IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


විශ්‍රාම ගිය ලංවිම සේවකයින් යළි සේවයට කැඳවයි

(රංජන් කස්තුරි)

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක සේවිකාවන් ආරම්භ කර ඇති අඛණ්ඩ වර්ජනයට විසඳුමක් ලෙස විශ්‍රාමික විදුලි සේවකයින් වහාම සේවයට කැඳවීමට විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ඒ අනුව ඉකුත් 2014 සැප්තැම්බර් 1වැනිදාට පසු විශ්‍රාම ලැබූ ක්ෂේත්‍ර කාර්මික සේවයට අදාළ සේවකයින් හා රියදුරන් නැවත සේවයට කැඳවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අද(15) නිවේදනය කළේය.

ඒ අනුව එම සේවකයින් තමන්ගේ සේවය ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට කැමති නම් තමන් අවසන්වරට රාජකාරී කළ ස්ථානයට වහාම වාර්තා කළ යුතු බවද විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ ලේකම්වරයා නිවේදනය කරයි.



අදහස් (8)

විශ්‍රාම ගිය ලංවිම සේවකයින් යළි සේවයට කැඳවයි

පිටිගල මිලානෝ Friday, 15 September 2017 11:26 AM

සියයට සීයක් විදුලිබල සේවාවන් විදුලිබල මණ්ඩලයට කරගෙන යන්න දීමෙන් ඔවුන් ඒකාධිකාරයක් ගොඩනගාගත් ආයතනයක් බවට පත් වී ඇත. අත්‍යාවශ්‍ය සේවාවක් ඒකාධිකාරයක් මගින් නඩත්තු වීම නිසා ඔවුන්ට විශාල බලපෑමක් රටට ඇතිකළ හැකිය. ඒ නිසා මෙය ක්‍රමයෙන් විමධ්‍යගත කර බොහෝ නඩත්තු සේවාවන් කොන්ත්‍රාත් පදනම මත පෞද්ගලික අංශයට පවරන්න. එවිට රජයේ පිරිවැයද අඩුවන අතර කාර්යක්ෂම සේවාවක්ද සැපයේ. උපාධිධාරීන් ඇතුළු තාක්ෂණික ක්ෂේත්‍රයේ නව රැකියා සහ නව උපාංග අපගේ විදුලි පද්ධතියට එකතුවී එය රජයේ මුලිකත්වයක් නොමැතිවම නවීකරණය වීමද ක්‍රමයෙන් සිදුවේ. ඉතාලිය වැනි දියුණු රටවල සිදුවන්නේ මෙලෙසයි.

:       645       809

sarath Friday, 15 September 2017 02:27 PM

හැට පැන්න අය කොහොමද ලයිට් කණුවලට නගින්නේ. මතක තියාගන්න safety FIRST හොඳේ

:       30       3

sarath Friday, 15 September 2017 03:26 PM

පිටිගල දැනටමත් විදුලිබල, නව සැපයුම්, නව ඉදිකිරීම්, නඩත්තු කටයුතු, වාහන ආදිය 80% ක් කොන්ත්‍රාත් පදනම මත පෞද්ගලික අංශය මගින් සිදුකරයි.

:       1       0

Lapaya Friday, 15 September 2017 04:11 PM

පිටිගල ඕකත් වරාය වගේ අවුරුදු 100කට විකුණලා දැම්මොත් හොඳ නැද්ද?

:       0       0

ලංවිම ජාතික සේවක සංගමය Saturday, 16 September 2017 04:22 AM

මෙයට දියහැකි විසඳුම පැලැස්තර දැමීම නොව, වර්ජනයට සාධාරණ හේතුව වූ 2015 ජනවාරි 8 (මැතිවරණය අතරතුර) ඉංජිනේරුවන් සිදුකරගත් මහා වැටුප් මංකොල්ලය නිවැරදි කිරීමයි.

:       46       445

shan saudi Saturday, 16 September 2017 05:05 AM

ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් දීපව්‍යාප්තව අඛණ්ඩව ආරම්භ කර ඇති වැඩවර්ජනය නිසා ඔවුන්ගේ සේවාවන් ඉටු කිරීමට ත්‍රිවිධ හමුදාවේ සහ විශ්‍රාමික විදුලි සේවකයන්ගේ සහයෝගය ලබා ගැනීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව පාරිභෝගිකයින්ට අඛණ්ඩව විදුලිය ලබා දීමටත්, විදුලි බිඳවැටීමකදී එය යථා තත්ත්වයට පත් කිරීමටත් ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ලබා ගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය. එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ අනියම් හා කොන්ත්‍රාත් සේවකයින් සිකුරාදා (15) අනිවාර්යයෙන් සේවයට වාර්තා කළ යුතු බව කළමනාකාරිත්වය දැනුම් දීම නිසා ඔවුන් එදින සේවයට වාර්තා කර තිබිණි. මේ අතර 2017.09.01 දා සිට විශ්‍රාම ලැබූ විදුලි සේවකයන් ද නැවත සේවයට කැඳවා ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට ද කළමනාකාරිත්වය පියවර ගෙන තිබිණි. මෙම සේවකයින්ට ‍පොලීසිය යොදා සම්පූර්ණ ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන බවද ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය. ඉතාම හොඳ ක්‍රියාවක්... හැකිනම් යුධ හමුදාවේ කණ්ඩායම් දෙකක් හෝ තුනක සියලු විදුලිබලාගාර හා ප්‍රධාන සැපයුම් උප සැපයුම් ස්ථානවලට යෙදවීමට හැකිවන පරිදි පිටරටක විශේෂ පුහුණුවක් ලබා දී බල ගන්වන්න...

:       0       137

lanka Saturday, 16 September 2017 01:26 PM

ඉංජිනේරුවන් අසාධාරණ සහ නීති විරෝධී ලෙස හොර කාපු වැටුප් නැවත අයකරගෙන සැමටම සාධාරණ ලෙස ලබා දෙන්න. එක එක්කෙනාගේ අසාධාරණ වියදම් පියවීමට රටේ ජනතාව සූදානම් නැහැ.

:       0       0

sara Saturday, 16 September 2017 07:58 PM

ශාන් ඔයාලා ඔහේ ඉගෙනගෙන කියවන්න එපා... නැවත සේවයට එන සෑම සේවකයෙකුට ආරක්ෂාව දෙන්න තවත් ආරක්ෂක නිලධාරීන් ඉන්නවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

උඩරට දුම්රිය මාඟේ නාය යාම වළක්වන්න පියවර
2025 පෙබරවාරි මස 05 2 0

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ


පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 14 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 72 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 167 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 765 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 2675 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site