IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ශ්‍රේෂ්ඨාධිකරණ මතය ජනපතිට

(තිළිණි  ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ )

තම ධුරය දැරිය හැකි කාලය පිළිබඳ මතයක් ප්‍රකාශ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කර ඇති ඉල්ලීම  සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඉදිරියේ දී ජනාධිපතිට දන්වා යවන බව ශශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීන්දු කළේය.

ජනාධිපති කළ එම සළකා බැලීමට අගවිනිසුරුවරයා ඇතුළු  පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් අද (11) පෙරවරුවේ විවෘත අධිකරණයේ රැස් වීණි.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ත් මහතා එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර  ඊවා වනිසුන්දර, බුවනෙක අළුවිහාරේ, කේ.ටි. චිත්‍රසිරි හා සිසිර ද අබෘ යන සෙසු විනිසුරුවන් එහි කටයුතු කරනු ලැබූ අතර විවිධ පාර්ශව වෙතින් ඊට පක්ෂව හා විපක්ෂව කරුණු  දැක්වීම් සිදු විණි.

මෙහිදී නීතිපතිවරයා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාට පවතින ව්‍යවස්ථාව යටතේ වසර හයක් ධූර කාලය හෙබවිය හැකි බවය.

ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමා බලයට පත් වන විට පැවැති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමාගේ ධුර කාලය අවුරුදු හයක් වුවද මෑතකදී සම්මත කරගත් 19 වැනි සංශෝධනය අනුව එය අවුරුදු පහක් දක්වා අඩු කළ බව යි. 

ඒ අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් ද නැතිනම් 6ක් ද යන්න සොයා බලා ලබන 14 වැනිදාට පෙර මතය ප්‍රකාශ කරන ලෙස කළ ඉල්ලීම මත එය අද දවස පුරා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සළකා බැලිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා අර්ථ නිරෑපණ සදහා බලය පවතින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. 



අදහස් (6)

ශ්‍රේෂ්ඨාධිකරණ මතය ජනපතිට

manoj Thursday, 11 January 2018 12:10 PM

යහපාලනේට ඡන්දේ දීපු කෙනෙක් හොයන්න දැන් හරි අමාරුයි.

:       137       226

vipula Thursday, 11 January 2018 12:43 PM

මේකත් ඡන්ද කාලේ කරන තවත් විහිළුවක්.

:       0       16

de silva Thursday, 11 January 2018 02:54 PM

මේක මෙහෙම අවාට ගියාට තීරණය කරන්න බැහැ අඩුම තරමේ මාසයක් දෙකක්වත් කල් දෙන්න ඕනේ ජනතාවට අදහස් දක්වන්න. ලංකාවේ අනිත් නඩු අවුරුදු ගණන් ඇදෙන එකේ මේක දවසෙන් දෙකෙන් විසදන්න කිසිම හදිස්සියක් නැහැ. තව අවුරුදු 2ම කල් තිබෙනවානේ

:       11       2

Saminda Friday, 12 January 2018 02:29 AM

ශේෂ්ටධිකරණය හෝ නිතිය කෙසේ පැවසුවත් එතුමාට සධාචාරාත්මක වසර 6ක් සිටීමට අයිතියක් නැ, එතුමා ගෙනාපු 19 වැනි සංසෝදනය එතුමාට අධාල නැත කියන්නේ ,

:       0       27

Chandra Friday, 12 January 2018 03:20 AM

පක්ෂ පාට නොබලා රටට සේවය කරන්න ඇවිල්ල දැන් කොච්චර කල් තනතුරේ ඉන්න පුලුවන්ද කියල බලනවා . පොරොන්දු වූ පරිදි දුෂිතයන්ට දඩුවම් නෑ. ස්වාදීන කොමිෂන් සබා වලින් වැඩක් තියනවද ?

:       0       129

Patta sira Friday, 12 January 2018 12:36 PM

දින 100 කින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ආ මිනිහා තමන්ම අඩුකරගත් වසරක ධුර කාලය යලි ඉල්ලයි.

:       0       101

ඔබේ අදහස් එවන්න

 

 

මහ පුවරුව

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 1801 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


අපි ඔක්කොම එකම බිමක අරගලකරුවන්
2025 පෙබරවාරි මස 04 1929 14

රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.


නිදහස් උළෙල ඇරැඹෙයි
2025 පෙබරවාරි මස 04 1695 4

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.


තවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි
2025 පෙබරවාරි මස 03 3120 9

නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා


කෝටි ගණනක ලුණු විනාශවෙන්න ඇරලා
2025 පෙබරවාරි මස 03 3693 8

ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්


කසිප්පු වලියකට තුනක් මරලා
2025 පෙබරවාරි මස 02 2694 7

වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site