IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


වරාය නගර පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම වගන්ති විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (18) පැවසීය .

එම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකවරයා පාර්ලිමේන්තුවට අද  පෙරවරුවේ ඉදිරිපත් කළේය .

ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය කථානායකවරයාට පසුගියදා භාරදී තිබිණ .



අදහස් (26)

වරාය නගර පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි

සෙනෙවිරත්න Tuesday, 18 May 2021 05:36 AM

ජයවේවා! අධිකරණය ගැන තවදුරටත් විශ්වාසයි...

:       5       79

anil perera Tuesday, 18 May 2021 06:10 AM

අධිකරණය ගැන තවදුරටත් විශ්වාසයි..

:       4       47

Karunarathna Gampola. Tuesday, 18 May 2021 06:16 AM

‘‘ඉව‘‘ තියෙන අයෙකුට තේරුම් ගන්න පුළුවන්. ඌරා ඉවඅල්ලන්නේ කොහේද? කොහොමද? බල්ලා ඉව අල්ලන්නේ කොහේද? කොහොමද? තේරුම් ගන්නේ නැති අයට කොහොමද? ගෞරවනීය නීතිපතිතුමනි, ඔබතුමා සේවා දිගුවක් ඉල්ලා සිටින්න. මිය යන තුරු හිත සතුටින් ජීවත් වෙන්න ස්තුතියි.

:       2       36

mihira Tuesday, 18 May 2021 06:33 AM

ජයවේවා! අධිකරණය

:       1       38

mihira Tuesday, 18 May 2021 06:34 AM

හොඳම වැඩේ... හොඳම වැඩේ...

:       1       37

ආර්.ඤාණදාස Tuesday, 18 May 2021 06:39 AM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති මොන එහෙකටද ඇතුළත් කළේ? අධිකරණ තීන්දුව ගැන අපිට නම් සතුටුයි.

:       3       41

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 18 May 2021 06:57 AM

කොහොමද අපේ රජවාසල ඇත්තන්ගේ කෙරුම් කියුම් හා වැඩ කිඩ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි දේවල් තමයි කෙරෙන්නේ. වෙලාවට මෙය අධිකරණයට ගියේ. එසේ නැතිනම් මහා ඛේදවාචකයක් තමයි රටට වෙන්නේ...

:       2       48

ආරියවංසTuesday, 18 May 2021 08:26 AM

මොකක්ද කියන්නකෝ බලන්න ලංකාවට වෙන්න තිබුණු ඛේදවාචකය...? ලංකාවට වෙන්න ඕනෑදේවල් වෙලා ඉවරයි. මෝඩ තකතීරු ස්වාධීන රාජ්‍ය මනස්ගාතේ හින්දා තමයි ලංකාව බංගලාදේශයටත් පහළට වැටිලා තියෙන්නේ.වරාය නගරය කියන්නේ ලංකාවට ගොඩයන්න තියෙන අවස්ථාවක්. අප්පුහාමිලා වගේ බත් ගිල ගිල හිටියට රට සංවර්ධනය වෙන්නේ නෑ. සමහරු හිතාගෙන ඉන්නවා රට හැදෙන්න ජනතාව භාවනා කරන්න ඕනෑ කියලා. දවසට වේල් හතර පහ කාලා ගෙවල්, ව‍ාහන සියල්ලෙන් පරිපූර්ණ බුවාලා කීබෝඩ් වීරයෝ වෙලා එදා වේල කන්න නැති මිනිස්සුන්ට ජාත්‍යාලය වඩන්න උගන්නනවා. රට කියන්නේ මිනිස්සු... මහ පොළොව නෙමෙයි.

:       34       8

බමුණු.Tuesday, 18 May 2021 12:06 PM

නමින් නම් ආරිය වංශ. කිසිම ආර්ය ගතියක් හෝ වංශ ගතියක් නැහැ. තනිකරම චීනාට රට දෙන්න දඟලන නර පණුවෙකු වගෙයි පේන්නේ. බොරු කීබෝඩ් වීරයන් හා බොරු ජාත්‍යාලය පෙන්වා චීනාට තම මව්බිම විකිණීම හා බලවතුන්ගේ සට්ටන් රාලලා වීමට කැමති කව්ද කියන බව හොඳහැටි පේනවා.

:       6       27

SankaWednesday, 19 May 2021 07:06 AM

ආරියවංශ නමේ හැටියට නෙමෙයි කියුම් කෙරුම්... මෙයා තොත්ත බබා වගේ කියන කතා. ලංකාවේ ව්‍යවස්ථාවට වගන්ති 26ක් විරුද්ධයි. තව මොනවද මේ මෝඩයට කියලා දෙන්න තියෙන්නේ?

:       1       9

Gunawardana Tuesday, 18 May 2021 07:11 AM

ජනමත විචාරණයකට ඉදිරිපත් කරන්න මේ පනත අවුරුදු 10 න් 10යට අලුත් කළ යුතුයි යන්න ඇතුළත් කරන්න.

:       0       26

C.K.Lankaputhra Tuesday, 18 May 2021 07:15 AM

මම හූනා කිව්වා වගේ කියන්නම් වෙනදේ. "ඔව් අපි පනතේ තියන පටහැනි දේවල් අයින් කරලා අනික් ඒවා පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දෙන් සම්මත කරගන්නවා." කතාව හමාරයි, වැඩෙත් ගොඩ. මේවා රට්ටු ගොනාට අන්දන දේශපාලන උප්පරවැට්ටි...

:       3       59

nuwan Tuesday, 18 May 2021 07:24 AM

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති පනත් කෙටුම් පතින් ඉවත් කරලා සම්මත කරගනී. වැඩිය සතුටු වෙන්න එපා... මේක කොහොමත් මෙයාලා සම්මත කරගන්නවා.

:       1       28

Dhammika Tuesday, 18 May 2021 07:28 AM

විශේෂ බහුතරයකින් කියන්නේ වැඩේ හරි. 2/3ක් අරන් තියෙනවනේ... ඒකෙන් ගොඩ යයි. දැක්කද ටිකිරි මොලේ...?

:       1       19

chandada Tuesday, 18 May 2021 07:35 AM

දැන් නීතිපතිට සේවා දිගුවක් දේවි. පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත කරගන්න උපදෙස් දේවි. එතකොට ඉදිරි වැඩවලට ලේසිනේ...

:       2       16

de silva Tuesday, 18 May 2021 07:48 AM

වරාය නගරයට අලුතින් නීති අවශ්‍ය නැත. ඒක ශ්‍රී ලංකාවේම කොටසකි.

:       3       29

pradeepa Tuesday, 18 May 2021 08:04 AM

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කැඩෙන විදිහට අණපනත් හැදුවේ කවුද? මෙයාව අත්අඩංගුවට ගන්න බැරිද? මේක ප්‍රභාකරන් කළා වගේ වැඩක් නේ..

:       3       32

wedage Tuesday, 18 May 2021 08:11 AM

වංගුවක් ගහලා සම්මත කරගන්න බලන්න.

:       5       21

siri Tuesday, 18 May 2021 08:15 AM

අප්පට සිරි. මේ මක්කැයි වෙන්නේ?

:       2       17

Ratne Tuesday, 18 May 2021 08:37 AM

නැත වෙනසක් සර්..., ප්‍රභා, සහරාන්...

:       1       16

විජිත් Tuesday, 18 May 2021 09:16 AM

අපේ රටේ කොටසක් හොර චීනාට පවරාදීමට මැදමුලන රැල සහ වහලුන් විසින් හදපු හොර ගිවිසුමට විරුද්ධව හඬ නගපු සියලුම දේශප්‍ර්මී ශ්‍රී ලාංකිකයින්ටත්, ගිවිසුම හොඳින් අධ්‍යයනය කොට, අපක්ෂපාති තීන්දුවක් දුන් ගරු අධිකරණයටත් මගේ හදපිරි ආචාරය...!!!

:       1       19

විපරමා Tuesday, 18 May 2021 09:56 AM

පවුල් පාලනේ උදවිය එකතු වෙලා මොකක් හරි ගේමක් ගහයි.. දීපු ගේම්වල හැටියට ඕවත් වැඩද?

:       0       14

GalaparaWednesday, 19 May 2021 07:09 AM

අපි පවුල් පාලනය එනකොට කිව්වා රට විනාශම තමයි කියලා.. කොහේද මේ බයියන් ඉන්නකල් රටට කිසිම සෙතක් නැහැ.

:       0       4

sugath Tuesday, 18 May 2021 10:41 AM

වරාය නගරය රැකියා ජනනය කරන, රටට අදායමක් ගෙන එන ව්‍යාපෘතියක්... මෙවැනි ව්‍යාපෘති කිසිම හේතුවක් මත නතර කළ යුතු නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සංශෝධනය කර, ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කළ යුතුයි.

:       16       8

පිටරැටියා Tuesday, 18 May 2021 01:03 PM

රටේ පාලකයෝ පවුලේ උදවියනේ. මොන අවුල් තිබුණත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මේ අය කරලා තියෙන දේවල් දිහා බැලුවම ඕවත් වැඩද?

:       0       11

Rata Perata Wednesday, 19 May 2021 06:34 AM

සුනාමි සල්ලි හොරකම... අපේ සල්ලි වලින් සොහොන් හදපු ඒවයේ ඉඳලා රාජපක්ෂලා හැමදාම කළේ රටට විනකරන දේවල් තමයි. කරුමේ කියන්නේ මෝඩ බයියන් නිසා මොවුන්ට දඬුවම් දෙන්න බැරිවීමයි. ඒත් ඒකට කාලය ළඟදීම එනවා. බලාපොරොත්තු නැතිකරගන්න එපා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 88 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 862 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 773 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 222 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 219 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 871 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site