IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ශෂින්ද්‍ර ඇතුළු 3 ක් විපක්ෂයට යති

 

(ප්‍රසාද් රුක්මල්)

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අනුරාධපුර තබුත්තේගම ප්‍රදේශයෙදී කළ කථාවකට  ඌව පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවු බවට  විරෝධය පළකර මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගේ අත්සන් සහිතව පළාත් සභා මන්ත්‍රී චමින්ද ජානක මහතා විසින් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවක් අද (23) ප්‍රතික්ෂේප විය.

ආණ්ඩු පක්ෂයේ සිටි ශෂින්ද්‍ර රාජපක්ෂ, සභානායක සුදර්ශන දෙනිපිටිය, කුමාරසිරි රත්නායක මන්ත්‍රීවරුන් තිදෙනාම ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස විපක්ෂයේ අසුන් ගත්හ.

මන්ත්‍රී වරප්‍රසාද කඩ වී මන්ත්‍රීවරුන්ට අපහස වී ඇති හෙයින් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රධාන අමාත්‍යධුරයට ඉවත් කරන ලෙසට ඉල්ලමින් විශ්වාසභංග යෝජනාවක් සභාපතිවරයාට බාරදුන්හ.

මෙහිදි විපක්ෂයේ ජයසිංහ බණ්ඩාර මන්ත්‍රීවරයා එම විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් කී දෙනෙකු අත්සන් කර තිබෙනවාද එය සභාපතිවරයා පිළිගන්නවාදැයි විමසා සිටියේය.

 


(36698) 

ඡායාරූප - ප්‍රසාද් රුක්මාල්

 



අදහස් (15)

ශෂින්ද්‍ර ඇතුළු 3 ක් විපක්ෂයට යති

sirimal Monday, 23 July 2018 07:57 AM

මොකද්ද අප්පා ඒ හරුපේ?

:       2       18

Di. LantharasMonday, 23 July 2018 09:26 AM

වඩේ විකිණීමෙන් වැඩක් වෙලා නොමැති වගෙයි.

:       0       2

Mahee Monday, 23 July 2018 08:10 AM

වෙන කොහේ යන්නද අනේ? එක්කෝ මෙහෙ නැත්නම් එහේ...

:       0       111

chandana Monday, 23 July 2018 08:37 AM

එතකොට මෙච්චර කල් ආණ්ඩුවේද හිටියේ?

:       0       118

sirimal Monday, 23 July 2018 08:40 AM

පැන්ෂන් ගිය දෙතුන් දෙනෙක් විසින් ලබාදුන් උපදෙස් නිසා පොහොට්ටුවේ මඳක් හෝ පෙනෙන්නට තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ගතිකයන් වෙනුවට "හිට්ලර් නම්බු නාමයක්" විහින් පවරාගැනීමෙන් පසු රටපුරා ඇතිවුණු අභියෝග සඳහා මුහුණදී ගත නොහී තවත් "නායකයෙක්" මාස තුන, හතරකට රට හැර යන බවයි කියන්නේ. එය කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදීන්ට අවාසියක් ගෙනදෙන කාරණයක් වන්නේ නැත. ශ්‍රීලනිපයට පොහොට්ටුව ලෙස හෝ යලි අවදිවීමට නම් එජාපය දැනට ජනතාවට ප්‍රදානය කර ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා ඉක්මවා යන ධනාත්මක ගතිකයක් එහි ගැබ් විය යුතුමය. එසේ නැතුව පුද්ගල ප්‍රතිරූප විභූතිමත් කිරීමට යෑම ගෝත්‍රිකය. මේ දියුණු විභවය විපක්ෂයේ තේරුම් ගත්තෝ නැතුවාමසේය. හිටියත් ඉතාමත් අවම වශයෙනි. ඔවුහු පොල්ලෙලි වල ජයග්‍රහණය ගැන විශ්වාස කරති. පොල් ගසති. අද වනවිට විපක්ෂය රාජපක්ෂවාදී වුවද එය අන්තවාදී වෙනවාද? ප්‍රජාතන්ත්‍රවාදී වෙනවාද? යන කාරණය සමග දැඩි අර්බුදයක පැටලී ඇත. දවසට විසි, තිස් වතාවක් ගිහියන් පන්සිල් සමාදන් කරවීමේ කටයුත්තෙහි යෙදී ඉන්නා නාහිමිවරුන් වහන්සේ "හොරා කෑවට කමක් නෑ රට හැදුවානේ" කියන තැනට පල්ලම් බැස ඇත්තේ බුදුන් වහන්සේ වෙනුවට වෙනත් පුද්ගලයින් ඇදහීමට යාම නිසායි.

:       1794       1563

සතයපාල Monday, 23 July 2018 08:41 AM

කොහොමටත් විපක්ෂව තමයි වැඩ කෙරුවේ...

:       96       412

ලුම්බිණි Monday, 23 July 2018 08:52 AM

අනේ ගෙදර යන්නකෝ...!!!

:       0       427

Shehan Monday, 23 July 2018 08:56 AM

එහෙන් මෙහෙට, මෙහෙන් එහෙට... මේ අයට ජනතාව ගැන හිතන්න වෙලාවක් නැහැ. මේ අයගේ මඩිය තරකර ගන්නවා ඇරෙන්න. මෙහෙම අයටත් ඡන්දෙ දෙන හරක් ඉන්නවනේ...

:       0       430

PerakumMonday, 23 July 2018 12:18 PM

ඒක තමයි ෂෙහාන් අපි එදා ඉඳලම කියන්නේ නව ව්‍යවස්ථාවෙන් පක්ෂ මාරුව නැතිකරන්න කියලා. ඒකට කවුරුත් කැමති නැහැ. පගාව දීලා ගෙන්න ගන්නත් පගාව අරගෙන පනින්නත් පුළුවන් නේ. දැන් ඉතින් පනින හැටි බල බලා අපි කරපු මෝඩකම් ගැන දුක් වෙනවා ඇර වෙන මොනවා කරන්නද?

:       0       239

C.K.Lankaputhra Monday, 23 July 2018 09:13 AM

දැන් එන්නේ ගෙම්බන්ගේ වාරේ. ගෙම්බන් නොදැකපු අයට දැන් ඉතින් මදි නොකියන්න බලාගන්න පුළුවන් වෙයි.

:       0       217

dasun Monday, 23 July 2018 09:23 AM

මේ අර මහ ඇමැතිගේ පගා දීලා ශේප් කරනවා කිව්ව කතාවට විරුද්ධවද? ඒ ගැන නඩු දාන්න ඕනේ මහඇමැති බොරු කිව්වා නම්...

:       0       116

sumith Monday, 23 July 2018 10:11 AM

අනේ මට මොකක්ද වුනා වගේ වුනා, එතකොට කතරගම බස්නායක නිලමේත් විපක්‍ෂෙට ගියා එහෙනම් .

:       0       415

Buddika Monday, 23 July 2018 10:22 AM

පැහැදිලිවම අපැහැදිලි කතාවක්. කව්ද මේ මිනිස්සු? පළාත් සභාවේ හිටියද? රටට වටිනාකමක් තියේවිද මේ නිව්ස් එකේ?

:       0       425

Perakum Monday, 23 July 2018 10:37 AM

ඕක තමයි අපි හැමදාම කිව්වේ ගෙම්බො පැනීම ව්‍යවස්ථාවෙන් අයින් කරන්න කියලා. අපේ ඡන්දෙන් ගිහිල්ලා අපේ කැමැත්තට විරුද්ධ දෙයක් කරන්න එයාලට ඇති අයිතිය මොකක්ද? පක්ෂෙ මාරු කරනවා නම් ආසනෙන් ඉල්ලා අස්වෙන්න ඕනෑ. පගා අරන් පනින්නත්, පගා දීලා ගන්නත් පුළුවන් නිසා කිසි කෙනෙක් මේකට කැමති නැහැ.

:       0       116

isurandi Monday, 23 July 2018 10:39 AM

රටට ජනතාවට වැඩක් කරන්නනේ මෙයාලා එහෙ මෙහෙ පනින්නේ. මට නම් පක්ෂය මොකක්ද විපක්ෂය මොකක්ද කියලවත් වැටහීමක් නැති තරම්.

:       0       117

ඔබේ අදහස් එවන්න

 

 

මහ පුවරුව

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 5521 17

මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළ හැකි බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා


අපි ඔක්කොම එකම බිමක අරගලකරුවන්
2025 පෙබරවාරි මස 04 1951 14

රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.


නිදහස් උළෙල ඇරැඹෙයි
2025 පෙබරවාරි මස 04 1697 4

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.


තවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි
2025 පෙබරවාරි මස 03 3123 9

නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා


කෝටි ගණනක ලුණු විනාශවෙන්න ඇරලා
2025 පෙබරවාරි මස 03 3705 8

ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්


කසිප්පු වලියකට තුනක් මරලා
2025 පෙබරවාරි මස 02 2695 7

වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site