IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


’ශ්‍රිපාදස්ථානය අඹගමුව ප්‍රා.සභාවෙන් වෙන් වීමෙන් ගැටුම් ඇතිවෙනවා’

(රන්ජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකර)

අඹගමුව ප්‍රාදේශීය සභාව ලෙස පැවැති බල ප්‍රදේශය පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගේ ගැසට් නිවේදනය හේතුවෙන් කොටස් තුනකට කැඩීමෙන් ශ්‍රීපාදස්ථානය ද්‍රවිඩ ජන කොටස් සහිත ප්‍රදේශයකට නතුවන බවත් ඉන් බෞද්ධයින්ට හිමි තැන නැතිවී ජනවාර්ගික ගැටුම් ඇතිවිය හැකි බවත් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (15) දැනුම් දුන්හ.


අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළකාලන්නැයි ඉල්ලමින් අඹගමුව ප්‍රාදේශිය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු  පවරා ඇති පෙත්සමට අතරමැදි පෙත්සම්කරුවන් ලෙස මැදිහත්වෙමින් ශ්රීත පාදස්ථානාධිපති හිමියන් සහ සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්නුහ.
මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් සහ අනිල් ගුණරත්න යන මහත්වරුවන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.


මෙලෙස නව පළාත් පාලන ආයතන හේතුවෙන් ප්‍රදේශයේ ඓතිහාසික සංස්කෘතික පදනම විනාශ වන බවත් වාර්ගික පදනම වෙනස් වන බවත් පෙන්වා දෙන පෙත්සම්කරු සිංහල බෞද්ධ ජනතාවගේ අයිතීන් උල්ලංඝණය වී ජනතා සංහිදියාව නැතී වී යන බවත් ඒ තුලින් ජනවාර්ගික ගැටුම් නිර්මාණය විය හැකි බවත් පෙන්වා දෙයි.



අදහස් (15)

’ශ්‍රිපාදස්ථානය අඹගමුව ප්‍රා.සභාවෙන් වෙන් වීමෙන් ගැටුම් ඇතිවෙනවා’

kavantissa Friday, 15 December 2017 07:32 PM

ගැටුමක් නැතිව කිසිවක් කරගන්ට බැරි අය ඉන්න රටක් තමයි අපේ මුතු ඇටය.

:       144       1

වත්සලා සේනාධීර Friday, 15 December 2017 11:20 PM

ඔන්න දැන් සමහරු කොමෙන්ට්ස් දායි බුද්ධාගමට බැනලා හාමුදුරුවරුන් බයිට් එකට අරන්.

:       0       185

appuhami Saturday, 16 December 2017 02:02 AM

ප්‍රශ්න නැතිවට ප්‍රශ්න! ඇයි එකමුතුවෙන් සමගියෙන් ඉන්න බැරි?

:       251       5

janaka Saturday, 16 December 2017 05:58 AM

අප්පුහාමි නමැති අන්වර්ථ නාමයෙන් පෙනීසිටින මෝඩ පුද්ගලයාට ලියන්න කියන්න දෙයක් නැත්නම්, මේ රටට විනකරන්නේ නැතුව නිදා ගන්න.

:       0       264

nimal madawala Saturday, 16 December 2017 06:48 AM

මේක සම්පූර්ණ බොරුවක්... මොකද හේතුව දන්නවද? මේ ගොල්ලන් වහලා ගහන්නේ, අඹගමුවට ශ්‍රීපාද කාලයට බොහොම ලොකු අාදායමක් ලැබෙනවා. දැන් එය අහිමිවෙන නිසා මේ අය නිකන් ජනමතයක් හදනවා ශ්‍රීපාදය මොන පැත්තට ගියත් මොකද, හැම ජනකොටසක්ම යනවා මෙතනට, ඔය මහා ලොකු සිංහල බෞද්ධ කියන අයට වඩා දමිල ජනතාව ආගමට, දහමට බොහොම ලැදි ජාතියක්, මෙතනම පේනවා සිංහලයන් මොන තරම් කුහකද කියලා... මේ ගොල්ලො තම සංහිඳියාව නැතිකරන්නේ මේක සිංහලයට අයිති නම් දමිල ජනයා කියාවි අපට මේක එපා කියලා... නමුත් දමිළ ජනයා මේ ගැන හිතලත් නැහැ, කතා කරලාත් නැහැ. මොනවද මේ ජනවාර්ගික ගැටුම් ගැන කතා කරන්නේ? මෙය කියන්නේ ඇතිවිය හැකිය කියා, මේක එයාගේ මතය මිසක් සමස්ත සිංහල ජනතාවගේ මතය නොවන බව කියන්න ඕනෑ... ශ්‍රී පාදය කියන්නේ කිසිම ජාතියකට, කිසිම ආගමකට, හිමිතැනක් නොව මෙය පොදු ස්ථානයක් බවත් හැම ජනකොටසක්ම යන තැනක් බවත් මතක් කරමි.

:       7168       308

IndikaSaturday, 16 December 2017 11:36 AM

අනේ, බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී පතුල කාටත් පොදු දෙයක්ද?

:       3       1716

rocky Saturday, 16 December 2017 01:33 PM

ජනක මහත්තයෝ: අන්වර්ථ නාම කියන්නේ අර්ථයට අනුව තබන නම් වලටයි. නිදර්ශන: කළු මිටි මිනිහෙකුට `කාලගෝලයා`, ගඳ මිනිහෙකුට `උරුලැවා යනුවෙන් ` යෙදීම. සත්‍ය නම නැතුව පාවිච්චි කරන වෙනත් නාමවලට කියන්නේ ආරුඪ නාම කියලයි.. අප්පුහාමි උන්නැහේ රටට වින කරන බවක් මට නම් පෙනෙන්නේ නැහැ. රටට ඇත්ත වශයෙන්ම වින කරන්නේ අන්ත ජාතිවාදී අන්ත ආගම්වාදී මත වල එල්බ ගත් මිනිස්සු!

:       415       14

GihanSaturday, 16 December 2017 02:16 PM

ඕං ඇත්ත අප්පුහාමිට රිදිලා. පව් නේ. ඔයා කොහොමද දන්නේ නෑ සාක්ෂි හෙව්වේ. අමාරු ඇති ගොඩක් සාක්ෂි හොයලා. පව් නොදී ඉන්න.

:       0       145

SirimewanSaturday, 16 December 2017 02:33 PM

පුහුල් හොරා කරින් දැනේ කියන්නේ ඕක තමයි රොකියෝ. සිංහ වෙස් ගත්තට හිවලුන්ට අනිත් උන් හූ කියනකොට හූ කියවෙනවා නිකන්ම.

:       0       165

rocky Saturday, 16 December 2017 01:40 PM

බුදුන් වහන්සේ ලංකාවට තුන් වරක් පැමිණි බව සමහරු විස්වාස කෙරුවත් අයිතිහාසික වශයෙන් ඒ කතාව තහවුරු කරන්න සාධක කිසිවක් නැහැ. උන්වහන්සේ මෙහි පැමිණ ඔය කන්ද වගේ දුෂ්කර තැනක පා සටහනක් තැබුවා කියා මට නම් කොහොමවත් පිළිගන්න බැහැ! සිරිපාදේ තිබුනත් නොතිබුනත් එයින් බුද්ධ ධර්මයට කිසිම මදිකමක් වෙන්නෙත් නැහැ!

:       362       1

චිරන්තSaturday, 16 December 2017 02:31 PM

ක්වොන්ටම් භෞතික විද්‍යාව දන්නේ නැති අයට සෘද්ධි ප්‍රාතිහාර්යය කියන්නේ මැජික් එකක්. ඒත් ඒක ප්‍රබල තාක්ෂණයක් බව දන්න බෞද්ධයන්ට තේරෙනවා. බුදුරජාණන් වහන්සේට මේක සුළු දෙයක්... මහත්තයෝ ලෙස්ට්‍රෙඩ්ලට කවදාවත් ඇස් දෙකටම පේන සාක්ෂි තේරුම් ගන්න බුද්ධියක් නෑ.

:       1       226

BimalSaturday, 16 December 2017 02:36 PM

අපේ බෞද්ධයින්ගේ ආගමික ස්ථාන ගැන අනිත් ආගම් වල අයට පුදුම කැසිල්ලක්නේ තියෙන්නේ...

:       1       207

සිම්පල් සයිමන් Saturday, 16 December 2017 11:05 PM

සංස්කෘතිකමය වශයෙන් සම්ප්‍රදායිකව පවතින විශ්වාසයන්ට අභියෝග නොකිරීම සම්ප්‍රදායකි. පුරාණයේ වර්ෂ මැනීමේ ක්‍රමයවූයේ සුර්යයා, පුර සඳ හෝ අවසඳ සම්බන්ධ කරගෙනයි. අදටත් සම්ප්‍රදායිකව පවතී. නව වර්ෂ ක්‍රමය සැසඳීමේදී යම් යම් ගැටළු පවතී. පෙර කාලයේදී මිනිසුන් අව්වේ වැඩකර මහන්සි වූවිට මුහුණ, අත් පා සෝදා සෙවණකට වී සැහැල්ලුවෙන් ගිමන් හරින ලදී. අදටත් සාම්ප්‍රදායිකව හෝ ආගමික ව මේ ක්‍රමය භාවිතා කරයි.. රැවුල කැපීමේ අපහසුතා නිසා රැවුල වවන ලදී. අදටත් සමහරුන් සම්ප්‍රදායිකව හෝ ආගමික වශයෙන් රැවුල වවයි. වාල්මිකිගේ "රාමායනය", ශ්‍රී ජයදේව් ගේ " ගීත ගෝවින්ද " යන සාහිත්‍ය පොත් ඉතිහාසයට එක්වී ඇත. සම්ප්‍රදායිකව මේ කතා වලට කිසිවෙක් අභියෝග නොකරයි.

:       0       0

UpasakaSunday, 17 December 2017 03:33 AM

කිසිම ආගමික ශාස්තෘවරයෙක් ඉපදුණු දිනය පිළිබඳ ඉතිහාසයේ නිත්‍ය දිනයක් දක්වන්න බැහැ. දැනට භාවිතා වන කැලැන්ඩරය රෝම කැලැන්ඩරය නිසා. මේ උපකල්පනය කර දමන දිනයක් පමණි. නමුත් එය නිවැරදි යැයි විශ්වාස කරනවා.

:       0       0

rocky Monday, 18 December 2017 01:34 AM

මේකේ තියන සමහර කොමෙන්ට්ස් වලින් සමහරුන්ගේ බුද්ධි මට්ටම අනාවරණය වෙනවා. රාමායන කෙප්පය කොහොමද ඉතිහාසයට එකතුවුනේ? ජයදෙවගේ ගීත ගොවින්දය මොකද්ද තියන ඉතිහාස කතාව.? රාමායනය ගැන කතා කරන බොහොම `පණ්ඩිතයෝ ඒ පොත අඩු ගන්නේ දැකපු උන් වත් නොවෙයි! අපේ රටේ බෞද්ධයෝ ඉන්නව නම් ඒ අතලොස්සක් පමණයි. උත්පත්තියෙන් බවුද්ධකම ලැබුන හින්ද වුනත් ධර්මය නොපිළිපදින, ලේබල් බවුද්ධයෝ තමයි, බහුතරය.. ගාථාව කියල මල් පුජ කිරීමෙන්, විභාගෙන් පාස් වෙන්න බෝධි තැබීමෙන්, `බවුද්ධකම` ගැන උජාරුවෙන් කතා කිරීමෙන් ඇති පලක් නැහැ. මේ රට ඊනියා ධර්මද්වීපේ නම්, මෙච්චර අපරාධ, දූෂණ මේකේ තියෙන්නේ කොමද? නිකං බොරු සෝබනේට, `අපි තමයි, බුද්ධාගමේ අයිතිකාරායෝ` කියල උජාරු වෙන්නේ මොන පලකටද? ඇත්ත කතා කරනවට මොකද අකමැති?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 275 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 224 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 381 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1214 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 1030 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1388 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 459 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 242 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site