IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සීනි වල සඟවා අම්මා පුතුට හෙරොයින් ගෙනියයි

(චමිල් රූපසිංහ)
 
මහනුවර පල්ලෙකැළේ   බන්ධනාගාරයේ  සිරගතව සිටින තම පුත්‍රයාට ලබාදිම සඳහා සුක්ෂම ලෙස සිනි වල සඟවා හොරොයින් ගෙනමින් සිටි කාන්තාවක් පල්ලෙකැළේ පොලිසිය  අද (02) අත් අඩංගුවට ගෙන ඇත.
 
මහනුවර සුදුහුම්පොළ ප්‍රෙද්ශයේ පදිංචි අවුරුදු 68 ක් පමණ වන මෙම කාන්තාව සිනි වල සුක්ෂම ලෙස හොරොයින් සඟවාගෙන ගෙනවිත්  ඇති අතර බෝගම්බර  බන්ධනාගාර නිලධාරින් පරික්ෂා කරනු ලබන අවස්ථාවේදි මෙය හමු වී ඇති බවත් ඉන් අනතුරුව එම කාන්තාව මහනුවර පල්ලෙකැලේ පොලිසියට භාර දුන් බවද පොලිසිය පැවැසිය.
 
රැදවුම් නියෝග යටතේ  මෙම කාන්තාව රදවා  ප්‍රශ්න කරමින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබන බව පොලිසිය සඳහන් කළේය.

 



අදහස් (9)

සීනි වල සඟවා අම්මා පුතුට හෙරොයින් ගෙනියයි

asanka Friday, 02 October 2020 10:50 AM

මේ මව බොහෝවිට කර ඇත්තේ හෙරොයින් වලට ඇබ්බැහිවූ තම පුතාට හෙරොයින් ලබාදීමට තැත් කිරීමයි. ඇය මවක් ලෙස මෙහිදී අසරණ වූවා විය හැකිය. මේවායේ ඇත්ත වරදකරුවන් නම් රට තුළට මහා පරිමාණයෙන් හෙරොයින් ගෙන එන කුඩු මුදලාලිලයි...

:       4       18

SLSunday, 04 October 2020 01:39 AM

සහතික ඇත්ත. කුඩු වලට ඇබ්බැහි වූ තරුණයින් සමහර විට කුඩු මුදලාලිලාගේ වහල්ලු වගේ .ඔවුන්ට කුඩු නැතිව ජීවත් වෙන්න අමාරුයි, ඒ සිරුර පුරා දැනෙන වේදනාව. ඔවුන්ට වේදනාව අඩුකරගන්න පුළුවන් වන්නේ කුඩු ටිකෙන් ,ඒ නිසා ඔවුන්ගේ කුඩු වේල වෙනුවෙන් ඇබ්බැහිවූ තරුණයින් ඕනෙම දෙයක් කරනවා. හිතේ ලොකු හයියක් තියෙන කෙනෙක් සතියක් දෙකක් අමාරුවෙන් කුඩු වලින් වෙන් වුනොත් ජීවිත කාලෙම කුඩුවලින් මිදෙන්න පුළුවන්. කුඩු වලට ඇබ්බැහි වූ තරුණයින්ට රජයේ සහය අනිවාර්යයෙන් අවශ්‍යයි. පෘතිගීසියේ මෙය ක්‍රියාත්මක වෙනවා.

:       0       0

චින්තක Friday, 02 October 2020 12:20 PM

මේ වගේ අම්මලා තමයි දරුවන් සමාජද්‍රෝහීන් කරන්නේ. මෙවැනි අම්මලා අපේ සමාජයේ අනන්තවත් ඉන්නවා. සමහර අම්මලා කියනවා කොල්ලො වුණාම ටිකක් බොන්න ඕනෑ කියලා. එහෙම කියන අම්මලා තමාගේ කොල්ලන් බීගෙන ඇවිල්ලා වමනේ දමන විට ඒවාත් පිරිසිදු කරන්නේ ආදරේට කියලයි කියන්නේ. මෙවැනි අම්මලටත් සිරි දඬුවම් දුන්නොත් සිරකරු සුබසාදන කට්ටිය පිකටින් කරාවි..

:       3       8

RaveendraSaturday, 03 October 2020 04:17 AM

ඔබගේ අදහස් අප අගයන්නෙමු.... මේ අම්මගේ ක්‍රියාව අප කිසිවිට අනුමත නොකරන බවත් කිව යුතුය. අම්මෙකුට තම දරුවා පල් හොරෙක්, දුෂිතයෙක්, පාදඩයෙක් හෝ අපරාධකරුවෙකු උනත් ඇයට දරුවා මිනිකැටයකි.... ඔබේ අම්මාටත් ඔබව මිණි කැටයකි එයයි යතාර්ථය. තම දරුවන් කුමක් හෝ වේදනා විදිනකොට ඒ දරුවන් ලග ඉන්නේ විශේෂයෙන් ඒ දරුවාගේ අම්මාය... " අතේ සතේ නැතත් අම්මා පුතේ කියයි" යන කියමන මෙම අවස්ථාවට ගැලපෙනවා යන්න අපට පමණක් සිතෙන්නේද ? කෙසේ වෙතත් මේ අම්ම පිලිබදව අපට ඇත්තේ මහත්වූ කනගාටුවකි..

:       0       6

Raveendra Friday, 02 October 2020 02:48 PM

ඉතාම කණගාටුදායක සිදුවීමක්...

:       0       9

wije Friday, 02 October 2020 04:56 PM

මව් සෙනෙහසේ සීමාවක් නැහැ කියන එකට හොඳම උදාහරණයක් තමයි මේක. කොච්චර නරක වුණත් තමන්ගේ දරුවන්ගේ කැමැත්ත, ආසාව වෙනුවෙන් පෙළඹෙන අවස්ථා සමාජයේ ගොඩක්ම තියෙනවා. මේකත් එවැනිම දෙයක් තමයි.

:       1       6

kamal Saturday, 03 October 2020 05:12 AM

ඔය ඔක්කොම බණ පැත්තකින් තියලා මත්ද්‍රව්‍ය මිලදීගත්තේ කාගෙන්ද කියලා දැනගැනීම ඉස්සෙල්ලාම අවශ්‍යයි.

:       1       4

Shantha -Qatar Saturday, 03 October 2020 02:06 PM

ඔබේ අදහසට මමත් එකඟයි.

:       0       0

Bamunuarachchi Sunday, 04 October 2020 05:05 AM

වැඩේ වැරදි එක වෙනම කතාවක් නමුත් මේක තමයි දරු සෙනෙහස.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 3 0

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 44 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 67 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 327 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 132 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 395 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site