IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


වරාපිටියේ සිසුන් ජවිපෙ මැයි රැළියට ‍ගෙන ගියාදැයි සොයයි

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර මහඔය අධ්‍යාපන කොට්ඨාසයේ වරාපිටිය මහ විදුහලේ ගුරුවරුන් පිරිසක් විසින් එම පාසලේ සිසුන් 30දෙනකු ඉකුත් මැයි පළමු වැනි දා කොළඹ බි.ආර්.සි පිටියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලියට සහභාගි කරවීයැයි කියන සිද්ධියක් ගැන මහඔය අධ්‍යාපන කාර්යාලය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම මැයි රැළියට සහභාගි වු දරුවකුගේ පියෙකු විසින් මෙම පැමිණිල්ල කරනු ලැබ ඇත. එම පාසලේ ගුරුවරුන් තිදෙනකු මෙම සිසුන් රැගෙන ගිය බවට රුළියට සහභාගි වු සිසු සිසුවියන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට ලබාදුන් ලිපියේ සදහන් වි තිබේ. එම දරුවන්ගෙන් ආහාර සඳහා රුපියල් 200ක්ද අය කරගෙන ඇතැයි ද එහි සඳහන්ය.

අප්‍රේල් 30 වැනි දා පස්වරුවේ කොළඹ බලා පිටත්ව වී ඇති සිසුන් පසුදින අලූයම කොළඹට පැමිණි පසුව විහාරස්ථානයක ලැගුම් ගෙන තිබෙන බවත්, ඉන්පසුව තමන් ජනතා විමුක්ති මැයි රැළිය ආරම්භක ස්ථානය වෙත රැගෙන ගොස් රතු තොප්පි ලබා දි මැයි පෙළපාලියට සහභාගි කර ගත් බවත්  සිසුන් ඉදිරිපත් කරන ලද ලිපියේ සදහන් වී ඇත.

වරාපිටිය විදුහලේ විදුහල්පති සේනක බංඩාර මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ සිසුන් රැගෙන යන බව තමන් නොදන්නා බවත් මේ ගැන සියලූ තොරතුරු මහඔය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂට දැනුම් දුන් බවත් ය.

මහඔය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කේ.බී. ධර්මදාස පැවසුවේ වරාපිටිය ගම්මානයේ දෙමව්පියන්ගෙන් ලැබුණු තොරතුරක් මත තමන් මේ ගැන පරීක්ෂණයක් කිරීමට වරාපිටිය විදුහලට ගිය අවස්ථාවේ ගුරුවරයකු පොල්ලකින් තමන්ට පහර දීමට පැමිණි බවයි.

පසුව තමන් 119 දුරකථන අංකයට දැනුම් දි මහ ඔය පොලීසියෙන් පැමිණි පසු මේ ගැන සිසුන්ගෙන් ලිඛිත සටහන් ලබාගත් බවත් ඒ මහතා පැවසීය.මෙම ගුරුවරයාගෙන් ලැබුණ විරෝධය නිසා පරීක්ෂණ කටයුතු තාවකාලිකව නවතා ඇති බවත් මේ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන ලේකම්වරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බවත් ඒ මහතා කීවේය.

මේ ගැන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු මගින් පරීක්ෂණයක් කර ඇති බවත් ඔහුගේ වාර්තාව පැමිණි පසු මේ සම්බන්ධයෙන් විනයාණුකුල පියවරක් ගන්නා බවත් නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන ලේකම් අසංක අබේවර්ධන මහතා පැවසීය.



අදහස් (4)

වරාපිටියේ සිසුන් ජවිපෙ මැයි රැළියට ‍ගෙන ගියාදැයි සොයයි

kumar (galf) Tuesday, 11 July 2017 12:55 PM

ආයේ ජවිපෙ රටේ තරුණ ළමය් ටික නොමග ඇරලා පාලම් හන්දි ගානේ මරාදම්මවන්න තමා හදන්නේ. ලෝකේ කොහෙවත් සාර්ථක නූන කොමිනිස් ක්‍රම මේහේ ගොඩගන්න හදනවා.

:       384       1079

sugath Wednesday, 12 July 2017 12:49 AM

ජ.වී.පෙ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ පක්ෂයක්. අනිත් කට්ටියට චෝදනා කලත් එයාල කරන්නෙත් ඒවම තමයි.

:       48       250

Bandara Wednesday, 12 July 2017 06:34 AM

ජවිපෙ බලයට පැමිණියොත් පවතින ප්‍රජාතන්ත්‍රවාදය නැතිවී ඒකාධිපති පාලනයක් ඇතිවන බව එයට ආවඩන බහතරයක් දෙනා නොදනී.

:       0       1

nimal Wednesday, 12 July 2017 08:16 AM

මෝඩ වෙන්න එපා. අලුත් විදියට හිතන්න. දෙගොල්ලෝම කරපු රට දැන් පත් වෙලා තියන තත්වය ගැන හිතමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 88 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 862 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 773 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 222 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 219 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 871 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site