IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


සිංගප්පූරු ගිවිසුමෙන් වැඩිම වාසි ශ්‍රී ලංකාවට

(දිනිත් චින්තක කරුණාරත්න සිංගප්පූරුවේ සිට වාර්තා කරයි)


ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළඳ ගිවිසුම හරහා වැඩිම ප්‍රතිලාභ කඩිනමින්ම හිමිවන්නේ ශ්‍රී ලාංකීය ජනතාවට බව සිංගප්පූරු වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.

“ශ්‍රී ලංකා රජයත්, සිංගප්පූරුවත් එකඟත්වයට එන සෑම අවස්ථාවකදීම, ඕනෑම වාර ගණනක් වෙළෙඳ ගිවිසුම සංශෝධනය කිරීමේ හැකියාව පවතීතැයිද” එම වාර්තාවල දැක්වේ.

ඊට අමතරව වසරක කාලයකට දැනුම් දීමෙන් (නෝටිස්) රටවල් දෙකටම අවශ්‍ය නම් ගිවිසුමෙන් ඉවත්වීමට කිසිදු බාධාවක් නැතැයි”, සිංගප්පූරු වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයීය වාර්තා අනාවරණය කරයි.

ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන්, සිංගප්පූරු වාණිජ සහ කර්මාන්ත ඇමති එස්. ඊස්මන් මහතා එරට පාර්ශ්වයෙනුත් ගිවිසුම හරහා ආයෝජන ලබාගැනීම වෙනුවෙන් සෘජුවම මැදිහත්ව ක්‍රියා කරති.

“කලාපයේ සීග්‍රයෙන් දියුණුවන රටවල් දෙක අතරින් එක් රටක් වන ශ්‍රී ලංකාවට උපරිමයෙන් සැලකීමට සිංගප්පූරුව කිසි ලෙසකින්වත් පැකිළෙන්නේ නැතැයි”, සිංගප්පූරු වාණිජ සහ කර්මාන්ත අමාත්‍ය එස්. ඊස්වරන් මහතා ප්‍රකාශ කරයි.

“මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව මේ වන විට නිවැරදි සංවර්ධන මාවතට අවතීර්ණ වී ඇතැයි පෙන්වා දෙන අමාත්‍ය එස්. ඊස්මන් මහතා, එවන් ගමනක් යන ශ්‍රී ලංකාව කලාපයේ ආර්ථික කේන්ද්‍රස්ථානය කිරීමේ අග්‍රාමාත්‍යවරයාගේ වැඩපිළිවෙළට සිංගප්පූරුව “හොඳම මිතුරා” ලෙස සෑම සහායක්ම දෙන්නේ යැයිද” පවසයි.

 



අදහස් (27)

සිංගප්පූරු ගිවිසුමෙන් වැඩිම වාසි ශ්‍රී ලංකාවට

abaran Monday, 27 August 2018 05:10 AM

දී කිරට බළල්ලුත් සාක්කි...

:       61       282

ruwan Monday, 27 August 2018 05:35 AM

"කලාපයේ සීග්‍රයෙන් දියුණුවන රටවල් දෙක අතරින් එක් රටක් වන ශ්‍රී ලංකාව" මාර හිනා යන කතාවක්නේ ඒක. මොන විදියේ දියුණුවක්ද මේ කතා කරන්නේ දන්නේ නැහැ. මොකද ලංකාවේ ජීවත්වෙන අපි දන්නා විදියට අපේ රට පහු ගිය අවරුදු තුනහමාරේම අගාදයට ගියා මිසක් දියුණුවක් ලැබුවේ නැහැ.

:       1620       1628

BALALA Monday, 27 August 2018 05:58 AM

දී කිරට බළල්ලුත් සාක්ෂි ලු ........

:       121       188

palitha Monday, 27 August 2018 06:21 AM

එයාලට ඕන දෙයක් කියන්න පුළුවන්, එත් අපේ රාලලා ටික පරිස්සමින්, මොලේ පාවිච්චි කරලා අත්සන් කරන්න.

:       7       70

සින්ගපුර් චාලී Monday, 27 August 2018 06:39 AM

රුවන්, තමන් කන කෑම වේලෙන් රටක දියුණූව හොයන්න බෑ. ඉස්සරවෙලාම බලන්න රටේ කොච්චර ණය තියෙනවද? ඒවා ගෙවන්නෙ කොහොමද? ආදායම් මාර්ග මොනවද? රටේ දේශපාලන ස්තාවර භාවය ආයෝජකයො ඈද ගන්න. ලෝකයේ ආර්තික තත්වය වගේ දේවල්. නිකන් කී බෝඩ් තිබ්බට කොටන්න එපා.

:       550       420

samMonday, 27 August 2018 08:13 AM

අපේ කැබිනට් එකත් දැක්කේ නැති දෙයක් ඔබ හොඳයි කියනවද. කන කාම වේලෙනුත් රටේ දියුණුව බලන්න පුළුවන්.

:       2       242

pereraMonday, 27 August 2018 11:53 AM

හලෝ... මුළු ගිවිසුමම ආර්ථික කටයුතු අමාත්‍යංශයේ වෙබ්පිටුවේ තියෙනවා. පිටු 1000 ක් තියෙනවා. ඉංග්‍රීසි පුළුවන් නම් කියවල තේරුම් ගන්න. මම කියෙව්වා. ඉතා හොඳ ගිවිසුමක්. ඔය කැබිනට් එකේ ඉන්න 8 පාස් නැති ඉංග්‍රීසි තේරෙන්නේ නැති ඇමතියන්ට හා හැම දෙයක්ම විවේචනය කරන මහින්දටයි, මහින්දගේ අයට ඕනෙනම් අන්න තියනවා පරිවර්තනය කරවාගෙන කියවාගන්න.

:       236       214

අලුගුත්තේරුවාMonday, 27 August 2018 08:58 AM

ඔව්. ණය බර මනින නිවැරදිම විදිහ තමා GDP එකෙන් ප්‍රතිශතයක් ලෙස බැලීම. 2014 අවසනදී 71%. 2017 අවසනදී 83%. ආර්ථික වර්ධනය 2014 දී 7.3%යි, 2017ධි 3.1% යි. (මහා බැංකු හා විඝනකාධිපති වාර්තා ඇසුරෙනි)

:       245       420

BamunuarachchiMonday, 27 August 2018 09:32 AM

", තමන් කන කෑම වේලෙන් රටක දියුණූව හොයන්න බෑ." හලෝ කෑම වේලක් ගැන කතා කලේ නැහැ. රුවන් විතරක් නොවෙයි අපි කව්රුත් දන්නා දෙයක් මේ අවරුදු තුනටම රටට වැඩක් නොකෙරුණ බව. යුද්දය ඇතුළුව රටට කල සංවර්ධනය කාගේවත් අම්මගේ අප්පාගේ බූදලෙන් කලේ නැත ණය අරගෙන තමයි කලේ. මහා බැංකු කොල්ලයෙන් ස්ථාවර ඩොලර් තන්පත්තු ආපසු ආයෝජකයෝ ඇදගත්තා. අපි මෙතන ලියන්නේ තව බොහෝදෙවල් කියවලා බොහෝ කාරණාවලට සවන් දීලා තර්කානුකූලව හිතලා. .

:       184       494

de silva Monday, 27 August 2018 07:02 AM

ඕක ඔච්චර හොඳනම් ඕකේ කෙටුම්පතක් මහජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ නොකරන්නේ මොකද?

:       0       255

dark Monday, 27 August 2018 07:17 AM

මම හිතන්නේ වෙන රටක් ගැනයි මේ කියන්නේ...

:       0       89

සතයපාල Monday, 27 August 2018 07:17 AM

සිංගප්පූරුවේ අගමැතිවරයා මෝඩයෙක් වෙන්න ඇති මගේ හිතේ... ලංකාවට වාසි වෙන්නයි සිංගප්පුරුවට පාඩු වෙන්නයි වෙළඳ ගිවිසුම් ගහන්න තරම්...

:       0       87

sam Monday, 27 August 2018 08:36 AM

රනිල්ගේ යාලුවෙක් වගේ. මහේන්ද්‍රන් කාරයත් රනිල්ගේ මල්ලි කෙනෙක්නේ.

:       21       115

Bamunuarachchi Monday, 27 August 2018 09:23 AM

ඔව් ඔව් අපි දැක්කා බදු රහිතව ගෙන එන්න පුළුවන් බඩුටික. අතුනුබහන්. ඌරු මවිල් ඇතුළු ලිස්ට් එක දැක්කා. අපිටද ඔහේ ඕවා කියන්නේ.

:       106       86

සින්ගපුර් චාලී Monday, 27 August 2018 09:48 AM

බමුණා ඉන්නෙ වැරදි තැනක. ඉල්ලන්නකෝ ඡන්දෙ ඊළඟ පාර. ඔච්චර ආර්ථික වර්ධනයක් තිබ්බනම්, හිටපු ලොක්කා මොකෝ පැරදුනේ?

:       235       176

RNG Monday, 27 August 2018 11:14 AM

ඔහෙලා වගේ මෝඩ මිනිස්සුන්ට හිතුනා "වෙනස" කියලා කියනකොටම අතට පයට වැඩකාරයොත් එක්කම මේ රජයෙන් ඔක්කොම නිකන් පිනට හම්බ වෙයි කියලා ..ඒ මානසිකත්වෙන් ඉදපු මෝඩ මිනිස්සු ඡන්දෙ භාවිතා කරපු විදිය නිසා තමයි එයා පැරදුනේ ..දැන් ඉතින් කාට කාටත් තේරිලා තියෙන්නෙ අපමණ අගය ගැන ..

:       233       385

සින්ගපුර් චාලීMonday, 27 August 2018 11:34 AM

මම නම් හම්බ කරගෙන කන්නෙ බොන්නෙ.. මගේ ගෙදර නල ලින්, ලයිට් සෝලා, කුනු වත්තෙ කොම්පෝස්ට්. ඒත් බදු ගෙවනවා නගර සභාවට. වැඩකරන්නෙ පිටරට.. මම ඔයා තරම් රටට ණය නෑ.. හෑම මාසෙම කෝටි භාගයක් ලංකාවට එවනවා. ඒවට ටැක්ස් ගහනවා.. හැබැයි අඬන්නෙ නෑ. ඒ සල්ලි රටේ සංවර්ධනයට හරි ඔයා වගේ පාට දේශපාලනේ ඉන්න නිකමුන්ට හරි වියදම් කරන නිසා. අපි ඡන්දෙ දුන්නේ නිදහස වෙනුවෙන්. පැරදුන එකේ දුක තියෙන්නේ පහුගිය ආණ්ඩුවේ සල්ලි ගහපු එවුන්ට විතරයි.. ඔයත් ඒ කෙනෙක්ද?

:       231       218

BamunuarachchiMonday, 27 August 2018 11:26 PM

පිටරට නගර සභාවෙලු වැඩ ඉතින් පිටරට කුණු අදින මිනිස්සු කොහොමද මෙහෙ සිදුවුන සංවර්ධනය දකින්නේ. මෙහෙ තිබෙන කුණුගොඩ තමයි සුරපුරක් ලෙස දකින්නේ.

:       0       36

BamunuarachchiTuesday, 28 August 2018 04:28 AM

"මම නම් හම්බ කරගෙන කන්නෙ බොන්නෙ.." මේයා ගේ හිතේ අනික් අය මංකොල්ල කාල ජීවත් වෙනවා කියලා. අනේද කියන්නේ

:       0       41

BamunuarachchiMonday, 27 August 2018 11:17 PM

පැරදුනේ ඔබතුමන්ලා වගේ මෝඩයෝ 62 ලක්ෂයක් ලංකාවේ සිටි නිසා. ඔවුන්ට ඕනා උනා රාජපක්ෂ පවුලේ ලම්බෝගිනි දකින්න. යහපාලකයින්ට මේ අවුරුදු 3 ට ජනතාවට දකින්න පුළුවන් එක ව්‍යාපෘතියක් කරනැත. පසුගිය රජය සෑම අවුරුදු එකහමාරට මහාපරිමාණ ව්‍යාපෘති එක බැගින් ඉවරකර තිබෙනවා. ලොකුම ව්‍යාපෘතිය තමයි යුද්දය අවසන් කිරීම.

:       0       75

සින්ගපුර් චාලී Monday, 27 August 2018 09:49 AM

කැබිනට් මිනිස්ටර්ස්ලත් දැකලානැති ගිවිසුම බමුණෙක් දැකලා...

:       68       11

BamunuarachchiTuesday, 28 August 2018 07:30 AM

ගිවිසුම නොවෙයි බදුරහිතව ගෙන්වන බදු ලැයිස්තුව පත්තරේ තිබුනා පත්තර කියවන්න අඩුගනනේ

:       0       23

රවින් Monday, 27 August 2018 10:26 AM

හරි හරි දෙස්පාලුවෙක්නේ කියලා තියෙන්නේ. කමක් නැහැ. සිංගප්පුරුවේ මහා බැංකු වාර්ෂික වාර්තාව බලමුකෝ. නැතිනම් වෙළඳ අමාත්‍යංශයේ වාර්තාව. මෙහෙ වගේ දේශපාලුවන්ට ඕනේ විදියට එරටේ වර්තවල් හදන්නේ නැහැනේ. එහෙම උනානම් එරට දියුණුවෙන්නේ නැහැනේද? එතකන් ඉවසාපන් පපුව.

:       0       101

tommy Monday, 27 August 2018 11:12 AM

ලංකාව වැනි ණය බරින් පීඩිත රටකට, තවත් ණය නොවී රටේ නිෂ්පාදනය ඉහළ දැමීමට හොඳම විකල්පය නම් කලාපයේ අනිකුත් රටවල් සමග මෙවැනි වෙළඳ ගිවිසුම් වලට එළඹීමයි. වෙළෙඳ වාසිය කෙසේ වෙතත් මෙවැනි ගිවිසුම් හරහා රටට ලැබිය හැකි විශාලම ප්‍රතිලාභය නම්, විදෙස් ආයෝජන හරහා ඇතිවිය හැකි කර්මාන්ත තුලින් රටේ තරුණයින්ට රැකියා උත්පාදනය වීමයි. අද රැකියා දියව් කියමින් පාරේ ඇවිදින අයට මෙවැනි විදේශීය ආයෝජන හරහා රැකියා ලැබුනොත් එවැනි දෙයකට මේ වෙළෙඳ ගිවිසුම් වලට විරුද්ද වෙන අය අකමැතිද? එවැනි දෙයකට විරුද්ධ නම් රටේ රැකියා ජනනය කිරීම සඳහා ඔවුන් ඉදිරිපත් කරන විකල්ප මොනවද? මෙවැනි ගිවිසුමක අන්තර්ගතය මේ බොහෝ දෙනෙකුට නොතේරෙන අතර, ඔවුන් බොහෝවිට සිදු කරන්නේ කියන්නන් වාලේ ගිවිසුමකට විරුද්ධ වීම පමණයි.

:       8       93

කාංචනා Monday, 27 August 2018 12:06 PM

රටක දියුණුව බලන්න පුළුවන් හොඳම මිම්ම " පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ බඩ සහ බඩෙහි විශාලත්වය"

:       0       44

de silva berlin Monday, 27 August 2018 02:22 PM

ලංකාවේ රැකියා ඕනේ තරම් තිබෙනවා. ප්‍රශ්නෙකට තිබෙන්නේ කවුරුත් මහන්සිවෙලා නිසි වෘත්තීය පුහුණුවක් ලබලා ඒවා කරලා මුදල් උපයන්න කැමති නැහැ. හැමෝම කැමති නිකන් ඉඳලා මොනවා හරි හොරකමක් කරලා ලොකු මුදලක් උපයාගන්න. අනිත් එක ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉතා අමාරුයි. ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයාට නැගී සිටීමට හැකි පරිසරයක් නොමැත.

:       0       119

aravinda Monday, 27 August 2018 07:42 PM

මේ ගිවිසුමේ අන්තර්ගතය සහ එයින් රටට ඇති සත්‍ය බලපෑම දැනගැනීමට නම් ජනාධිපතිවරයා මේ පිළිබඳව පත් කළ කොමිසමේ වාර්තාව ලැබෙන තෙක් සියලු දෙනා ඉවසා සිටිය යුතු බවයි. පසුගිය සතියේ රුපවාහිනී නාලිකාවක පැවති සංවාදයකදී හෙළිවූයේ බන්දුල ගුණවර්ධන වැනි "ආර්ථික විශේෂඥයින්" පවා මේ ගිවිසුම වැරිදි ආකාරයකට වටහාගෙන තිබූ බවකි. ලංකාවේ සමහරක් රටට අලුත් දෙයක් ගෙනෙන්නට තැත් කරනවිට සැමවිටම කරන්නේ ගල් යුගයේ තර්ක කියවමින් රට ආපස්සට ඇදගෙන යාමට තැත් කිරීමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

වාසයට හොඳම රට ශ්‍රී ලංකාව
2025 මාර්තු මස 12 919 0

දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.


‘‘පක්ෂ සංවිධායකවරුන්ට මේ වසර සුවිශේෂයි‘‘
2025 මාර්තු මස 12 207 0

මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර


හමුදාවෙන් පැන්න 20ක් මහනුවරින් අල්ලයි
2025 මාර්තු මස 12 218 0

යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට


එක්ව තරඟ කරන තීරණය ගන්න සජබෙට කාලයක් දෙයි
2025 මාර්තු මස 12 415 0

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.


අපූරේ රෝහලේ ආරක්ෂාව සැලසීම පැහැර හැරලා
2025 මාර්තු මස 12 740 0

වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම


නගර සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් වෙයි
2025 මාර්තු මස 12 308 0

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 156 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 375 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 222 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site