IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ශ්‍රී ලංකා - චීන මිත්‍රත්වය ඉන්දීය හමුදා ලොක්කාට විසවෙයි

තිළිණි ද සිල්වා 
 
ශ්‍රී ලංකාව වැනි රටවල් චීනය හා සම්බන්ධවීම ඉතා හොඳ තත්ත්වයක් නොවන බව ඉන්දීය යුද හමුදා ප්‍රධානී බිපින් රාවට් ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය පී.ටී.අයි පුවත් සේවය අද (14) වාර්තා කළේය.
 
ඊට ඉන්දීය රජය වගකිව යුතු බව ද හෙතෙම ප්‍රකාශ කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. 
 
ඉන්දීය  සහ පකිස්ථාන දේශසීමාව හා සමානවම ඉන්දීය චීන දේශසීමාව පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව ඉන්දීය හමුදා ප්‍රධානීයා ප්‍රකාශ කර තිබේ. ඉන්දීය හමුදා දිනය  වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව පී.ටී.අයි  වාර්තාවේ දැක්වේ. 
 
ඉදිරියේදී චීනය සහ ඉන්දියාව අතර ඉතා හොද මිත්‍රත්වයක් පවත්වාගෙන යා යුතු බව සඳහන් කරන ඉන්දීය හමුදා ප්‍රධානීයා පෙන්වා දෙන්නේ  ඒ සඳහා ශ්‍රී ලංකාව, නේපාලය, භූතානය, මියන්මාරය සහ බංග්ලාදේශය වැනි රටවල සහය ලබාගත යුතු බවය.  එම රටවල සහය ලබා ගැනීම සඳහා ඉන්දීය බලධාරීන් කටයුතු කළ යුතු බව ඉන්දීය හමුදා ප්‍රධානියා වැඩිදුරටත් පවසා ඇත. 
 
මේ වන විට ඉන්දු - චීන දේශසීමා ආසන්නයේ ආරක්ෂක කටයුතු වැඩි කර ඇති බව සඳහන් කරන ඉන්දීය හමුදා ප්‍රධානීයා ඉන්දියාව සතුව ඉතා හොඳ හමුදා ශක්තියක් පවතින බව ද එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කර තිබේ.



අදහස් (6)

ශ්‍රී ලංකා - චීන මිත්‍රත්වය ඉන්දීය හමුදා ලොක්කාට විසවෙයි

sam Monday, 15 January 2018 12:46 AM

චීනේ තමයි ආසියාවේ අපිට ඉන්න හොඳම මිතුරා. ඉන්දියාව හදන්නේ අපේ රට අඩපණ කරලා ඒ අයට එකතු කර ගන්න. අපි ඉන්දියාවට කැමති නැහැ

:       0       104

රවින් Monday, 15 January 2018 02:52 AM

මේ ඇමරිකාවේ උපදෙස් පිටද ?

:       0       11

wiki ponting Monday, 15 January 2018 05:05 AM

මේවට අහුනොවී අපේ රටේ ආරක්ෂාව ගැන විතරක් හිතමු. චීනය අපට ඉන්න හොඳ මිතුරෙක්. සතුරන්ට මොනවා වුනත් අපට වැඩක් නැහැ.

:       0       55

සෙනෙවි Monday, 15 January 2018 07:05 AM

මහා වංශයෙන් හිතාගෙන හිටියට ඔහොම හොට දාන්න ගිහිං අපේ රටේ කෙනෙක්ම ලවා ඒ ගොල්ලන්ගේ ලොක්කා පරලොව යවා ගත්ත එක මොහුට අමතක වෙලා වගේ...

:       0       134

Jayantha Monday, 15 January 2018 07:15 AM

ඉන්දියාව හොඳ රටක්... එහෙ මිනිස්සුත් හොඳයි. නමුත් නරක අයත් නැත්තෙම නැහැ. ඉන්දියාවේ සහ චීනයේ කටයුතු අප රටට ඉතා වැදගත් වෙනවා.

:       102       0

Bamunuarachchi Tuesday, 16 January 2018 01:44 AM

බුද්ධාගම හැරෙන්නට ඉන්දියාවෙන් ලංකාවට ලැබුන කිසිම හොඳ දෙයක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 406 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 140 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 152 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 601 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 201 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 637 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site