IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


වරාය පනත සරල බහුතරයෙන් සම්මත කරගන්නවා

(සුජිත් හේවාජුලිගේ හා අංජුල මහික වීරරත්න)

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට බ්‍රහස්පතින්දා කමිටු අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කර එය සරල බහුතරයකින් සම්මත කර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවැසීය.

පනත තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවටපැතිර යන කතාව අසත්‍යයක් යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

මහාචාර්ය ජී එල් පීරිස් මහතා එහිදී මෙසේද පැවසීය.

“වැරදි ප්‍රචාරයක් රට පුරා යනවා.වරාය නගර පනත තුනෙන් දෙකකින් සම්මත කරගන්න ඕන කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තියෙනවා කියලා.ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.නියම තත්වය මේකයි.රජය නීතිපති දෙපාර්තමේන්තුව හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට සංශෝධන ගණනාවක් ඉදිරිපත් කළා.ශ්‍රේෂ්ඨාධිකරණය ඒවා පිළිගත්තා .නඩු තීන්දුවේ ඒක තියෙනවා.එම සංශෝධන කමිටු අදියරයේදී පනතට ඇතුළත් කළොත් එතකොට කිසිම ප්‍රශ්නයක්නෑ.එතකොට සරල බහුතරයෙන් පනත සම්මත කරගන්න පුලුවන් බව නඩු තීන්දුවේ ඉතාමත් පැහැදිලිව තියෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන රජය පිළිගන්නවා. බ්‍රහස්පතින්දා කමිටු අදියරේ දී සභානායකවරයා ඒවා යෝජනා කරනවා.ඒවා නීතියට අන්තර්ගත කළ පසු විශේෂ බහුතරයක් අවශ්‍ය වෙන්නේ නෑ. ඒ වගේම ජනමත විචාරණයක්ද කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ.සරල බහුතරයකින් මේ පනත සම්මත කරගන්න පුළුවන්".

 



අදහස් (14)

වරාය පනත සරල බහුතරයෙන් සම්මත කරගන්නවා

pradeepa Tuesday, 18 May 2021 11:46 AM

මෙයාලා සංශෝධන දාලා අනුමත කළාට පසුව නැවත උසාවි යන්න පුළුවන්ද? මේකට විරුද්ධව...?

:       91       24

නන්නාදුනන හාදයා Tuesday, 18 May 2021 12:20 PM

ඕවා මොනවත් කරන්න ඕනෑ නැහැ. මෙයා සහ ඡන්දෙදී අත් උස්සන පාවාදෙන්නන් සියලුදෙනාටම දවසක මහපාරේදීම මරණ දඬුවම දෙන්න ඕනෑ. රටවැසියන් ඔක්කොම එකතුවෙලා. එ්ක තමයි අනාගතයේදී සිදුවෙන්නේ... අනිවාර්යයෙන්ම...

:       81       32

යෝගාTuesday, 18 May 2021 12:31 PM

ගිහින් උසාවිය බලල එන්න පුළුවන්...

:       1       24

sharm warn Tuesday, 18 May 2021 11:55 AM

ආ... එතකොට ඒකත් එහෙමද? ඔබට සතුටුයිද දැන්?

:       66       26

mihira Tuesday, 18 May 2021 12:21 PM

අත උස්සන අයට කීය ගානේ දෙනවද දන්නේ නෑ නේද?

:       39       25

විපරමා Tuesday, 18 May 2021 12:37 PM

නීතී විශාරදයෙක් වෙච්චි මහාචාර්ය උත්තමයා එහෙම කියනවා නම් තවත් කවර කතාද?

:       43       21

ශ්‍රී ලංකා Tuesday, 18 May 2021 01:03 PM

ලංකාවේ තැන් තැන්වල වැඩකරන චීන්නුන්ට පහර දෙන්න ඕනෑ. චීන්නු අපේ රටෙන් ගහලා පන්නන්න පෙරමුණ ගන්න.

:       38       13

සෑම් සෑම්Tuesday, 18 May 2021 02:01 PM

ඊට වැඩිය හොඳයිනේ සුපුරුදු ආකාරයට අං දෙකෙන්ම ඇනලා දැම්මා නම්....

:       1       22

parakkrama Tuesday, 18 May 2021 02:12 PM

රටවැසියා රවටන, ව්‍යවස්ථාවෙන් පන්දු ගසන, ජනතාවට විහිළු සපයන තවත් වයසක ජෝකර් කෙනෙකුගේ වදන්...

:       40       14

ජයන්ත මිලානො Tuesday, 18 May 2021 02:31 PM

ශ්‍ර්‍රී ලංකා, චීන්නුන්ට ගහලා හරියන්නේ නැහැ. චීන්නුන්ට ‍රට විකුණන අයට මීළඟ පාරත් ඡන්දෙ දීලා ඉන්න. එතකොට චීන්නු කියන විදිහට අපිට රටේ ඉන්න පුලුවන්... නැත්නම් මුහුදට පනින්න පුලුවන්... මොකද මේ අය හදන්නේ රට චීන‍ාට දීලා ඔවුන් වෙන රටවලට පදිංචියට යන්න...

:       38       16

galariya Tuesday, 18 May 2021 02:44 PM

හුරේ... !!! කොහොම හරි අපි පනත සම්මත කරනවා...

:       10       3

sugath Tuesday, 18 May 2021 03:57 PM

වරාය නගරය අපේ තරුණයින්ට රැකියා ජනනය කරන, රටට අාදායමක් ගෙනඑන ව්‍යාපෘතියක්... මෙවැනි ව්‍යාපෘති කිසිම හේතුවක් මත නතර කළ යුතු නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සංශෝධනය කර, ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කළ යුතුයි.

:       0       0

de silva Tuesday, 18 May 2021 04:10 PM

මෙතුමා ඇතුළු කණ්ඩායම නියෝජනය කරන්නේ චීන ජනතාවද කියලා මට හිතෙනවා. චීනෙට මේ විකුණන කම් මොවුන්ට නින්ද යන්නේ නැහැ.

:       0       0

Ashan Tuesday, 18 May 2021 07:52 PM

මේක සම්මත වුණොත් 69 ලක්ෂයටම සාපවෙනවා... ලංකාව චීන කොලනියක් කරනවාට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 88 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 862 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 773 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 222 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 219 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 871 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site