ශ්රී ලංකා නිදහස් පක්ෂය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නව දිස්ත්‍රික් නායකයන් පත් කිරීම සිදු කෙරිණි.
ජනාධිපති කාර්යාලයේ දී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් නව සංවිධායකවරු නව පත්වීම් ලිපි ලබා ගත්හ.
පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම නව පත්වීම් ප්‍රදානය සිදු කෙරුණු අතර, ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව ද නව සංවිදායකවරුන්ට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේ ය.
එම නව සංවිධායකවරුන් පහත පරිදි වේ
01- බදුල්ල දිස්ත්‍රික්කය - නිමල් සිරිපාල ද සිල්වා මහතා
2- මහනුවර දිස්ත්‍රික්කය - එස්.බී. දිසානායක මහතා
03- හම්බන්තොට දිස්ත්‍රික්කය - මහින්ද අමරවීර මහතා
04- කළුතර දිස්ත්‍රික්කය - මහින්ද සමරසිංහ මහතා
05- කුරුණෑගල දිස්ත්‍රික්කය - නීතිඥ දයාසිරි ජයසේකර මහතා
06- අනුරාධපුර දිස්ත්‍රික්කය - දුමින්ද දිසානායක මහතා
07- කෑගල්ල දිස්ත්‍රික්කය - රංජිත් සියඹලාපිටිය මහතා
08- ගම්පහ දිස්ත්‍රික්කය - ලසන්ත අලගියවන්න මහතා
09- මාතලේ දිස්ත්‍රික්කය - නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා
10- කොළඹ දිස්ත්‍රික්කය - තිලංග සුමතිපාල මහතා
11- ගාල්ල දිස්ත්‍රික්කය - ශාන් විජයලාල් ද සිල්වා මහතා
12- මාතර දිස්ත්‍රික්කය - ඩී. විජය දහනායක මහතා
13-අම්පාර දිස්ත්‍රික්කය - නීතිඥ ශ්‍රීයානි විෙජ්වික්‍රම මහත්මිය
14-මඩකලපුව දිස්ත්‍රික්කය - එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා
මඩකලපුව දමිළ නියෝජනය - ගුණරත්නම් හරිදරන් මහතා
15-යාපනය /කිළිනොච්චි දිස්ත්‍රික්ක - අංගජන් රාමනාදන් මහතා
16-වන්නි දිස්ත්‍රික්කය (මන්නාරම, මුලතිව්, වව්නියාව)- කේ. කාදර් මස්තාන් මහතා
17-නුවරඑළිය දිස්ත්‍රික්කය - ඩබ්ලිව්.ජී. රණසිංහ මහතා
18- රත්නපුර දිස්ත්‍රික්කය - අතුල කුමාර රාහුබද්ද මහතා
19- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - ඩබ්ලිව්.ජී.එම්.එම්. ආරියවතී ගලප්පත්ති මහත්මිය.
(36698)
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
ශ්රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා
ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ශ්‍රීලනිප දිස්ත්‍රික් නායකයෝ පත් කෙරෙති
siri Wednesday, 23 January 2019 12:56 PM
මෙතන ඉන්නේ 19 දෙනයි නේද? ඉතිරි දිස්ත්‍රික්ක තුනට දාන්න කවුරු හරි හොයාගන්න බැරිවෙලා වත්ද?
sandy123Wednesday, 23 January 2019 01:44 PM
රට අලුත් වෙලා. දිස්ත්‍රික්ක 19යි දැන් තියෙන්නේ.
Amila Wednesday, 23 January 2019 07:19 PM
ඉතුරු වෙලා ඉන්න ටිකට තනතුරු බෙදලා වගේ.
ranjith Thursday, 24 January 2019 02:00 AM
නායකයෝ කීප දෙනා විතරයි ඡන්දෙ දෙන කට්ටියක් නම් කිසිම ගමක හොයාගන්න නැත
Chanak los angeles Thursday, 24 January 2019 03:35 AM
රට කන පරපෝෂිතයින්...
Pandith Thursday, 24 January 2019 05:21 AM
අය්යෝ...අය්යෝ... ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගිය කල.බණ්ඩාරනායකවරු වලෙන් නැගිටලා එන්නත් බැරි නැහැ.සෙල්ලම් ආණ්ඩු හදල රටට කරපු විනාසෙන් ඡන්දෙ දෙන කට්ටියක් නම් කිසිම ගමක හොයාගන්න නැත.
asoka Thursday, 24 January 2019 06:52 AM
කිසිදෙයක් දන්නෙ නෑවගේ බබාල වගේ පව් කියලා හිතෙනවා මේ අහිංසකයන්ට. සුදු නිල් ඇදගෙන ඉන්න පිරිසිදු පාට නේද?