IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


වරාය නගර කොමිසමට පත් කරන්නේ ශ්‍රී ලාංකිකයන් පමණයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ සභාපති ඇතුළු එහි සාමාජිකයන් ලෙස පත්කරන්නේ ශ්‍රී ලාංකිකයන් පමණකැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසීය .

එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති තීරණය අනුව ඊට ඇතුළත් කළ යුතු සංශෝධන සියල්ල දෙවැනි වර කියවීමේ අවස්ථාවේදී පනතට එකතු කරන බව ද අගමැතිවරයා ප්‍රකාශ කළේය .

ඔහු මෙසේ පැවසූවේ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරමිනි.

 



අදහස් (9)

වරාය නගර කොමිසමට පත් කරන්නේ ශ්‍රී ලාංකිකයන් පමණයි

Rata Perata Wednesday, 19 May 2021 06:36 AM

සමහර අයට නොහැකි වෙනකොට මොලේ අඩු වෙනවා. මේ මනුස්සයා කොහොම හරි මේක චීනාට දෙන්නම තමයි දඟලන්නේ... කාලකණ්ණී..

:       3       27

fairoos Wednesday, 19 May 2021 07:07 AM

මොනවා කළත් වැඩක් වෙන්නේ නැහැ.. ලංකාවේ කෑල්ලක් චීනාට දීලා තමයි පස්ස බලන්නේ..

:       3       26

Janaka Wednesday, 19 May 2021 07:20 AM

දැන් ඔහේට චීන්නු පත් කරන්න ඕනෑකම තිබුණත් ඒක කරන්න බැහැනේ. අධිකරණය නියෝග කරේ බහුතරය ශ්‍රී ලාංකිකයන්ව පමණක් පත් කරන්න කියලා නේද?. දැන් අපි බයේ ඉන්නේ චීන්නුන්ට කත් අදින චීන ව්‍යාපෘතිවල වැඩ කරන චීනෙන් පඩි ගන්න මහනුවර බැල්කනියෙන් වැටිලා කකුල කඩාගත්තා ඇමතිතුමාගේ දුවවයි, කොළබ දිස්ත්‍රික්කයෙන් පත්කළ මන්ත්‍රී නාමල්ගේ උරහිසේ අත්දෙක තියාගෙන සෙන්ට් කිට්ස් දිවයිනට ගිහින් කෝච්චි සෙල්ලම් කරපු ඇමතිතුමාගේ පුතාවයි ඔය නගර කොමිසමට ඔහේලා පත් කරයි කියලයි. එතකොටත් චීන්නු බහුතරයක් පත් කරා වගේ තමයි. පව් අපේ මිනිස්සු.

:       3       30

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 19 May 2021 07:40 AM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි දේ පාර්ලිමේන්තුව තුළ කෙරෙනා බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම රජයක් ලැබූ විශාල පරාජයක් නොවේද? ව්‍යවස්ථාව හදන තැනම එය උල්ලංඝනය කෙරේ නම්, තවත් කතා කුමටද?

:       4       30

kamal Wednesday, 19 May 2021 07:58 AM

ඔව්, ඔව් අපිට ඕනේ ගොට්ටන්ව පත්කර ගන්නයි.

:       4       19

ලංකා පුතා Wednesday, 19 May 2021 08:06 AM

ලංකාවේ පුරවැසිකම තියෙන චීන්නු ටිකක් පත්කරමු. සරලයි..

:       3       23

Ran Wednesday, 19 May 2021 09:00 AM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි දේවල් ඇතුළත් කරලා සම්මත කරගන්න හැදුවේ රටට තියෙන ආදරේ නිසා වෙන්න ඇතිනේද? අපි දන්නේ නැද්ද මේ ගොල්ලන්ගේ වැඩ කිඩ...? දවස් තුනෙන් තීන්දුවක් අරගෙන හමුදා මූලස්ථාන ඉඩම බණ්ඩාරනායක පිළිරුවත් එක්ක සින්නක්කර වික්ක දේශප්‍රේමී නායකයින්නේ මේ ගොල්ලෝ... මේ පත්තරේ පළවෙන දේශපාලනයට සම්බන්ධ වාර්තාවලට දක්වා ඇති ප්‍රතිචාර කියවනවා නම් බබෙකුට වුණත් තේරුම් ගන්නට පුළුවන්. අද රටේ පොදු ජනතාවගේ මතය කොයි පැත්තටද හැරිලා තියෙන්නේ කියලා. ඒ පිරිස අතරේ අනිවාර්යයෙන්ම අර 69 ලක්ෂයේ බහුතරයකුත් ඉන්න බව තේරුම් ගත්තොත් හොඳයි අගමැතිතුමෝ... අර වශීකෘත සුන්දර සිනහව සහිත තෙල් බේරෙන පරණ ෆොටෝෂොප් පින්තුර නැතුව අලුත් පින්තුර පලවෙන්නත් පටන් අරගෙන ඔන්න.

:       2       23

රට වැසියා Wednesday, 19 May 2021 09:14 AM

ඔබතුමන්ලා මේ රටට කළ හැකි මහා අපරාධය කරන බව පැහැදිලිය. රටේ අනාගතය විනාශ වන විට ඔබ ද අපද එතැන නැත. ඔබට පෙර නායකයෝ රටේ අනාගතය ගැන සිතා නීති-රීති සම්පාදනය කරමින් රටේ දේශපාලන සංස්කෘතියක් ගොඩනැගුවා නම් ඔබ වැනි දේශපාලකයින්ට මේ රටේ අනාගතය විනාශ කළ නොහැක. ඔබේ සහ චීන නායකයා අතර වෙනසක් ඇත. චීනා අනාගතය ගැන සිතයි, ඔබ අනාගතය කියන්නේ කුමක් දැයි කියාවත් නොදනියි. ඔබ ඔබ ගැන සිතන විට, චීනා චීනය ගැන සිතයි! - රටේ අනාගතය විනාශ කරන දේශපාලකයින්ට සාප වේවා!

:       3       19

විපරමා Wednesday, 19 May 2021 10:04 AM

ඔය කියනවා ඇත්තේ තමුන්ට කඩේ යන අය ගැනයි, පවුලේ හතර වරිගෙම ඉන්න අය ගැනයි වෙන්ඩ ඇති. දැනටමත් ගෙදර ,බල්ලෝ ,පූසෝ හැරෙන්න වැඩි හරියක් ඉන්නේ තමුන්ගෙම උදවියනේ.

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 68 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1009 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 292 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 152 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 102 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 769 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site