විනීතා එම් ගමගේ
සිගරට් බදු මගින් ඉකුත් වසරේ රුපියල් බිලියන 107.4 ක ආදයමක් රජයට ලැබී ඇති අතර රුපියල් බිලියන 75 කට අධික මුදලක් සිගරට් නිසා සිදුවන හානි හේතුවෙන් වැය වී ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු කේන්ද්‍රය (ඇඩික්) පෙන්වා දෙයි.
පසුගිය සමයේ සිගරට් භාවිතය සම්බන්ධව රජය ගත් ප‍්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් රජයට බිලියන 18 ක පමණ අලාභයක් සිදුව ඇතැයි මුදල් අමාත්‍යවරයා පවසා ඇතත් 2015 සිට 2017 දක්වා රජයට සිගරට් මගින් ලැබූ බදු ආදායම වාර්ෂිකව බිලියන 26. 2කින් වැඩිවී ඇතැයි ඇඩික් ආයතනය පෙන්වා දෙයි.
සිගරට් බදු වැඩි කිරීම නිසා ජනතාව බීඩිවලට පෙළඹෙන බව සිගරට් සමාගම් පවසතත් එය එසේ නොවන බවත් ජනතාව ක‍්‍රමානුකූලව බීඩිවලින් ඈත් වෙමින් සිටින බවත් එම ආයතනය කියයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ සිගරට් සඳහා සියයට 80 ක වත් බද්දක් පැනවිය යුතු බව යැයි පෙන්වා දෙන ඇඩික් ආයතනය තවමත් අප රටෙහි සිගරට් බද්ද සියයට 70 ක් පමණ වෙතැයි ද පෙන්වා දෙයි.
දුම්කොළ සමාගම් සිය ලාභය පසුගිය කාලයේ සීඝ්‍ර ලෙස වර්ධනය කරගෙන ඇත්තේ ඉතිහාසයේ අවම සිගරට් ප‍්‍රමාණය විකිණිමෙන් බව පෙන්වා දෙන ඇඩික් ආයතනය රජයට ආදායම් අහිමි වන්නේ සිගරට් සමාගමේ පාර්ශවයෙන් මිස සෞඛ්‍ය අමාත්‍යංශය හෝ වෙනත් ආයතන සිදුකරන වැළැක්වීමේ මැදිහත්වීම් වලින් නොවන බව ද පවසයි.
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සිගරට් නිසා බිලියන 75ක් පිච්චිලා
Mohammed Friday, 21 September 2018 01:36 PM
සිගරට් සම්පූර්ණයෙන්ම තහනම් කළොත් බිලියන 107ක ආදායමත් නෑ.. වියදම් බිලියන 75ත් නෑ.. පවුල් ප්‍රශ්න අඩුවේ. දරිද්‍රතාවය අඩුවේ. අපේ සල්ලි පිටරට නොයැවේ. කොටින්ම සල්ලි ඉතුරුවේ.
BamunuarachchiFriday, 21 September 2018 10:30 PM
සිගරට් භාවිතය තිබුණු කාලේ කොපමණ රැකියා අවස්ථා තිබුණද? සිගරට් කොම්පැනිය කොපමණ ජනතාවකට රැකියාවල් සැපයුවාද? නිෂ්පාදනය, බෙදාහැරීම, විකිණීම සහ දුම්කොළ වගාව නිසා කී දාහක් රැකියා කළාද? කොපමණ මුදලක් රජයට බදු ආදායම් වශයෙන් ලැබුණාද? සිගරට් බීමෙන් පිළිකා හැදෙනවා කියා සහතික වශයෙන් කියන්නේ නැත. එමනිසා සිගරට් සඳහා ඇති බදු අඩුකර හොඳ වර්ගයේ දුම්කොලවලින් සිගරට් නිෂ්පාදනය කිරීමට පටන්ගමු. මම සිගරට් බොන්නේ නැත... එය වෙනම කතාවකි.
BamunuarachchiSaturday, 22 September 2018 01:09 AM
එතකොට පාඩුව බිලියන 32ක් පාඩුයි. එයත් විශාල පාඩුවක් නේද? කොහොම හරි සිගරට් බොන ජනතාව වැඩිකර ගන්න බලමු. සෞදි අරාබියේ නම් සිගරට් පැකට් එකක් ගත්තාම ගිනිපෙට්ටියක් නිකන් දුන්නා. මෙහෙ සිගරට් 2ක් ගත්තාම එකක් නිකන් දෙන්න යෝජනා කරමු. මට නම් ප්‍රශ්නයක් නැහැ මම සිගරට් බොන්නේ නැත.
ගාමිණී සේරසිංහ Friday, 21 September 2018 03:46 PM
මට හිතෙන්නේ ඔබ කාගේද ලණුවක් කාලා. ඔබගේ අදහස් සම්පුර්ණයෙන්ම නිවැරදි නොවේ. ඔබ කැමතිද නියම සුදුසුකම් නැති දොස්තර මහත්මයෙක් ගෙන් බෙහෙත් ගන්න? එහෙමනම් යන්න ඔය සයිටම් ඩොකෙක් ගාවට...
BamunuarachchiFriday, 21 September 2018 10:45 PM
ඔබත් ලණුවක් කාලා. සයිටම් එකෙන් විභාග පාස්කර එළියට එන දොස්තර කෙනෙකුට සුදුසුකම් නැහැ කියා ඔබ කොහොමද කියන්නේ? රජයේ දොස්තරලා කියන නිසා ඔබත් ඔහේ කියන්නන් වාලේ කියනවා. ඇයි ඔබලා මේ දොස්තරට වඩා අහවල් දොස්තර හොඳයි කියමින් වෛද්‍ය විද්‍යාලයෙන් සමත්වූ දොස්තරලාත් මාරු කරකර බෙහෙත් ගන්නේ?