(අප්සරා යෝසිත් විජේසූරිය)
සබරගමු මහ සමන් දේවාලයේ දී සැප්තැම්බර් 10 වැනි දා කප් සිටුවීමේ චාරිත්‍ර ඉටුකිරීමෙන් පසු 2018 වාර්ෂික ඇසළ මහා පෙරහර කටයුතු ආරම්භය සිදුවන බවත් මෙවර ඇසළ මහා පෙරහර අති උත්කර්ෂවත්ව පැවත්වීමට කටයුතු සම්පාදනය වී ඇති බවත් සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේය.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ අගෝස්තු 24 වැනි දා පස්වරුවේදී පැවති මහ සමන් දේවාලයේ 2018 වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය පිළිබඳ විශේෂ සාකච්ඡාවකදී සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා මෙසේ පැවසුවේය.
ආගමික චාරිත්‍රානුකූලව සබරගමු මහ සමන් දේවාලයේ දී සැප්තැම්බර් 8 වැනි දා මහා සංඝරත්නය විසින් සිදුකරන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව, සහ පසුදින එනම් 9 වැනි දා උදෑසන මහා සංඝරත්නය වෙත පිරිනැමෙන සංඝගත දක්‍ෂිණාවෙන් පසුව, සැප්තැම්බර් 10 දිනදී සබරගමු මහ සමන් දේවාල භූමියේ දී සම්ප්‍රදායානූකුලව කප් සිටුවීමේ චාරිත්‍රය සිදුකර, එදින සිට මෙවර සබරගමු මහ සමන් දේවායේ වාර්ෂික ඇසළ පෙරහර කටයුතු ආරම්භ කෙරෙන බව එහිදී බස්නායක නිලමේවරයා පැවසීය.
එහිදී සබරගමු මහ සමන් දේවාලයේ මෙවර වාර්ෂික ඇසළ මහා පෙරහර කටයුතු පැවත්වෙන ආකාරය සම්බන්ධව දින කාලසීමාවන් සහිතව බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා මෙසේ විස්තර කළේය.
මෙවර සබරගමු මහ සමන් දේවාලයේ සැප්තැම්බර් 10 වැනි දා පස්වරුවේ දී කුඹල් පෙරහර දේවාල භූමියේ විදී සංචාරය ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 10 දින සිට 15 දක්වා කුඹල් පෙරහරත් පැවත්වෙනවා. සැප්තැම්බර් 16 දින සිට 20 දින දක්වා දෙවොලේ පෙරහරත්, 21 දින සිට 25 දින දක්වා මහා පෙරහරත් පැවැත්වීම සිදුවනවා. පෙරහර චාරිත්‍ර සම්ප්‍රදායානුකූලව සැප්තැම්බර් 26 පෙරවරුවේ දී දියකැපීමේ ගඟේ පෙරහර කොටාඹේ තොටුපළින් ආරම්භ වී මල්වල ප්‍රදේශයේ කළු ගඟේ දියකපන ස්ථානය දක්වා ගමන්කර එම චාරිත්‍ර නිමවා ආපසු, එදින දහවල් පෙරහරින් සමන් දේවාලය වෙත ගමන් කර, දේවාභරණ තැන්පත් කිරීමෙන් පසුව පෙරහර කටයුතු නිමාව සනිටුහන් කිරීමට නියමිතය.
එසේම සැප්තැම්බර් 10 වැනි දා පෙරහර කාලසීමාවේදී තාවකාලික කඩබිම් වෙළඳකුටි පිළිබඳ ටෙන්ඩර් විවෘත කිරිම සිදුකරන බවත් එහිදී හෙතෙම පැවසුවේය.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සබරගමු මහ සමන් දේවාලයේ කප් සිටුවීම 10 දා
Kumar (Gulf) Sunday, 26 August 2018 10:53 AM
ඊළඟට කපුවා වෙඩි තියයිද දන්නේ නෑ. ලොකු හමුදුරුවන්ට, අර කිරිවෙහෙරේ වගේ...