වසන්ත චන්ද්‍රපාල
පෞද්ගලික වෙළදුන් විසින් අඩු මිලට සීනි ගෙන්වීම නිසා ලංකාවේ සිනි නිෂ්පාදනයට විශාල පහරක් වැදී ඇති බව ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී නන්දන ජයසිංහ මහතා පැවසීය.
මේ වෙන විට හිගුරාණ, සෙවණගල , පැලවත්ත යන කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන සීනි පෞද්ගලික වෙළදුන් විසින් අඩු මිලට ඉල්ලුම් කිරිම නිසා මෙම කර්මාන්ත තුනම පවත්වාගෙන යෑමේ ගැටලුවක් මතුවි ඇති බවද පැවසීය.
ඉන්දියාව ඇතුළු විවිධ රටවලින් සීනි ගෙන්විමේදී කිලෝවක් රුපියල් 80 ක් වන නිසා ලංකාවේ සිනි කර්මාන්ත වලින් එම මුදලට සිනි ඉල්ලුම් කිරිම නිසා මෙම තත්වය උදාවී තිබේ.
දැනට ලංකාවේ සිනි කිලොවක් නිෂ්පාදනය කිරිම සඳහා රුපියල් 126 ක් වියදමක් යන අතර අසුවට එය අලෙවි කිරිමට නොහැකි වන බවද නන්දන ජයසිංහ මහතා පැවසීය.
දැනට මෙම මුදලට අලෙවි නොකරන අතර මේ හේතුව නිසා උක් ගොවියන්ට මුදල් ගෙවිමේ ප්‍රමාදයක් සිදුවෙන බවද සඳහන් කළේය.
දැනට හිගුරාණ, සෙවණගල,පැල්වත්ත යන කර්මාන්ත ශාලා තුනෙන්ම වසරක්ට සිනි ටොන් 56.000 ක් නිෂ්පාදනය කරන අතර ලංකාවේ වසරක සිනි අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් ලක්ෂ හතක් වන බවද කීය. දැනට වසරකට මෙට්ට්‍රික් ටොන් හය ලක්ෂ හතළිස් හතර දාහක් විදේශ රටවලින් ගෙන්විමට සිදුව ඇති බවද සදහන් කළේය.
පොද්ගලික වෙළදුන් සිනි අඩු මිලට ගෙන්වුවත් පාරිභෝගික ජනතාවට වෙළඳපොළෙන් සිනි ගැනීමට සිදු ඇත්තේ සුදු සීනී 106 සහ දුඹුරු සිනි රුපියල් 112 ට මිලට බවද කීය.
සීනි කර්මාන්ත දියණු කිරිම සදහා රජය විසින් ගොවියාට පහසුකම් දිය යුතු අතර පොහොර සහනාධාරය,සහ අඩු පොලියට ණය ලබාදීම එහි ප්‍රධාන කාර්යන් දෙක බවද පැවසිය.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සීනි ආනයනය නිසා දේශීය සීනි නිෂ්පාදනයට පාඩුවක්
himal Wednesday, 08 August 2018 09:56 AM
ලංකාවේ සීනි කර්මාන්තය ලාභ ලබන්නේ අරක්කු නිෂ්පාදනයෙන්, ඒ වගේම ලංකාවේ සමස්ත දේශීය ඉල්ලුමට ප්‍රමාණවත් සීනි තොගයක් රට ඇතුළේ නිපදවන්නේ නෑ.
Sam Wednesday, 08 August 2018 01:36 PM
ඉන්දියාව බ්‍රසීලය වගේ රටවල් සීනි නිෂ්පාදනය කරලා නැවු ගුදම් ආනයන රෙගු සහ ප්‍රවාහන ගාස්තු එකතුව 80 ට දෙන්න පුළුවන්. නමුත් අපේ නිෂ්පාදන වියදම වැඩියි. කව්රුත් අපේ කාර්යක්ෂමතාවය වැඩිකරන්න බලන්නේ නැ.
Nuwan Wednesday, 31 January 2024 06:40 AM
නමක් ගමක් දාලා කියන්න බෑ... නැත්කම් කියවා පාලකයෝ මේ ආයතන විනාශ කරන හැටි ඔවුන්ගේ නටු කාපු අය රට විනාශ කරනවා...