IMG-LOGO

2025 ජනවාරි මස 03 වන සිකුරාදා


සති දෙකේ දරුවා 50,000 කට විකුණලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සති දෙකක් වයසැති තම දරුවා රුපියල් 50,000ක මුදලකට විකුණු බව කියන මවක් මහබාගේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය.

මේ සම්බන්ධයෙන් සැකකාරියගේ සැමියා බව පැවසෙන තරුණයකුද දරුවා විකිණීමට අතරමැදියෙක් ලෙස කටයුතු කළ අයකුද අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

බිළිදා මාතලේ ප්‍රදේශයේ දරුවන් නොමැති කාන්තාවකට විකුණා ඇති බව අත්අඩංගුවට ගත් සැකකාරිය හා සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවිණි යැයි පොලිසිය කියයි.

එම බිළිඳා මිලදී ගත් කාන්තාව ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

පස්සර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වැලිසර ප්‍රදේශයේ නිවසක කාමරයක් කුලියට ගෙන තරුණියක් සමග  එහි රැඳී සිටිමින් වත්තල ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවය කර තිබෙන බවත් ඇය රාගම රෝහලේදී දරුවකු ප්‍රසූත කර ඇති අතර නිවෙස් හිමියා ඒ දරුවා කෝ කියා කාන්තාවගෙන් විමසූ අවස්ථාවේ කාමරයේ නිදාගෙන සිටින බව මුලින්ම ප්‍රකාශ කර තිබෙන බව පොලිසිය කියයි.

නිවසේ අයිතිකරු තවත් දවසක් දරුවා කෝ කියා කාන්තාවගෙන් විමසූ අවස්ථාවේ සැමියා දරුවා රැගෙන ගිය බව ඇය කියා ඇතැයි පොලිසිය කියයි.

නිවසේ අයිතිකරුට ඇතිවූ සැකයක් මත මේ බව මහබාගේ පොලිසියට පැමිණ පැමිණිලි කිරීමෙන් පසු මුලින්ම කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සිද්ධියේ සුලුමුල හෙළිකරගෙන කාන්තාවගේ සැමියා සහ දරුවා විකිණීමට අතරමැදියෙක් වශයෙන් කටයුතු කළ පුද්ගලයා ද අත්අඩංගුවට ගනු ලැබූහ.

කාන්තාව තරුණයා සමග නිත්‍යානුකූලව විවාහවී නොමැති බවත් දරුවකු ප්‍රසූත්‍ර කිරීම දෙපාර්ශ්වයෙන්ම වසං කිරීමේ අරමුණින් මෙවැන්නක් කර තිබෙන බවත් පොලිසිය කීය.

නිවසේ අයිතිකරු කාමරයක් කුලියට ලබාගත් අවස්ථාවේ කාන්තාව තමා සමග සිටින්නේ විවාහක සැමියා යැයි පවසා තිබෙන බව පොලිසිය පවසයි.

බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතාගේ අධීක්ෂණය යටතේ කැලණිය කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි ජයසිංහ සහ සහකාර පොලිස් අධිකාරී එච්.කේ. ආර්. ඒ. ගුණරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත මහබාගේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. ජේ. බණ්ඩාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (4)

සති දෙකේ දරුවා 50,000 කට විකුණලා

තුශාර Monday, 22 May 2017 09:08 AM

යල් පැන ගිය නීති වෙනස් කරන්න. අඩුම ගනනේ ගබ්සාවන් සිදු නොකර හරි, උපන් බිළිදා කුණු කූඩෙකට විසි නොකර හරි,.. එහෙම දරුවව හදාගන්න දුන්න එක ලොකු දෙයක්...

:       1       41

maheeTuesday, 23 May 2017 05:06 AM

තුෂාර හරියටම හරි... හරියට මහා අපරාධයක් කරලා වගේ මෙතන කතාව තියෙන්නේ... නමුත් ඒ මවට තියෙන සමාජ ප්‍රශ්නය තේරුම් ගන්නේ කවුද? දරුවා නොමරා හැදුවාට ඇයට පින් දිය යුතුයි!

:       0       0

nimallalitha Monday, 22 May 2017 10:19 AM

තුෂාර ඔබ හරි.

:       0       2

kithsiri Tuesday, 23 May 2017 02:00 AM

දරුවන් නොමැති පවුලක් මේ දරුවා හදාගෙන සමාජයට වැදගත් පුරවැසියකු කිරීමට තිබුණා. ඒ අවස්ථාව මේ මැදිහත්වීම මත නැතිවී ඇති හැඩයි. දැන් ඉතින් මේ දරුවාට පරිවාසභාරයේ අනාථ වන්නට සිදුවේවි....!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උණ්ඩ 12ක් -මැගසිනයක් සමඟ යුවළක් ඇතුළු 3 ක් අත්අඩංගුවට
2025 ජනවාරි මස 03 15 0

යුරෝපයේ සැගවී සිට මෙරට මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධකරුවෙක්ට අයත් ජීව උණ්ඩ 12ක් සහ මැගසිනයක් සමඟ යුවළක් ඇතුළු ති


යෝෂිත සී අයි ඩී යට
2025 ජනවාරි මස 03 447 1

හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහාතගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියේය.


මිල්ලනිය හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට
2025 ජනවාරි මස 03 721 5

ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතීඥ නිලන්ති කොට්ටචි මහත්මියට අපහාස වන ආකාරයෙන් පෝස්ටුවක් පළ කිරීමේ චෝදනාව මත මිල්ලනිය


එන්.පී.පී මන්ත්‍රිනියට අපහාස කළ පොහොට්ටු ප්‍රා මන්ත්‍රී අල්ලයි
2025 ජනවාරි මස 03 539 2

ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතීඥ නිලන්ති කොට්ටචි මහත්මියට අපහාස වන ආකාරයෙන් පෝස්ටුවක් පළ කිරීමේ චෝදනාව මත මිල්ලනිය


තලතා එජාප මහලේකම් ධුරයට
2025 ජනවාරි මස 03 548 1

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරය සඳහා තලතා අතුකෝරළ මහත්මිය පත් කරනු ලැබ තිබේ.


මැණිකක් හොයන්න නිවෙසෙ කැණීම් කරලා
2025 ජනවාරි මස 03 167 0

අනුරාධපුර,මිහිදුපුර ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ නිධන් ලබා ගැනිමේ අරමුණින් දින කිහිපයක් තිස්සේ කැණිම් කරමින් සිටි නිවෙස් හිමිකාර කාන්තාවක් ඇතුළු සි


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 382 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 196 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 180 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site