IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


වරාය නගර පනතට කතානායක අත්සන ලබන සතියේ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ කතානායකවරයා ලබන සතියේ දී අත්සන සහතික කරනු ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි .

පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) සම්මත වුණු එම පනත් කෙටුම්පත නිත්‍යානුකූල ලියවිල්ලක් බවට පත් වන්නේ ඊට කතානායකවරයා අත්සන තැබීමෙන් පසුවය.

මේ සම්බන්ධයෙන් අප කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම පනත් කෙටුම්පතට සංශෝධන සියයකට වැඩි ප්‍රමාණයක් ඇතුළත් කිරීමට සිදු වී තිබෙන බවයි .

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවා එම කටයුතු සිදු කරගත යුතුව තිබෙන බවද ඒ සඳහා යම් කාලයක් ගත වන බවද කතානායකවරයා ප්‍රකාශ කළේය .

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) වැඩි ඡන්ද 89 කින් සංශෝධන සහිතව සම්මත විය . එම පනතට පක්ෂව ඡන්ද 148 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 59ක් පමණි .

 



අදහස් (9)

වරාය නගර පනතට කතානායක අත්සන ලබන සතියේ

සරත් රඹුක්්වැල්ල Friday, 21 May 2021 01:29 PM

එදා JR ගෙනා මහ කොළඹ ආර්ථික කොමිසමට විරුද්ධ පක්ෂයේ සිටි පොදු පෙරමුණ තදින් විරුද්ධ විය. ඉන් යම් ආකාරයකට දේශීය නිපැයුම් පහළ වැටුණද විදේශීය ආයා්ජනයන්ගෙන් රටට ලැබුණු ආදායම ඊට වඩා වැඩි වූ අතර විවෘත ආර්ථිකය තුළින් ලාංකිකයාට ලෝකය විවෘත විය. අද වරාය කොමිසමට විරුද්ධ පක්ෂ විරුද්ධ වේ. මෙම ව්‍යාපෘතිය මගින් ලංකාව ලෝකයේ තවත් ඉහළ ස්තරයකට ගමන් කරන අතර වත්මන් විපක්ෂයට බලය ඇල්ලීම සිහිනයක් පමණක් වනු ඇත. එබැවින් ඔවුන් විරුද්ධ වීම සාධාරණයි. නිදහස ලැබී අවුරුදු 70ක් වත් ගියද අප රට ජරා දේශපාලනය තවමත් තුරන් වී නොමැත. එබැවින්, අපගේ අවසන් බලාපොරොත්තුව වන්නේ වියත්මග තුලින් වත්මනයේ දේශපාලන පන්නරය ලබන කුළුදුල් උගත් පිිරිස විසින්, වංචාවෙන් තොර නව ශ්‍රී ලංකාවක් අනාගතයට දායාද කරයි යන්නයි.

:       10       2

රට වැසියාFriday, 21 May 2021 03:25 PM

නිකං නොදන්න ඉතිහාසය ගැන බයි ලොජික් දොඩවන්න එපා මහත්තයෝ..., මහ කොළඹ ආර්ථික කොමිසම කියන්නේ එකක්, ඊනියා පෝර්ට් සිටිය කියන්නේ තව එකක්...! - තව ටිකක් හොයලා බලන්න. ජේ.ආර් හෝ වෙනත් කිසිම දේශපාලකයෙක් රටේ "භුමිය" සින්නක්කරව කාටවත් ලියලා දුන්නේ නැහැ... "රටේ අනාගතය" ගැන සංවේදි කිසිම රටවැසියෙක් මේ වගේ අපරාධවලට එහෙයි කියන්නේ නැහැ..! 2050 = 60 වෙනකොට තමුන්නැහේලා මේ රටේ ඉන්න එකක් නැහැ..! හැබැයි ඔහෙලාගේ මුණුබුරු - මිනිබිරියෝ චීන වහල් දූපතක ජීවත් වෙන බව මතක තියාගන්න. චීන සැලසුම් කරන්නේ අනාගතයට, අපි හිතන්න පුරුදු කරලා තියෙන්නේ "එදා වේල හොයාගෙන කාපන් කියලා.." බලාගෙන ඉන්න චීන ලංකාව සුරපුරයක් කරන කල්...!

:       3       12

චමින්දSaturday, 22 May 2021 01:26 AM

රටවැසියාගේ අදහස සියයට දාහකින් නිවැරදියි කියන්න පුළුවනි...

:       0       1

GalaparaSaturday, 22 May 2021 04:45 AM

ඔයාගේ කතාව සහතික ඇත්ත. මේ වියත් මග කියන්නෙත් බොරු.. කරන්නෙත් හොරකම්. මේ පනතේ වගන්ති 28ක් රටේ නීතියට හොරෙන් හදලා චීනයට ලංකාවේ කෑල්ලක් දෙන්න හැදුවේ. රටේ වාසනාවට අධිකරණය සහ විපක්ෂය රට බේරලා දුන්නා.

:       0       1

chandima Friday, 21 May 2021 01:54 PM

ඒ කියන්නේ කෝටි 02ක් ජනතාව වෙනුවෙන් කරන්න යන වැඩේ සතියකින් ප්‍රමාද කරනවා. මේ වැටිලා තියෙන වලේ හැටියට ඔය වගේ වැඩ එසැණින් එදාම කළ යුතුයි නේද? වැඩ ප්‍රමාද කරලා රටක් සංවර්ධනය කරන්නේ කොහොමද?

:       0       4

Rata Perata Friday, 21 May 2021 03:45 PM

මේවා නියම විහිළු ප්‍රවෘත්ති තමයි... මේ අයට අත්සන් ගහන්නත් නැකත් තියෙනවා.

:       0       6

හේරත් Friday, 21 May 2021 04:33 PM

කන්ද උඩරට ගිවිසුමට පසු රට පාවා දෙන කූට ලියැවිල්ලට ලංකාවේ පාර්ලිමේන්තුවේ බිහි වූ ඉතාම දුර්වලම කථානයකවරයා අත්සන් කිරීම හාස්‍යයක් මෙන් අතිශය ඛේදවාචකයකි...! - රට පාවා දීමට අත් එසවූ සියලුම දේශපාලකයින්ට සාප වේවා!

:       0       11

මාකදුරේ අමයාSaturday, 22 May 2021 01:30 AM

බත්දුන් පියාගේ ආණ්ඩුව කාලේ සිටි කථානායකතුමාගේ සිට 2019 දක්වා සිටි කතානායකලා කිසිම කෙනෙක් මෙහෙම වැඩකරලා නැහැ. හේරත් කියන අදහස ඉතාම නිවැරදියි.

:       0       0

sujith Friday, 21 May 2021 07:50 PM

ලංකාවේ මිනිසුන් කිසිම අලුත් දෙයක් පිළිගන්න අකමැති ජාතියක්. '90 දශකයේ ඇගලුම් කර්මාන්තය ආරම්භ කරන විට, අපේ මිනිසුන් කීවේ එය සුද්දන්ට ඇඳුම් හදන කර්මාන්තයක් කියායි. නමුත් අද ඒවායේ ලක්ෂ 5 ක් පමණ සෘජුව රැකියා කරනවා. වරාය නගරය ඉදි කිරීමට තරම් රටේ ධනයක් නොතිබුණු බැවින්, එය ගොඩ නැගුවේ චීන නය මතයි. එවැනි විශාල මුදලක් නැවත ගෙවීම අපහසු බැවින්, එහි යම් භුමි ප්‍රමාණයක් චීනයට 99 වසරක බද්දට දී ඇත. ලංකාව වැනි ප්‍රාග් ධනය හිඟ රටක් දියුණු කිරීමට ඇති එක මගක් නම්, විදේශීය ආයෝජන ආකර්ෂණය කිරීමයි. නමුත්, අද ලංකාව සිටින්නේ විදේශීය ආයෝජන සඳහා දර්ශකයේ 100 වැනි ස්ථානයේ, අප්‍රිකානු රටවලට පමණක් ඉහළින්. එවැනි තත්වයක් මත අද ලංකාව හැර, ආයෝජකයින්ට යන්නට ආසියාවේ ඕනෑ තරම් රටවල් තියෙන බව සිහි තබාගත යුතුයි. එබැවින්, මෙවැනි ව්‍යාපෘති වලට විරුද්ධ වන අය, උසාවි ගානේ නොගොස්, රටේ රැකියා ජනනය කරන අනිකුත් විකල්ප මාර්ග ඉදිරිපත් කළ යුතුයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 393 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 140 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 151 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 596 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 200 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 632 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site