සිතුම් චතුරංග
කොළඹ සිටින ව්‍යාපාරිකයකු හට රුපියල් කෝටි දෙකක මුදලකට අලෙවි කිරීම සඳහා ටයිටන් වර්ගයේ වාලම්පුරි දෙකක් රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු කිලිනොච්චිය විශ්වමඩු ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විශේෂ වැටලීමක දී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පැවසීය.
වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් කිසියම් පුද්ගලයකු වෙත පෙන්වීම සඳහා වාලම්පුරි රැගෙන යතුරුපැදියකින් රැගෙන යමින් සිටි බවට අනාවරණය වූ බවද කීය.
සොයාගත් ඒ වාලම්පුරියක් අගල් 11 දිග ග‍්‍රෑම් 400 පමණ බරින් යුතු වන අතර අනෙක් වාලම්පුරිය අගල් නවයක් දිග ග‍්‍රෑම් 315 බරින් යුතු බවද සඳහන් කළේය.
සැකකරුවන් දෙදෙනා දුරකථන මාර්ගයෙන් හඳුනාගත් කොළඹ සිටින ව්‍යාපාරිකයකු වෙත ලබාදීම සඳහා සූදානම්ව තිබූ බවට සිදුකළ විමර්ශන වලදී අනාවරණය වූ බව පැවැසීය.
අත්අඩංගුවටගත් සැකකරුවන් කොඩිකාමම් වාරණි උතුර ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 27ත් 35 අතර වයසේ පසුවෙන්නෝ වෙති.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වාලම්පුරි දෙකක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
සත්‍යපාල Friday, 13 July 2018 07:41 AM
මොකක්ද මේ විහිලුව. මාළු අල්ලන්න පුලුවන්නම්, කකුළුවෝ අල්ලන්න පුලුවන්නම්, දකුණට කැරකුණ මේ කටු ඕන තරම් වෙරළේ තියෙනවනම් කවුරුහරි ගොනෙක් මෝඩයෙක් මිත්‍යා විශ්වාස කරන්නෙක් වමට කැරකුණ මේ කටුවක් කෝටි ගානකට ගන්නවානම් කවුරුහරි ඒ සල්ලි තියෙන ගොනාට ඒක ඉල්ලන ගානකට විකුණලා සල්ලි හොයා ගත්තාවේ. එතකොට ඔය ඉල්ලුමත් නැති වෙලා ඕවා තුට්ටු දෙකට වැටෙනවා. රජයක් විසින් මේවා අත් අඩංගුවට ගන්නේ. අපේ රටේ ආණ්ඩුත් මිත්‍යා විශ්වාස කරන ගොබ්බයන් කියන ඒක නේද ?
HafeelFriday, 13 July 2018 08:02 AM
මේ පාලකයන්ට කිසිම අවබෝධයක් නැහැ, මොනවද තහනම් කලයුතුයි, මොනවාද තහනම් නොකලයුතුයි කියල?
MaheeFriday, 13 July 2018 09:18 AM
සත්‍යපාල. ඔබ සමග 100% ක් එකඟයි. මේවා අවසාන වශයෙන් බෙලි කටු. බෙලිකටු ටිකක් කෝටියකට බැරි නම් ඕනෑම මිලකට ඕන ගොනෙක් ගත්තාවේ. මොකක්ද ආණ්ඩුවට තියෙන කැක්කුම? මොකක්ද මැදිහත් වෙන්න තියෙන උවමනාව? මොකක්ද මේකෙන් කැඩෙන නීතිය? අපේ පැටවූ මුහුදු වෙරළේ බෙලි කටු අහුලන එකත් වැරදිද?
KANDEPOLAFriday, 13 July 2018 09:27 AM
එතකොට කීර්ති දිසානායක නමෝ නාරායන මන්දිරේ මහා ලොකුවට ලොකු ලොක්කන්ට වාලම්පුරි විකුණන්නේ කොහොමද...?
banda Friday, 13 July 2018 08:07 AM
අත් අඩංගුවට ගන්න තරම් මේකේ ඇති වැරැද්ද මොකක්ද ?
lankaputha Friday, 13 July 2018 08:36 AM
ප්‍රශ්නය මෙවැනි වටිනාකම දුන්විට මුහුදේ එකම හක්බෙල්ලෙක් වත් නැතිව යාමයි........
tommyFriday, 13 July 2018 10:43 AM
මුහුදේ සිටින සියලු හක්බෙල්ලන් අල්වා නිම කල හැකිද? පොලිස් විශේෂ කාර්ය බළකාය අද යෙදවිය යුත්තේ බෙල්ලන් ඇලවීමට නොව, මත් කුඩු ජාවාරම්කරුවන් ඇල්වීමටයි.
සත්‍යපාලSaturday, 14 July 2018 08:01 AM
හක් බෙල්ලන්ගෙන් වාසනාව බලාපොරොත්තු වෙන හරක් තොග ගණන් නෑ. වැඩිම වුනොත් රටේම 400-500ක් විතර ඇති.
abaran Friday, 13 July 2018 08:56 AM
සත්‍යපාල මට කියන්ට ඕන දේ හරියටම කියල තියෙනවා....
දීපාක් කරුනාරත්න Saturday, 14 July 2018 03:03 AM
දන්නේ නැති නිසා අහන්නේ? වාලම්පුරි ලඟ තබා ගැනීම, විකිණීම තහනම්ද? එහෙමනම් පත්තරවල ඇඩ් දාලා නාවල, නුගේගොඩ පැත්තේ එක් කෙනෙක් මහා බලසම්පන්න වාලම්පුරි කියලා විකුණන්නේ. ඇයි අත් අඩංගුවට ගන්නේ නැත්තේ?
sena Saturday, 14 July 2018 08:08 AM
මේ අත් අඩංගුවට ගැනීමේ කිසිම සාධාරණත්වයක් මට නම් පේන්නේ නැහැ. බෙලිකටු ළඟ තබා ගැනීම ප්‍රවාහනය හෝ විකිණීම මම දන්නා තරමින් ලංකාවේ තහනම් කරලා නැහැ.
Nihal Saturday, 14 July 2018 04:21 PM
පිලිපිනෙට නැවකට ගේන්න පුළුවන්