(කාංචන කුමාර ආරියදාස )
සිතුල්පව්ව රාජමහා විහාරය වැඳපුදා ගැනීම සඳහා එන බැතිමතුන්ගෙන් ආහාර කප්පම් ගන්නා ඇතකු දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා ඇතුළු පවුලේ පිරිස ග්‍රහණයට ගෙන ඇත.
එම බිහිසුණු මොහොත බස් රථයේ සිටි අයකු සිය ජංගම දුරකතනයෙන් පටිගත කරගෙන තිබිණි. පිරිස සුඛෝපභෝගී බස් රථයකින් පැමිණ කතරගම වැඳපුදාගෙන පසුව සිතුල්පව්ව රාජමහා විහාරය වැඳපුදා ගැනීමට යද්දී මේ අනතුරට මුහුණ පා ඇත.
ඇතා ආහාර ඉල්ලා බස් රථය අසලට පැමිණ ආහාර ලබා නොදීම නිසා උරණවී සිය දළයෙන් බස් රථයේ දොරේ වීදුරුව කඩා දමා හොඬය බස් රථය තුළට දමා ආහාර සොයා නොලැබුණු විට බස් රථයට හිස තබා බියගැන්වීම සිදු කරන ආකාරය අදාළ වීඩියෝවේ පටිගත වී තිබේ. පසුව කෙසේ හෝ පිරිස බස් රථයේ තබූ ආහාර මල්ලක් ලබාදී ඇතා ගෙන් බේරී ඇත.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සිතුල්පව්වේ ඇතා විනිසුරුගෙනුත් කප්පම් ඉල්ලයි
Ajith Monday, 30 October 2017 05:25 AM
ඇතා කියලා වෙනසක් නෑ. මේ ශ්‍රී ලංකාවනේ...
kanthi Monday, 30 October 2017 06:28 AM
ඇතා වුණාට නැතා කියන එක දන්නේ නැහැනේ.
!anura Monday, 30 October 2017 06:42 AM
මට පෙනෙන්නේ රියදුරොයි මෙම මෝඩ ක්‍රියාවට වග කිව යුත්තේ කියායි.
kasun Monday, 30 October 2017 07:20 AM
සත්තු කරන්නේ රටේ පේන්න තියෙන අපේ මිනිස්සු කරන දේම තමයි
roshan Monday, 30 October 2017 07:52 AM
මෝඩයෝ ටිකක්නේ කන්න දුන්නේ... පොලිතීන් නිසා මැරෙයි.
sljTuesday, 31 October 2017 05:29 AM
බලාගන්න හරක්ගෙන් අලින්ට කෑම දීමක් ....!
සුනිල් ගීකියනගේ Monday, 30 October 2017 07:58 AM
මිනිහෙක් අලියාගෙන් පහර කා මැරුණුවිට තමයි වනජීවියේ හා වගකිවයුතු අයගේ අවධානය යොමු වන්නේ....
Nalin Monday, 30 October 2017 08:03 AM
මැරුණත් කමක් නෑ රෙකොර්ඩ් කරගෙන...
ප්‍රේම කුමාර Monday, 30 October 2017 08:43 AM
ෂුවර් එකටම සරණ ගේ ගෝලයෙක්...
indika Monday, 30 October 2017 08:52 AM
මේ මෝඩ මිනිස්සු පොලිතීන් මල්ල පිටින් අාහාර දුන්නේ. මේ සතාත් වැඩිකල් ජීවත් වන්නේ නැතිවෙයි.
siri Monday, 30 October 2017 09:22 AM
අලි කවද්ද වැලි පිට්ටු කෑවේ? වනාන්තර අසල ඇති මාර්ග සියල්ලම විදුලි වැටවල් මඟින් ආවරණය කර ඒවා නිසි පරිදි නඩත්තු කිරීමට කටයුතු කරන්නේනම් මේවගේ සහ වෙනත් එවැනි ප්‍රශ්න ඇති නොවනු ඇත. සතුන්ට ප්ලාස්ටික් මලු සමඟ ආහාර වර්ග දෙන එකෙන් කරන්නේ එම සතුන්ගේ ජීවිත වලට විශාල අපදාවකි. මේවා දෙන මිනිස්සුන්ට දොස් කීමෙන් පලක් නැත. සතුන් මහපාරේ කෑම බලාපොරොත්තුවෙන් ගැවසීමට පුරුදුවෙන එක නැවත්වීමට කටයුතු කල යුතුය.
sampath Monday, 30 October 2017 10:02 AM
ෂොපින් බෑගුත් කවනවනේ...
මංගල Wednesday, 01 November 2017 07:46 AM
මේ වගේ වෙලාවක පුලුවන් තරම් සද්දෙ අඩුකරගන්න ඕනෙ කියලා මේ මොල වලට තේරෙන්නෙ නැති හැටි
ගයාන් Monday, 06 November 2017 12:56 AM
අලියාට කෑම දීලා පුරුදු වෙලා තියෙන්නේ. මෙයා හිරිහැර කරන්නේ නම් නැහැ සාමාන්‍යයෙන්. සංයමයෙන් කෙසෙල් ඇවරියක් වගේ දෙයක් දීලා යන්න. මොනම හේතුවක් නිසා වත් සිලි කවර එක්ක දෙන්න එපා. මේ කට්ටිය උගත් අය වෙලත් සිලි කවරෙත් එක්ක දුන්නේ සිලි කවරෙන් අරන් තෙල් කඩදාසි අහක් කරලා කන්න අලි දැන් නැහැ. පලතුරු විතරක් දෙන්න. එ්ත් අලින්ට කන්න දෙන එක නරක දෙයක්, අලි ලෙඩවෙනවා මිනිස්සු කන කෑම කාපුවම, විශේෂයෙන් දියවැඩියාව වගේ තත්වයන්ට ලක් වෙලා තුවාල හදාගෙන ඉක්මනින් මියපරලොව යනවා. ඉතින් අලුතෙන් අලින්ට කන්න දීලා පුරුදු කරන්න එපා. සිලි කවර නිසා අලි කීප දෙනෙක්ම මැරුණා පහුගිය මාස කීපයට...