ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී ඩී.එම්.කේ පක්ෂය සහ කොංග්‍රස් සන්ධාන රජය ඊට ආධාර ලබාදුන් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ඉන්දියාවේදී සිදුකළ ප්‍රකාශයෙන් තහවුරු වන බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ඊ.කේ. පලනිස්වාමි පැවසීය.
ඒබැවින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුධ අපරාධකරුවන් ලෙසට ඉන්දියාව ප්‍රකාශයට පත් කළ යුතු බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව යුද්ධයේදී ශ්‍රී ලංකාවට සහය ලබාදුන් බවට චෝදනා කරමින් ඩී.එම්.කේ පක්ෂයට සහ ඉන්දීය කොංග්‍රසයට එරෙහිව විරෝධතාවයක නිරත වීමට තමිල්නාඩු පාලක පක්ෂය වන ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය තීරණය කර තිබේ.
ඊයේ (19) දිනයේ රැස්වූ එම පක්ෂයේ නියෝජිතයින් මෙම තීරණය ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මෙයට විරෝධය පළ කරමින් ලබන 25 වන දින දැවැන්ත විරෝධතාවයක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂයේ හිටපු නායක ජයලලිතා ජයරාම් ද මීට පෙර මෙම ඉල්ලීම කර තිබූ බව ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
( ද හින්දු 125)
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා
ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ශ්‍රී ලංකාවේ යුද්ධයට ඉන්දියාවෙනුත් ආධාර දීලා - පලනිස්වාමි කියයි