IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ශ්‍රී ලංකාව දෙවැනි තැනට

(හර්ෂණ තුෂාර සිල්වා)

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පාලනය කිරීම, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව යනාදී සියලු කරුණුවලදී රටවල් 108 ක් අතරින් දෙවැනි තැනට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

චීනයේ ප්‍රකට මූල්‍ය බුද්ධි මණ්ඩලයක් වන ‘වයි.අයි.සී.ඒ.අයි පර්යේෂණ ආයතනය’ කරන ලද පුළුල් සමීක්ෂණයකින් එලෙස දෙවැනි තැනට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව සිටී.

නව කොරෝනා වයිරසයට එරෙහිව සටනේදී ජාත්‍යන්තර තුළ ශ්‍රී ලංකාවට හිමි වූ විශාලතම පිළිගැනීම මෙය යැයි මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

ඉංග්‍රීසි බසින් නිකුත් කෙරෙන මෙහි සම්පූර්ණ වාර්තාව ලබන මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම ලැයිස්තුවේ මුල් තැන හිමිව ඇත්තේ චීනයට වන අතර අප්‍රිකානු මහද්වීපයේ ඝානාව තෙවැනි තැනට පත්ව ඇත. චීනය, ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, නවසීලන්තය, වියට්නාමය සහ කාම්බෝජය යනාදී ආසියා ශාන්තිකර කලාපයේ රටවල් මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන දහයට පැමිණීම විශේෂත්වයකි.

කොවිඩ්-19 පාලනය කිරීම ඇතුළු ඉහත සඳහන් කරන ලද කරුණුවලදී යුරෝපා රටවල් අතරින් මුල් තැනට පැමිණ ඇත්තේ ඩෙන්මාර්කය සහ ජර්මනියයි. ඩෙන්මාර්කය 21 වැනි ස්ථානයටත් ජර්මනිය එහි 23 තැනටත් පත්ව ඇත.

ලොව නව කොරෝනා වයිරස ආසාදිතයන් වැඩිම ගණනක් සහ මරණ වැඩිම ගණනක් වාර්තා වන ඇමෙරිකාව 98 වැනි තැනටත් තෙවැනියට වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන බ්‍රසීලය එහි 89 වැනි තැනටත් පත්ව ඇත. ප්‍රජාව තුළ ප්‍රතිශක්තීරණය ජනනය කිරීමේ මතභේදාත්මක ප්‍රතිපත්තියක් අනුගමනය කළ ස්වීඩනයට මෙම ලැයිස්තුවේ හිමිව ඇත්තේ 90 වැනි තැන ය.

අසල්වැසි ඉන්දියාව මෙහි 45 වැනි ස්ථානයටත් පාකිස්තානය 13 වැනි ස්ථානයටත් පත්ව ඇත.

 



අදහස් (12)

ශ්‍රී ලංකාව දෙවැනි තැනට

Rohana Sunday, 27 September 2020 12:04 PM

සතුටුයි. තවත් ආරක්ෂාවෙමු.

:       2       3

Jayantha Sunday, 27 September 2020 12:04 PM

YICAI යනු චීන පර්යේෂණ ආයතනයකි. ඔවුන් චීනය අංක 1 රට ලෙසත්, ශ්‍රී ලංකාව ඇතුළු හොඳම 10 දෙනා අතරට චීනය තෝරා ගැනීම ගැනත් මම පුදුම නොවෙමි.

:       4       4

Raveendra Sunday, 27 September 2020 12:48 PM

පළමුව අප උඩ බලාගෙන කෙල ගසනවා යන කියම සනාත කිරීමක් නොකරන බව කාරුණිකව සලකන්න.. එලෙසම "කිසිදු දේශපාලුවෙකුට" සුදු හුනු හෝ තාර අලේප කිරීමට අපට අවශ්‍යම නැත. අප අවන්කවම කනගාටු වෙනවා මෙම දෙවන ස්ථානය අප රටට ලැබීමට සලකා බලනලද නිර්නායකයන් දෙස. මක්නිසාදයත් "අප කී දහසක්" තමන් උපන් රටට එන්නට බැරිව ( විශේෂයෙන් මැද පෙරදිග ) ගුවන්තොටුපොළ වසාගෙන තිබීම නිසා රැකියා අහිමිවී අපාදුක් විදිමින් නන්නත්තාරවී සිටින ලංකා මාතවගේම දුදරුවන් කදුළු සලමින් සිටින මොහොතක දෙවන ස්ථානය ලැබීම පිලිබදව උදම් අනමින් සතුටු වෙන්නේ මෝඩ නුගත් පුරවැසියන් පමණක් බව හදපිරි කනගාටුවෙන් දැන්වීමට කැමැත්තෙමු.

:       4       7

dewa Sunday, 27 September 2020 02:06 PM

ඉතාම හොඳ අගයකිරීමක්.

:       2       3

Prabha Sunday, 27 September 2020 02:53 PM

ලෝකෙටම වසංගතේ තෑගි කරපු චිනේ පළමු තැනට මේවට කොයි පැත්තෙන් හිනා වෙන්නද කියලා තේරෙන්නෑ...

:       2       13

කපිල Sunday, 27 September 2020 02:56 PM

මෙය සැබෑ ජයග්‍රහණයකි. ඒ වෙනුවෙන් දායක වූ සැමට ජාතියේ ප්‍රණාමය.

:       9       4

Nanda Sunday, 27 September 2020 03:51 PM

අපි හැමෝම ආඩම්බර විය යුතුයි ...

:       8       4

Ashan Sunday, 27 September 2020 07:44 PM

කොරෝනා ලොවට බෙදාහැරීමේ සහ ලෝකයම විනාශ කිරීමෙ පලමු තැනත් චීනයටම ලැබෙන්න ඕන.

:       2       11

Chandima Sunday, 27 September 2020 08:52 PM

දන්න කාලෙකට ඔය දෙවෙනි තැනකට ආවමයි මගෙ හිතේ?

:       1       4

Prasanna Monday, 28 September 2020 12:12 AM

සුභ පැතුම්.! රටට නිසි නායකත්වයක් ඇත.

:       14       3

Rakitha Monday, 28 September 2020 05:35 AM

බටහිර රටවල් තමන්ට වාසි වෙන විදිහට වාර්තා හැදුවට චීනය නිවැරදිව සාධක මත මේක කරලා තියෙනවා.

:       11       3

samantha Monday, 28 September 2020 06:33 AM

මේ මොන විහිලු කතාද.? ඕවා හොඳයි කොන්ඩේ බැඳපු චීනුන්ට.

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 142 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 104 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 139 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 302 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1913 2

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 485 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site