(ඉන්දිකා රාමනායක)
කොළඹ නගරයේ තැන තැන නවතා තැබෙන වාහන සොරාගෙන ගොස් පංචිකාවත්ත සේන මාවතේ මහල් නිවාස සංකීර්ණයේ ඇති ගරාජයේ සඟවා ඒවායේ කොටස් ගලවා අලෙවි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනක් සංවිධනාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි.
කිරුළපන ප‍්‍රදේශයෙන් මීට මාසයකට පෙර සොරකම් කරන ලද රුපියල් 450,000 ට අධික වටිනා නවීන යතුරු පැදියක් රුපියල් 75,000 ක මුදලකට අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේ දී මෙම සියලූ තොරතුරු හෙළිකරගෙන ඇත.
මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු දැනට රිමාන්ඩ් බාරයේ පසුවන්නකු බවත් ඔහු රිමාන්ඩ් බාරයේ පසුවීම නිසා ඔහුගේ උපදෙස් මත මෙම සියලූ කටයුතු සිදුකර ඇත්තේ ඔහුගේ ප‍්‍රධාන ගෝලයකු බවද පොලිසිය සඳහන් කරයි.
එම සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේ මොවුන් මෙම වාහන සොරාගන්නා අයුරු හා ඒවා සේන මාවතේ මහල් නිවාස සංකීර්ණයේ ඇති ගරාජයේ සඟවා තබා කොටස් ගලවන අයුරු සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරගෙන ඇත.
ඒ අනුව පොලිසිය සේනමාවතේ පිහිටි ගරාජය වටලා පරික්ෂා කිරීමේදී සැකකරුවන් විසින් සොරාගෙන සඟවා තැබු යතුරු පැදි තුනක්, ති‍්‍රරෝද රථයක්, හා යතුරුපැදි පහක පමණ ගලවන ලද අමතර කොටස් සොයාගෙන තිබුණි.
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
වාහන අමතර කොටස් ගලවා අලෙවි කළ තුනක් අත්අඩංගුවට
ඩී. ජයදේව Tuesday, 19 September 2017 03:00 PM
මේ මිනිස් කසල රටින් අතුගා දැමිය යුතුය