ලම් කරමින්, කුඩා මෝටරයක් බැටරි කෑල්ලකට අල්වා කරකැවීමෙන් තමයි භෞතික විද්‍යාව පටන් ගත්තේ. ඒකාලේ දීම මම දැක්කා කාන්දමක එක පැත්තක් ඇලෙන බවත් අනික් පැත්ත විසිවෙන බවත්. ඔබට ඔය ටික ඉගෙන ගන්න විශ්ව විද්‍යාලයටම එන්න වුනානේද පුතෝ ඔබ භෞතික විද්‍යාව පටන්ගත්තේ විශ්ව විද්‍යාලයෙන් වෙන්න ඇති. රසායන විද්‍යාවත් ඉගෙනගත්තේ බොහොම කුඩා කාලේ පුතෝ. ඒ හුණු වතුරට සිගරට් පෙට්ටියේ තිබෙන ඊයම් කොළ දාලා බැලුම් පුම්බලා උඩ ඇරලා. පුතා අපිව පාච්චල් කරලා කතා කොරන්න එපා. ඔබ නොදන්නා පැත්තක් අපි දන්නවා. ඒ ඔබලා වැන්නවුන්ට පිළිතුරු දීමයි.
HRTuesday, 19 March 2019 06:49 PM
නිදහස් අධ්‍යාපනය රැකුණොත් විතරයි ඒකෙන් අනාගත පටපුරටත් ඉගෙන ගන්න පුළුවන්... නිකමටවත් කැම්පස් එකේදී අහලා නැද්ද ජීවිත පරිත්‍යාගෙන් නිදහස් අධ්‍යාපනය රැකගත්තු අය ගැන .. එහෙම අහලා තියෙනවා නම් මෙහෙම කියන එකක් නෑ.. මොකද එහෙනම් තමනුත් ඉගෙන ගත්තේ ඒ අයට පින් සිද්ධ වෙන්න කියලා දන්න නිසා. ඔයාලා වගේ අය කැම්පස් ගියාට තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් විතරයි පෙනී ඉන්නේ. කැම්පස් එකකින් නිර්මාණය කරන්නේ එහෙම අය නෙවෙයි. ඔයාට ඔයාගෙ ළමයි ප්‍රයිවෙට් කැම්පස්වල යවන්න සල්ලි තිබුණට හැමෝටම එහෙම නෑ.. ඒ නිසා අරගලය අනාගත පරපුර ගැනත් හිතලයි කරන්නේ.
Sampath BSc.Eng.(Hons)Wednesday, 20 March 2019 01:36 AM
පාරවල් අවහිර වෙන එක ගැන නම් කියන්න තියෙන්නේ මෙච්චරයි... ඔයාලට ගෙදර යන්න පරක්කු වෙන්නේ කැම්පස් විරෝධතාවලට විතරද? එතකොට රට කන දේශපාලු හැත්ත පාරවල් වහගෙන රැස්වීම කියනකොට, කොළඹ පාරවල් වහගෙන රේස් පදින කොට ඒවා ආතල්ද? Amila, අපිත් කැම්පස් එකේ ඉන්න කාලේ ඕනෑතරම් ගිහින් තියෙනවා ඔය වගේ වැඩ වලට... දැනුත් අපි වැඩ කරන තැන්වල අසාධාරණයට එරෙහිව සටන් කරන අය. අධ්‍යාපනය සහ සරසවිය තමයි අපේ කොන්ද කෙළින් තබාගෙන කටයුතු කිරීමට ශක්තිය ලබා දුන්නේ... අපි නම් ඉහළ නැගුණු ඉනිමගට ගරහන්නේ නෑ ඔයා වගේ...
HGTWednesday, 20 March 2019 04:45 AM
මෙවන් අදහස් පළකරන්නේ කැම්පස් ගොස් අලයෙක් වූ අයෙකු මිස වෙන කිසිවකු නොවේ..
rocky Wednesday, 20 March 2019 02:24 AM
රටේ ඔක්කොම උපාධිදාරීන් වුනොත් ඒ ඔක්කොටොම රස්සාවල් ආණ්ඩුවෙන් දිය යුතුයිද? අද විශ්ව විද්‍යාල උපාධිය කියන්නේ.., නෝට්ස් කටපාඩම් කරලා යාන්තමට විභාගෙන් තල්ලුවීමක්. සමහර කථිකාචාර්ය වරුන්ට වුණත් විෂය පරභාහිර උගත්කමක් නැහැ. අපේ විශ්වවිද්‍යාලවලින් සැබෑ උගතුන් පහළ වුණු යුගය ඉවරයි. ගුණදාස අමරසේකර කිව්වා වගේ මේ විශ්වවිද්‍යාල රොත්තම වහලා දැම්මත් එයින් රටට සිදුවෙන කිසිම පාඩුවක් නැහැ. අධ්‍යාපන ක්‍රමය බංකොලොත්. ඉස්කෝලවල ගුරුවරුන් හරි හැටි උගන්වන්නේ නැති නිසා ටියුටරි ව්‍යාප්ත වෙලා. ඉස්කෝලත් වහලා දාල ටියුටරි විතරක් පවත්වාගෙන යාම සුදුසුයි. නිදහස් අධ්‍යාපනය කියලා එකක් දැන් ඇත්තෙත් නැහැ. තිබුණත් දැන් වැඩකුත් නැහැ. කිසිම උගත්කමක් නැතුව ලේසියෙන් දේශපාලුවෙක් වෙන්න පුළුවන්කම තියෙද්දී මොකටද පෙළපාලි යන්නේ...?
HRWednesday, 20 March 2019 04:41 AM
ඔයා කියන්නේ එතකොට පාසල්, විශ්වවිද්‍යාල ඔක්කොම වහල දාලා ටියුටරි විතරක් පටන් ගන්න කියලද ..? එහෙම කරන්නත් උගත් පරපුරක් නිර්මාණය වෙන්නේ කොහෙන්ද ..? එතකොට වෙන්නේ ඔයා කියනවා වගේම උගත්කමක් නැතිව දේශපාලනඥයෙක් වෙන්න විතරයි.. ඒත් රටේ ඔක්කොම එහෙම උගත්කමක් නැති දේශපාලකයෝ වුණොත්.. රටට යන කල මොකක්ද?
HR Wednesday, 20 March 2019 04:34 AM
මෙතන කමෙන්ට් දාන ගොඩක් අයට ප්‍රශ්න තියෙන්නේ විශ්වවිද්‍යල ළමයි පිකට් කරනකොට විතරයි.. අනිත් අය පිකට් කරන කොට, ඒ අයගෙ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනකොට මේ අයට කිසි ප්‍රශ්නයක් නෑ.. ඇත්තටම මෙතන කමෙන්ට් දාන ගොඩක් අයගේ අදහස් වලින් පෙනෙන්නේ අර සම්පත් කියපු වගේ තමන්ට ඒ තැනට යන්න බැරි වුනු නිසා මුළු විශ්ව විද්‍යාල පද්ධතියම කෙරේ තියෙන වෛරයක්..
BamunuarachchiWednesday, 20 March 2019 06:58 PM
මහත්තයෝ උපාධි ගහපු ඔබලාට රැකියාවල් සපයන්නේ උපාධි නොගහපු මිනිස්සු. MBBS, MD තිබෙන සියලු දෙනාම වගේ නවලෝක ඉස්පිරිතාලේ වැඩ. ඒ මුදලාලිගෙන්ම මම පැලියගොඩ ලී මඩුවෙන් 1954 කාලේ බැට් එකක් හදා ගන්න සත 25 කට ලී කෑල්ලක් ගත්තා. වැඩි විස්තර ඕනේ නැහැනේ.