ප්‍රසාද් රුක්මල්
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවැනි සහ තෙවැනි වසරවල අධ්‍යයනය පීඨ නැවත දැනුම් දෙන තුරු අද (24) වසා දැමූ බව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උප කුලපති ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවැසීය.
විශ්ව විද්‍යාලයේ පිහිටි ආපනශාලාව තුළ විශ්ව විද්‍යාලයේ දෙවැනි සහ තෙවැනි වසර සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙන් එම ගැටුම දුරදිග යාමට ඉඩ ඇති හෙයින් මෙම අධ්‍යයනය පීඨ වසා දැමීමට තීරණය කළ බව උප කුලපතිවරයා කීය.
හෙට (25) දහවල් 12ට පෙර දෙවැනි සහ තෙවැනි වසර අධ්‍යයනය පීඨ සිසුන් සිය නේවාසිකාගාර වලින් ඉවත්වන ලෙසට දැනුවත් කර ඇති බවද ඒ මහතා පැවැසීය.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
වෙල්ලස්සේ දෙවැනි-තෙවැනි අධ්‍යයනය පීඨ වසයි
මනිවාසකම් Tuesday, 24 April 2018 02:22 PM
ඕක විතරයි වහන් නැතුව තිබ්බේ. රටේ නමකුත් හැදෙමින් තිබුන. ලෙඩේ දැන් එකටත් ඇවිත්. ගොඩක් විශ්වවිද්‍යාලවල අයටත් ලොකු බලපොරෝතුවක් තිබුන මේකත් ඔය විදියට වෙන්න. දැන්නම් හරිම ලස්සනයි. ඔන්න ඇලුත් ගමන. ජයවේවා.
RaveendraTuesday, 24 April 2018 03:32 PM
මනිවාසකම් මයා වෙත, ඔබගේ අදහස්වලට මේ දරුවන්ගෙන් "වැස්සකටවත් ඉස්කෝලෙකට ගිය නැති" කෙනෙකු කියන කතා යයි "පායන කාලයට දිගටම ඉස්කෝලේ ගිය" මේ දරුවන් කියනු ඇත.
Kumara Tuesday, 24 April 2018 04:48 PM
ඔබට සතුටුයි ද දැන්?......
THILINA Tuesday, 24 April 2018 06:42 PM
විශීෂ්ට පරිපාලනයක මානුෂීය මුහුණුවර ජයවේවා!!!
දොන් ජුවාන් Wednesday, 25 April 2018 03:02 AM
රවින්ද්‍ර මහතා වැනි හාවර්ඩ් වැනි විශ්වවිද්‍යාල වල ගිය අයගේ අදහස් බොහොම වටිනවා. ඔයා වගේ අයගේ අදහස් රටක් කාලකන්නි කරන්න ඉතාමත් වටිනවා. වැස්සකටවත් ඉස්කෝලේ නොගිය මගේ අදහස් විතරවත් හිතන්න බැරි එක ගැන හරි දුකක් දැනෙනෙවා. මොකද ඔලුගෙඩියක් දුන්නට මොලේ කළදක්වත් ලැබිල නෙති නිසා.
RaveendraWednesday, 25 April 2018 11:22 AM
දොන් ජුවාන් මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. අප හාවර්ඩ් විශ්වවිද්‍යාල හීනෙන්වත් දැක නැත. එමෙන්ම අප "වැස්සකට හෝ අව්වකට ඉස්කෝලෙකට නොගියෝය". නමුත් ඉගෙනුම සඳහා පාසලටත් ඉන්පසුව ඔබලා විසින් කියා ගන්නා විශ්වයේ දැනුම ලබා ගැනීමටද වරම් ලබා එමගින් මහගු පලා නෙලාගෙන මේ මොහොතේත් එම ඵල නෙලමින් අපගේ මාතෘ භූමියට සේවය කරන්නෝය. අද දින, මේ මොහොතේත් ඔබ මෙන් ලක්මවගේ සියලුම පුරවැසියන් තුන්වේල බඩ පුරෝවා ගත්තේ අපගේ සේවයෙන් බව නොබියව සහ ඉතා නිහතමානීව පවසන්නෙමු. එමෙන්ම අප, අපගේ මාතෘ භූමිය කාලකන්නි කර නොමැති අතර එසේ කාලකණ්ණි වීමටද ඉඩ දෙන්නේද නැත. එමෙන්ම කිවයුතුදේ ඕනෑම කෙනෙකුට කීමට අප බිය නොවන්නෝය. අවසාන වශයෙන් අප අපගේ මාතෘ භූමියට කිසිවිටක ණය නැත. අප ලැබූ නිදහස් අධ්‍යාපනයෙන් අප මේ මොහොතේත් මවුබිම වෙනුවෙන් සේවය කරන්නෝය. එලෙසම අප ඉගෙනගන්නා සමයේ "කිසිදින අනිකාගේ වටිනා කාලය කාදැමුවේ නැත".