IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 2046 ක් අත්අඩංගුවට

 
(ඉන්දිකා රාමනායක)


උත්සව සමය ඉලක්ක කරගෙන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මුළු දිවයින සියලූ පොලිස්බල ප‍්‍රදේශ ආවරණ වන පරිදි පැය හතරක් පුරා සිදුකළ හදිසි විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 2046 දෙනක් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථාන කියයි.

ඊයේ  (28) රාති‍්‍ර 11.00 සිට අද  (29) අලුයම 3.00 දක්වා මෙම මෙහෙයුම සිදුකර තිබු අතර පොලිස් නිලධාරීන් 15139 දෙනෙක් ද, පොලිස් නිල සුනඛයින් 21 දෙනෙක් ද මේ සඳහා සහභාගි කරගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර බීමතින් රියපැදවු පුද්ගලයින් 738 දෙනෙක් ද, සැකපිට අත්අඩංගුවට ගත් පිරිස 735 ක් ද,  වරෙන්තුකරුවන් 496 දෙනෙක් ද,  අපරාධ සඳහා අවශ්‍ය සැකකරුවන් 77 දෙනෙක් ද,  සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

මෙම මෙහෙයුමේ දී රථවාහන නඩු 4850 ක් ලබාගෙන ඇති අතර  නීති විරෝධී ගිනි අවි තුනක් ද පොලිස් බාරයට ගෙන තිබුණි.

හෙරොයින් ග‍්‍රෑම් 40 මිලි ග‍්‍රෑම්  12 ක්,  ගංජා  කිලෝ 2 යි  ග‍්‍රෑම් 826 ක්,   නීති විරෝධී මත්පැන්  ලීටර් 34319 යි මිලි ලීටර් 832 ක්,  වෙනත් මත්පැන්  ලීටර් 15921 ක්,  වෙනත් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 391 ක් ද  මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගත් බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.
 



අදහස් (2)

විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 2046 ක් අත්අඩංගුවට

PA - RA Friday, 29 December 2017 03:05 PM

වැඩේනම් බොහොම හොඳයි. නමුත් වාහනේට වඩා පුංචි පාරේ ඉරි කැපුවා කියලා රථවාහනවලට කරන චෝදනා නම් හරි වැරැදියි. පැත්තෙන් දාන ත්‍රීවීල් ගැන නම් පොලිසියේ කිසි බලපෑමක් නැත්තේ එයාලට බයටද?

:       0       20

Sathyayaa Saturday, 30 December 2017 04:12 AM

හොරකම් කර අසුවුණු කෙනාව නිදැල්ලේ යන්න හැරලා සැකකරන අය 2046 ක් අල්ලා ගත්ත කියලා පොලිසිය උදම් අනන කොට ඕවා මාධ්‍යයට එවන අයත් ඉන්නවනේ. පහළ ඉන්න අයගේ සොරකම් කිරීමට අපරාධ කිරීමට ඇති බිය, සැක නැති කලේ ඉහළ තලයේ වැජඹුන අයයි. ඔන්න ඔය අසාධාරණය නැති කරන තුරු මෝර ගණයේ හොරුන්ට දඬුවම් කරන තුරු, හාල් මැස්සන් සමග කරන හොරා පොලිස් සෙල්ලම තාවකාලිකව හෝ නතරකර නීතියේ හිඩැස් වසා දමන්න උත්සාහ කරන්න.

:       22       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 83 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 191 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 123 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 151 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 316 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1970 2

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site