IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සැකකරුගේ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබයි


(වන්නි රොමේෂ් මධුෂංඛ)


යාපනය කයිට්ස් පොලිස් වසමට අයත් නාරන්තනෙයි ප්‍රදේශයේදී සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට යාමේදී සැකකරුගේ ප්‍රහාරයෙකින් තුවාල ලැබූ පොලිස් කොස්තාපල් වරයෙකු අද (05) යාපනය රෝහලට ඇතුලත් කල බවට කයිට්ස් පොලිසිය කියයි.


නාරන්තනෙයි මධ්‍යම ප්‍රදේශයේ පදිංචි තල් රා මදින්නෙකු වූ රේගන් නැමත්තෙකු සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට උපපොලිස් පරික්ෂකවරයෙකු ඇතුලු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ගොස් ඇත. මෙහිදී සැකකාර රේගන් නැමත්තා අත්අඩංගුවට ගැනීමට සැරසෙන අවස්ථාවේදී සැකකරු පලා යාමට උත්සහ දරා ඇත.

සැකකරු අතැතිව තිබූ තියුණු ආයුධයකින් පොලිස් කොස්තාපල්වරයාගේ කකුලට පහර එල්ල කිරීමෙන් පසු පලා ගොස් ඇත.


සැකකරුගේ පහරින් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතරම පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භකර ඇති බවටද කයිට්ස් පොලිසිය වැඩි දුරටත් කියා සිටියේය.

 



අදහස් (1)

සැකකරුගේ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබයි

sanath Saturday, 05 May 2018 06:46 PM

පොලිසියේ තුන්දෙනෙක් ඉඳලත් මෙහෙම වුණා නම් තනියම හොරු අල්ලන්න ගියොත් ජීවිතෙත් අනතුරේ... කියලයි මට හිතෙන්නේ. මේවගේ දරුණු ගණයේ සැකකරුවන් අල්ලන්න යන පොලිස්කාරයින් ළඟ ඇමෙරිකන් කෝප්ස්ලා පාවිච්චි කරන ස්ටන් ගන් ආරක්ෂක උපකරණය තිබිය යුතුයි කියලයි මං කියන්නේ. ස්ටන් ගන් එකෙන් සැකකරු විනාඩි කිහිපයකට අඩපණ වෙනවා විතරයි වෙන්නේ. ඒ විනාඩියේදී සැකකරුට මාංචු දමන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 2 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 55 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 155 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 736 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 2615 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 741 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site