(දයාරත්න ඇඹෝගම)
සුනඛයන්ගේ සපා කැමට ලක්ව ජලභිතිකා රෝගයට ප්‍රතිකාර ලබාගැනීමට මේ වසරේ මුල් මාස හයට අනුරාධපුර ශික්ෂණ රෝහලට රෝගින් දහතුන් දහස් විසි දෙකක් (13022) පැමිණ ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අයන්ති කරුණාරත්න මහත්මිය පැවසුවාය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ අයාලේ යන සුනඛයන් 75000 ක් පමණ සිටින බවට සංගණනයකින් අනාවරණය වූ බවත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් අට දෙනෙක්ට එක් සුනඛයකු බැගින් සිටින බවත් අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.සි.ඩි.ආරියරත්න මහතා පැවසීය.
“මෙය බරපතල සමාජ ප්‍රශ්නයක්.අපේ රටේ සුනඛයන් ඇති කිරිම ගැන ජනතාවගේ කිසි පිළිවෙලක් නැහැ.මේ නිසා සුනඛ ගහනය වැඩිවි තිබෙනවා.“යැයි ඒ මහතා කීවේය.
මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය පරියේෂණ ආයතනයෙන් සිදුකළ විමසුමේදි වෛද්‍ය කාන්ති නානායක්කාර මහත්මිය පැවසුවේ ජලභීතිකා රෝගය සදහා රෝගියකුට දෙනු ලබන එන්නත් මාලාවට රුපියල් 2000ක් පමණ වැය වන බවයි.
රෝගියාගේ රෝගි තත්ත්වය අනුව මෙම වියදම වෙනස් විය හැකි බවත් සමහර විට එක් රෝගියකුට රැපියල් 50 000ක් පමණ මුදලක් වැය කිරිමට රජයට සිදුවන බවත් ඒ මහත්මිය පැවසුවාය.
නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ජේදයේ 8:5 උප වගන්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සුනඛයන් නිසා මසකට 2000ක් අ‘පුර රෝහලේ
ahinsaka Wednesday, 12 July 2017 10:23 AM
මේක ඔටාරා මැඩම්ට දන්වන්න.
kumar (galf) Wednesday, 12 July 2017 11:09 AM
මෙයාලව පාර්ලිමේන්තුවට යවන්න, එතන හොඳට කන්න තියෙනවා.
wije Wednesday, 12 July 2017 04:48 PM
ඉතින් ඒකනේ අර පහුගිය කාලේ අපේ මුදලාලිලා වගයක් මේකට විසදුමක් දුන්නේ ඇයි මතක නැත්ද අර කතරගම පෙරහැර කාලේදී මුව මස් ගොනමස් කියලා දීලා තිබුනේ පහුගිය කාලේ ලොකු අන්දොලනයකුත් ගියේ. ඒ මුදලාලිලා ටිකටම වැඩ බාරදෙන්න.නියමෙට වැඩේ කරාවි.