එෆ්.අස්ලම්
නැවතත් ආයුධ සන්නද්ධ ත්‍රස්ත අරගලයකට යාම මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අරගලයක් කිරීම සිය දේශපාලන ස්ථාවරය බවත් පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින්ගේ පක්ෂයේ නායක කන්දසාමි ඉන්බරාසා මහතා සදහන් කරයි.
එමෙන්ම දකුණේ සිංහල ජනතාව අතර වැරදි ප්‍රචාර ගෙනයමින් සිංහල දෙමළ ජනාතාව අතර ගැටුම් නිර්මාණය කිරීමට උත්සහා කරමින් දේශපාලන වාසි බලාපොරොත්තු වන ෆොන්සේකා, විමල් වීරවංශ වැනි දේශපාලකයින් අත්අඩංගුවට ගෙන පුනරුත්තාපනය කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
‘‘කළුකොටි දින සැමරුම් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැහැ. ඊට තහංචි වැටුනෙත් නැහැ. ඒ පිළිබද කිසිදු ප්‍රකාශයක් රජය විසින් සිදුකලෙත් නැහැ. මේ සැමරුම් අපි සිදුකළේ රහසිගතව නොවෙයි. ආරක්ෂක අංශ ඒ ස්ථානවල සිටියා . ඒ වගේම කළු කොටිදින සැමරුම් සිදුවූ කිසිදු ස්ථානයක කිසිදු ත්‍රස්ත ක්‍රියාවක් හෝ කිසිදු කලබලයක් සිදුවුනෙත් නැහැ.
රජය පුනරුත්තාපනය කළ හිටපු කොටි සාමාජිකයින් වශයෙන් පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින්ගේ පක්ෂය විදිහට තමයි අපි මේ සැමරුම් සිදුකළේ. හිටපු කොටි සාමාජිකයින් වූ අපි ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට පුනරුත්තාපනය වෙලා ආයුධ සන්නද්ධ අරගල මුළුමනින්ම ප්‍රතික්ෂේප කරල ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අරගලයක් කරන්න මැතිවරණ කොමිසම ඉදිරියේ සහතික වෙලා ලියාපදිංචි වෙලයි ඉන්නේ.
දකුණේ සිටින අන්තවාදී පාර්ශ්වයන් සිංහල ජනතාව අතරට වැරදි ප්‍රචාරයන් ගෙනයනවා. එතුළින් ඔවුන් නැවතත් සිංහල - දෙමළ අරගලයක් නිර්මාණය කරල රජයද අවුල්සහගත කරමින් දේශපාලන වාසි ගැනීමට උත්සහා කරනවා.එසේ කටයුතු කරන සරත් ෆොන්සේකා, විමල් වීරවංශ වගේ අය මුලින්ම අත්අඩංගුවට අරන් පුනරුත්තාපනය කරන්න ඕනෑ.
අප මේ රටේ වෙසෙන ශ්‍රීලාංකික පුරවැසියන්. මියදුනු අපගේ ඥාතී හිතමිත්‍රාදීන් වෙනුවෙන් පූජාවන් සිදුකලා කියල රටේ නීතිය හා සාමය කඩවෙන්නෙ කොහොමද. අප පුනරුත්තාපනය වෙලයි සමාජගත වෙලා ඉන්නෙ. අපව තව තවත් ත්‍රස්තවාදීන් කියල කතුරෙන් අනින එක පිළිගන්නෙ කොහොමද කියල දකුණේ සිංහල ජනතාව තමයි කියන්න ඕන. එහෙම බලනවා නම් එල්.ටී.ටී.ඊ සංවිධානය සමග ජිනීවා දක්වා සාකච්ඡා 22ක් කරපු සියළු පාර්ශවයනුත් ත්‍රස්තවාදීන් තමයි. ඔවුන්වත් අත්අඩංගුවට ගත යුතුයි නේ.‘‘
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා බ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ඇගේ නේවාසිකාගාරය තුළදීම බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අ
ශ්රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා එම මන්ත්‍රී ධූරයෙන් අද ඉල්ලා අස්විය.
ආහාර ආශ්‍රිත ව රෝගාබාධ වලට ගොදුරුවන ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ඉරිදා (16) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
මන්නාරම සුළං බලාගාරයේ ඉඩම් සම්බන්ධයෙන් නඩුවක් පවතින හෙයින් එහි කටයුතු අදානි සමාගමට මෙන්ම ලංකා රජයටද දැන්ම ආරම්භ කළ නොහැකි බව විදුලි බල හා බලශක්තිය අ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සන්නද්ධ අරගලයක් යළි එපා යයි හිටපු කොටි කියති
සතයපාල Monday, 09 July 2018 04:15 PM
මියගිය අය අවුරුද්දේ කැමති දවසක සිහි කිරිමේ අයිතිය මේ රටේ ඕනෑම පුරවැසියකුට තිබෙන නමුත් තහනම් සංවිධානයක ලාංඡන හා නාමයන් භාවිතා කරමින් ප්‍රසිද්ධයේ සැමරුම් වැඩ සටහන් හෝ උත්සව පවත්වන්න කිසිම සංවිධානයකට හෝ පුද්ගලයකුට අයිතියක් හෝ නිදහසක් නොමැති බවට ඔබලා අවබෝධ කරගත යුතුය.
ධනුෂ්කTuesday, 10 July 2018 07:25 AM
එ්ක අැත්ත එ් වගේම ගිනිපෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරියටත් බයයි. එ් නිසා යුද්ධයෙන් අැත්තටම බැටකාපු අය නැවත් සන්නද්ධ අරගල කරගල කරන එකක් නෑ. හැබැයි කොළඹබට වෙලා එ් කාලේ සැපට හිටියට අය තමා නැවත උතුරේ තරුණයන් අතට තවක්කුව දෙන්න හදන්නේ.මිනිසුන් තේරුම් නොගන්න එකම දේ මේ දෙපැත්තෙම පාලකයන්. තම බලය, හා ධනය ගොඩනගන්නේ ජනතාවගේ ලේ. කඳුලු, දහඩිය මතින් බව. එහි අග්‍රඵල තමා අපි මෙතෙක් අත්විඳ අැත්තේ.
sarath Monday, 09 July 2018 06:00 PM
හරියට පුනරුත්ථාපනය වෙලා නැහැ.කොටි සංවිධානය ලංකාවේ තහනම්.
දේශමාමක Monday, 09 July 2018 11:05 PM
සහෝදර, සහෝදරියනි ! උතුරේ සිටින ඔබලා පමණක් නොවේ දකුණේ සිටින අපිද එකතුවී මේ තුච්ච තක්කඩි දේශපාලකයින් ටික හා ඒ අයගේ හෙන්චයියලා ටික පන්නන දින වැඩි ඈතක නම් නොවේ.
ජගත් ලියනගේ Monday, 09 July 2018 11:33 PM
පුනරුත්තාපනය වෙලාද නැත්ද කියන එක ක්‍රියාවෙන් ඔප්පු කරල පෙන්නන්න ඕන....... එහෙම නැතුව කතා අපිට වැඩක් නැහැ .
Samathasena A . Aluthgama Tuesday, 10 July 2018 02:43 AM
මියගිය කොටි සැමරුමට මාද විරුද්ධයි.කොටි සංවිධානය තහනම් සංවිධානයක්. ඒත්,අපේ පැත්තෙත් අඩුපාඩු තියෙනවා.කොටින්ටත් පෙර රටේ තස්ත්‍රවාදී අරගල කල ජේවීපී එක ඒ නමින්ම ඉල් මහ සමරුව පවත්වනවා. ඒ නමින්ම දේශපාලන පක්ෂයක් තියෙනවා. ස්ට්‍රයික් සහ අරගල කරනවා. ඒත් ඔවුන්ට පෙර නමින් වැඩකිරීමට කිසිම තහනමක් නැහැ. මේවා ගැන කිසිදු වගක් නැතිව සිටින අපට උතුරේ වරද පමණක් පේනවා. කව්රු කලත් වරද වරදමයි.
ධනුෂ්කTuesday, 10 July 2018 07:02 AM
ඔබ තුමා ටිකක් ත්‍රස්තවාදය, විප්ලවය, අරගල, යුද්ධ, බෙදුම්වාදය යන වචනවල සරල අර්ථය දන්නවනම් ඔහොම කරන එකක් නෑ. චීනයේ,රුසියාවේ,කියුබාවේ, වියට්නාමයේ, උ.කොරියාවේ, යුගෝස්ලෝවියාවේ ජ.වි.පෙ කලා වගේ සමාජවාදි විප්ලව කරලා අාණ්ඩු පිහිටෙව්වා හැබැයි ජ.වි.පෙ ට බැරිවුනා. එ් වගේම ධනාවාදි විප්ලවත් වෙනවා. මෑත කාලිනව මැදපෙරදිගත් එහෙම වුනා. හැබැයි ඔවුන් ත්‍රස්තවාදින් ලෙස පිලිගත්තේ නෑ. සෑම රටකම ජනතාවට අයිතිය තියනවා. අාණ්ඩුව ජනතා විරෝධීනම් ඊට එරෙහිව සටන් කරන්න. එ්ක හැබැයි තවස්දම් පුරනවා වගේ වැඩක් නෙමේ ජ.වි.පෙ ත් කරේ එහෙම විප්ලවයක්. එ්කයි ජ.වි.පෙ හා එම සැමරුම් තහනම් නැත්තේ.
ධනුෂ්කTuesday, 10 July 2018 07:14 AM
විප්ලව හා බෙදුම්වාදී තස්ත්‍රවාදය අතර වෙනස් වටහා ගන්න බැරි ඔබ තුමන්ලා. අනේ මන්දා. දැන්වත් තේරුම් ගන්න ජ.වි.පෙ හා ඔවුන්ගේ සැමරුම් කිසිම අාණ්ඩුවක් තහනම් නොකලේ කොටි හා ජ.වි.පෙ අතර වෙනසක් තියන නිසා. එ් වගේම විප්ලවය යනු රෑ කෑම වේලක් වගේ නොවේ.යුද්ධයකදී විප්ලවකදී සිදු වන්නේ ලෝකේ කොහෙවත් සිදු විය යුතුයි කියලා සම්මත දේ නොවේ. ඔබ වැනි වැඩිහිටියකුට මේ වෙනස කියා දීමට සිදු වීම ගැන කණගාටුයි. ඔබ තුමා කළුතර,බේරුවල පැත්තට ළඟ අැති.
ධනුෂ්කTuesday, 10 July 2018 07:14 AM
විප්ලව හා බෙදුම්වාදී තස්ත්‍රවාදය අතර වෙනස් වටහා ගන්න බැරි ඔබ තුමන්ලා. අනේ මන්දා. දැන්වත් තේරුම් ගන්න ජ.වි.පෙ හා ඔවුන්ගේ සැමරුම් කිසිම අාණ්ඩුවක් තහනම් නොකලේ කොටි හා ජ.වි.පෙ අතර වෙනසක් තියන නිසා. එ් වගේම විප්ලවය යනු රෑ කෑම වේලක් වගේ නොවේ.යුද්ධයකදී විප්ලවකදී සිදු වන්නේ ලෝකේ කොහෙවත් සිදු විය යුතුයි කියලා සම්මත දේ නොවේ. ඔබ වැනි වැඩිහිටියකුට මේ වෙනස කියා දීමට සිදු වීම ගැන කණගාටුයි. ඔබ තුමා කළුතර,බේරුවල පැත්තට ළඟ අැති.
ජගත් ලියනගේ Tuesday, 10 July 2018 02:44 AM
කතුරෙන් අනින්නේ ඔය දෙන්න විතරක්ද කියල මධ්‍යස්තව හිතලා කතා කරනවනං හොඳ නැත්ද ?
Chamara Tuesday, 10 July 2018 05:27 AM
මේ පාර සතුරා එන්නේ මිතුරෙක් ලෙසට, බලධාරිනි විමසිල්ලෙන් සිටින්න.
Sanath Tuesday, 10 July 2018 07:06 AM
අවුරුදු 26 ක යුද්ධයෙන් වැඩිපුරම බැටකෑවේ උතුරු නැගෙනහිර ජනතාව ඔවුන්ගෙනුත් පණ එපා කියල යුද්ධ කෙරුවේ මේ පණ බේරාගත්තු ටික දෙනා. ඔවුන් දන්නවා යුද්ධයේ නිෂ්ඵල බව. ඉතින් අයෙමත් යුද්ධ කරන්න පටන්ගත්තොත් වැඩියෙන්ම දුක් විඳින්න වෙන්නේ මෙයාලටයි පවුල්වල අයටයි කියල හොඳින්ම දන්නවා.