IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


විරෝධතාවයෙහි නියැලුණ සිසුහු 50 ක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක) 

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනට  එක්ව සිටි සිසුන් 50 දෙනෙකු කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිසුන්ට  අද දහවල්  කොළඹ ලෝටස් වටරවුම ආසන්නයේ දී කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල විය.
 
අනතුරුව  සිසුන් එම ස්ථානයේ වැඩිදුරටත් රැඳී සිටීම හේතුවෙන්  පොලිස් කැරලි මර්ධන ඒකකය  විසින්  ඩී. ආර්. විජේවර්ධන මාවත තෙක්ම සිසුන් පසු පස හඹා ගොස් ඔවුන් පළවා හැරීමට කටයුතු කර තිබිණි.



අදහස් (16)

විරෝධතාවයෙහි නියැලුණ සිසුහු 50 ක් අත්අඩංගුවට

Raveendra Thursday, 24 October 2019 11:48 AM

ඔය අන්තරේ ඉන්න එක මිහරෙකෙක්වත් කතා කරාද රුහුණු සරසවියේ නවකවදය නිසා ජිවිතේ විනාශවුනු ඒ තම සහෝදර සිසුවා ගැන? එමගින්ම පැහැදිලිවන්නේ කුමක්ද? මෙම අන්තරේ ඉන්න අය දියවන්නාවේ ඉන්න අයගේ අතකොලු බව නොවේද ? මෙම මි හරකුන්ට ඕනේ කෙසේ හෝ සාමාන්‍ය ජනතාවට කරදර වෙන ලෙස හැසිරීම නොවේද ? කරුණාකර ආරක්ෂක අංශවලින් අප ඉල්ලා සිටින්නේ අන්තරේ ඉන්න නායක මිහරකුන් සොයා සොයා ගොස් මොවුන්ව සමාජයෙන් ඉවත් කර අහිංසක සරසවි සිසුන්ට තමන්ගේ ඉගෙනීමේ කටයුතු කරගැනීමට ඉඩ සලස්වා දෙන ලෙසය.

:       0       841

AmarasinghaThursday, 24 October 2019 12:53 PM

සහතික ඇත්ත, ලංකාවේ දුප්පත් දරුවන්ට උසස් අධ්‍යාපනය ලබාගැනීමට ඇති අවස්ථා අහුරලා ඒ මගින් මේ වගේ දෙකයි පනහේ දේශපාලන පක්ෂවල අතකොලු ටිකක් හදාගන්න එක තමයි අන්තරේ කරන්නේ... මොවුන් කරන්නේ කොන්ත්‍රාත්තුවක්... නවකවදය කියන භීෂණය මගින් කරන්නේ ප්‍රයිවට් උගන්නන්න සල්ලි නැති අපේ දුවා දරුවන්ව උසස් අධ්‍යාපනයෙන් ඈත් කරවන එක, කරලා රැකියා සුදුසුකම් නැති නිකමුන් කරන එක... එවිට පවතින ඕනෑම රජයකට ලෙහෙසියි. මෙයට විසඳුම තියෙන්නේ එස්.ටී.එෆ්. එක අතේ, ස්ථිර විසඳුමක් සඳහා කළුගල් සහ ලණු කැරලි ටිකක්.., මුවහත් පිහියක් අවශ්‍යයි. මොවුන්ට හිමි තැන තමයි මුහුදු පතුල...

:       0       204

dilanThursday, 24 October 2019 07:07 PM

රවීන්ද්‍ර, කවුද රුහුණු සරසවියේ නවකවදය නිසා ජිවිතේ විනාශ වුණු ඒ සහෝදර සිසුවා? අපි මෙච්චර රුහුණේ ජීවත්වෙනවා ඒ ගැන දන්නේ නැහැනේ,,,,,,කට තිබුනට බොරු බේගල් ඇද බාන්න එපා මනුස්සයෝ.

:       107       0

RaveendraFriday, 25 October 2019 03:48 AM

කරුණාකර "දර්ශ උදයංග" කියන්නේ දිව්‍යලෝකෙන් පැමිණි සිසුවකු වෙන්න ඇති එනිසා ඔබ වැන්නකුට මුනනොගැසෙන්නට ඇති.. මොකද ඔබ රුහුණේ ජිවත් වෙනවා කිව්වත් අපායක ජිවත්වන ස්වභාවයක් තමයි ඔබගේ අදහස් පිළිබඳව සොයා බැලීමේදී හොදින් පැහැදිලි වෙන්නේ. රුහුණේ හිටියත් ඔබ අවට පරිසරය පිළිබඳව නම් දැනුම පිලිබදව 100% ඉහල මට්ටමක බව හොදින්ම පැහැදිලිය. එසේ නොවේනම් " දර්ශ උදයංග " නමැති ඒ අහිංසක සිසුවා පිළිබඳව ඔබ නොදැන සිටිය නොහැකි බැවිනි.තමන්ට මුඛයක් ලද පමණින් අනිකාට දොස් නගන්නේ මිනිස් ආත්ම ලබපු නුගත් තිරිසන් සතුන් බව අපගේ පැරැන්නන් කියා ඇත්තේ ඔබ වැන්නන් පිළිබඳව හොද වැටහීමකින් බව නම් ස්ථිරය.අනිත් වැදගත්ම කාරණය නම් මේ නුගත් අන්තරේ බුරුවන්ගේ නොහොබිනා ක්‍රියාවන් නිසා ඔබට මල පැන්නේ කුමක් අරභයාද ? අනේ... ..පුතේ අපි නොදන්නා සරසවි...

:       0       331

sumithFriday, 25 October 2019 06:42 AM

මමත් රුහුණේ. ඔය වගේ කතා කියන්න එපා මෝඩයෙක් වගේ. පහුගිය කාලේ පත්තර එහෙම බැලුවේ නැද්ද?

:       0       194

Mahee Thursday, 24 October 2019 11:58 AM

විශ්ව විද්‍යාලවල නවක වදය, දූෂණය කිරීම දක්වා පැතිර තිබෙන බව රුහුණෙන් කියවුණා. අවුරුද්දකට නවක සිසුන් 2000ක් විශ්ව විද්‍යාල හැරදමා ආපසු යන බවත් කියැවෙනවා. නිදහස් අධ්‍යාපනය රැකගන්නයි කියමින් උද්ඝෝෂණය කරන මේ කවුරුවත් නවකවදය තුරන් කිරීම ගැන හෝ නිදහස් අධ්‍යාපනය එපා කියලා හැරිලා යන සිසුන්ගේ ඉගෙනීමේ අයිතිය ගැන හෝ කතා කරනවද? බංකොලොත් දේශපාලුවන් අතලොස්සකගේ ඉත්තන් හැටියට දඟලන රූකඩයන් විනා සැබෑ ශිෂ්‍යයන් මෙතන ඉන්නවද?

:       0       123

Jehaan Thursday, 24 October 2019 12:16 PM

උද්ඝෝෂණය කරමින්, ඉගෙන ගන්න කෙනාගේද අවස්ථාව නැති කරමින්, බදු මුදල් නාස්ති කරමින් ඉන්න මේ රටටම මුස්පේන්තු කල්ලිය උදේකට දැක්කොත්, එදා වේල හොයාගන්න මහන්සි වෙන මිනිහට වතුරවත් නැහැ. කියන්න ඇත්තේ එපමණයි...

:       0       225

sampath Thursday, 24 October 2019 12:48 PM

සරසවි වල ධාරිතාවය දෙගුණ කරන්න පුළුවන්... මුලින් කණ්ඩායමක් ගන්නවා. එයාලා පිකටින් කරන්න පාරේ දානවා. පස්සේ කණ්ඩායමක් අරන් උගන්වනවා. අර මුල් කණ්ඩායම දිගටම පාරේ ඉන්නවා දෙවැනි කණ්ඩායමට උගන්වනවා. හැබැයි දෙවෙනි කණ්ඩායමෙන් මුදල් අයකළ යුතුයි.

:       0       64

Amila Thursday, 24 October 2019 01:41 PM

ඔය එක මීහරකෙක්ටවත් ඇප දෙන්න එපා. මැතිවරණයක් ප්‍රකාශ කරලා තියෙද්දී හරක් වැඩ කරනවා. මැතිවරණ නීතිය යටතේ නඩු දාන්න ඕන. එතකොට ඔය අමාරුව හරියනවා.

:       0       228

RaveendraThursday, 24 October 2019 10:18 PM

ඇත්තෙන්ම හරිම දුකයි මෙම මිහරකුන්ගේ ඒ අහිංසක දෙමාපියන් !! ඒ අහිංසක අම්මලා තාත්තලා මොනතරම් දුක් කන්දරාවක් විදිනවා ඇද්ද ..දුක්මහන්සි වෙලා දරුවන් උස් මහත් කර සරසවි වලට යවලා ඒ ගිහින් උන් ඉගෙනීම නොකර එක එක පරබල්ලන්ගේ අතකොලු විදියට වැනි වැනි පඹයන්සේ සමාජයටම පිළිකුල් වන විදියට මෙසේ හැසිරීම. අවංකවම අප මේ අන්තරේ ඉන්න පරබල්ලන්ගේ මාපියන් පිළිබදව කනගාටු වෙන්නෙමු.

:       0       220

kamalFriday, 25 October 2019 07:56 AM

නීතියට කොකා පෙන්නීම, වැඩ නොකර පිනට හැම දෙයක්ම නොමිලේ ලබාගැනීම වගේ මහත්මා ගුණයන් ඉගන ගත්ත දරුවන්ගේ හැසිරීම තමයි මේ පේන්න තියෙන්නේ.

:       0       107

Kumara Thursday, 24 October 2019 06:57 PM

රටේ හැම ප්‍රශ්නයකටම වග කිවයුත්තෝ මේ අය.

:       0       31

Bandara Thursday, 24 October 2019 07:44 PM

මොන විකාර වැඩද මල්ලි මේ. අපිට ටික කාලයක් ඔවා කරයි. හැබැයි ඉක්මණට තේරුනා. අපි හිටපු කාලේ ශිෂ්‍ය සංගම් නායකයාගේ ගේම් පට්ට යුඑන්පි කාරයෙක්. ඔක්කෝම කරන්නේ රඟපෑම් තමායි.

:       0       138

de silva Friday, 25 October 2019 05:59 AM

නවක වදය කියා අවුරුද්දක් පුරා ඔය වද තිස් දෙකම අලුතෙන් එන අසරණයන්ට දෙන්නේ. ඔය අන්තරේ කියන මාෆියාවේ අනු දැනුම මතයි. මේවා ඔක්කොම කරවන්නේ පෙරටුගාමියෝ නමින් හදුන්වන කණ්ඩායම විසිනි. නමුත් එහි නායකයන්ගේ දරු පවුල් ජිවත්වන්නේ ඕස්ට්‍රේලියාවේ. ඔවුන්ට ගමන් බිමන් යන්නේ අති නවීන වාහනවල. දරුවන් ඉගෙන ගන්නේ හොඳ පාසැල්වල. එහෙම තිබිලත් අපේ දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න දෙන්නේ නැහැ.දරුවෙක් විශ්ව විද්‍යාලයට යනකම් ටියුෂන් එකට ලක්ෂ ගණනක් වියදම් වෙනවා.ටියුෂන් මුදලාලිලාත් ඔය විශ්ව විද්‍යාල වලින් උපාධි ගත්ත පුද්ගලයන්. ඔවුන්ගේ සමාජවාදය තිබෙන්නේ ඇතුලේ ඉන්න විට පමණි. විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා ටියුෂන් කඩ දෙක තුනක් දැම්මට පස්සේ යන්නේ ප්‍රාඩෝ වල. හොයන්නේ කෝටි ගණන්. මෙච්චර විශාල වියදමක් දරලා විශාල දුකක් විඳලා දරුවා විශ්ව විද්‍යාලේ යවන අපට අවශ්‍ය දරුවට නිවී සැනසිල්ලේ ඉගෙන ගන්න. කරුණාකර දේශපාලනය ඔය විශ්ව විද්‍යාල වලින් තුරන් කරන්න. මේවා ක්‍රියාත්මක කරන නායකයන් කරුණාකර සමාජයෙන් ඉවත් කරන්න.

:       0       0

indra Friday, 25 October 2019 09:09 AM

මේ අය ගැන අපට කිසිම දුකක් නෑ.. අහිංසක දරුවන් සරසවියට ගියාම මේ වගේ අය තමයි ඒ දරුවන්ට වද දෙන්නේ... මේ කණ්ඩායම් සමාජයෙන් අතුගාලාම දාන්න ඕනෑ..

:       0       86

indra Friday, 25 October 2019 09:30 AM

අනාගත දරුවන් ගැන හිතලා මේ පාහරයන් සමාජයෙන් ඉවත් කරන්න රටේ සියලුම දෙමාපියන් එක්වන්න ඕනෑ. මේක මහා පිළිලයක්.. දේශපාලකයින් මේ ගැන නිහඬ ඇයි? මේවා තමයි රටේ ප්‍රශ්න දේශපාලන වේදිකාවේ මේවා කතා කරන්නේ නැත්තේ ඇයි, ඒ ඇත්තන්ගේ දරුවන්ට පිටරට සරසවි...? මේවා වෙනුවෙන් තමයි රටේ සංගම් ඇති වෙන්න ඕනේ.., අම්මේ තාත්තේ නිහඬව හිටිය ඇති අපේ දරුවන්ගේ මේ අය වහා පන්නා දැමිය යුතුයි...

:       0       67

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සහල් නිෂ්කාශනය ආරම්භයි
2024 දෙසැම්බර් මස 26 322 0

ආනයනික සහල් නිශ්කාශන කටයුතු රේගුව නැවත ආරම්භ කළ බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා අද (26) පස්වරුවේ පැවසීය.


හරි පාරෙන් ඊශ්‍රායලයට ගිය කණ්ඩායමකට යළි රට යන වරම්
2024 දෙසැම්බර් මස 26 396 0

නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකි


තව දිස්ත්‍රික්ක තුනක වගා හානි පරීක්ෂා 29දා අවසන්
2024 දෙසැම්බර් මස 26 45 0

මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක තුනේ වගා හානි පරීක්ෂා කටයුතු මෙම 29 වැනිදා අවසන් කරන බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.


ගෙළෙහි ඇණුන ලී දඬුවක් සාර්ථකව ඉවත් කරයි
2024 දෙසැම්බර් මස 26 424 0

ගෙළෙහි ලී දඬුවක් ඇනී අසාධ්‍යව වවුනියාව රෝහලට අ‍ැතුළත් කළ පුද්ගලයකුගේ එම ලී දඩුව සැත්කමකින් සාර්ථකව ඉවත් කර රෝගීයාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළ බව


’’කුඩු ලෝලියා ඇල්ලුවට කුඩු මුදලාලි ඇල්ලුවේ නෑ’’
2024 දෙසැම්බර් මස 26 675 0

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැන


අනවසර විදුලි රැහැනේ පැටලී මරුට
2024 දෙසැම්බර් මස 26 173 0

කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 122 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 111 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 80 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site