IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සමගි ජන බලවේගය ’ඩයනාගේ’ පක්ෂ සාමාජිකත්වය තහනම් කරයි

 

 

(නිමල කොඩිතුවක්කු)
 
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස  මහතා පියවර ගෙන ඇත.

සමගි ජන බලවේගය ව්‍යවස්ථාවේ 15  I ( ඇ) වගන්තිය යටතේ තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඩයනා ගමගේ මහත්මියගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමට කටයුතු කර ඇති බව සජිත් ප්‍රේමදාස මහතා ඇය වෙත ලිපියක් යොමුකරමින් සදහන් කරයි.
 
එම ලිපියේ තවදුරටත් මෙසේද දැක්වේ.

"ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‍ෂිත කිරීම සඳහාත්, ඒකාධිපතිවාදය පරාජය කිරීම සඳහාත්, පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරමින් එකී පනත් කෙටුම්පත පරාජය කිරීම සඳහා කටයුතු කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානගත සියළු පක්ෂවල මන්ත්‍රි කණ්ඩායම විසින් 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඒකමතිකව තීරණය කරන ලදි. ඒ අනුව එකී ඒකමතික තීරණය ප්‍රකාරව කටයුතු  කරන  ලෙසට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක තුමා විසින් "ත්‍රිත්ව ඉරි විධානයක්" ද නිකුත් කිරීමට කටයුතු කරන ලදි.

එහෙත් 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළව පාර්ලිමේන්තුවේ දෙවනවර හා තෙවනවර ඡන්දය විමසන අවස්ථාවේදී, සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ එකී ඒකමතික තීරණයද, ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් නිකුත් කරන ලද ත්‍රිත්ව ඉරි විධානයද උල්ලංඝණය කරමින් සහ/හෝ ඊට අකීකරුව සහ/හෝ ඒවාට අවනත නොවී 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඔබ විසින් කටයුතු කිරීම හේතුවෙන් ඉතා පහසුවෙන් ආණ්ඩු පක්ෂයට විනාශකාරී 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට හැකි විය. ඒ අනුව ඔබ විසින් 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය  පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් ගන්නා  තීරණය ද, ඒ අනුව කටයුතු කරන ලෙසට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් දෙන ලද එකී විධානයන්ට ද එරෙහිව සහ/හෝ අවනත නොවී සහ/හෝ ඒවා උල්ලංඝණය කරමින් බරපතල ලෙස පක්ෂයේ විනය කඩකිරීමක් සිදු කොට ඇත.

ඒ අනුව සමගි ජන බලවේගය පක්‍ෂයේ කීර්ති නාමය හෝ යහපැවැත්ම හා උන්නතිය තකා ඔබගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමට අවශ්‍ය බව මා තීරණය කළ අතර, ඒ අනුව ඔබගේ සමගි ජන බලවේගය පක්‍ෂයේ සාමාජිකත්වය සමගි ජන බලවේගය පක්‍ෂ ව්‍යවස්ථාවේ 15 I (

ඇ) වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල  ප්‍රකාරව වහාම තහනම් කරන බව මෙයින් දැනුම් දෙමි.

15  I (ඇ) -  පක්‍ෂයේ කීර්ති නාමයට හෝ යහපැවැත්මට හා උන්නතිය තකා අවශ්‍ය නම් සාමාජිකයෙකුගේ සාමාජිකත්වය තහනම් කිරීමටත්,  සංවිධානයක් නම් එහි වැඩකටයුතු තහනම් කිරීමටත්  පක්ෂයේ සභාපතිවරයාට බලය ඇත



අදහස් (7)

සමගි ජන බලවේගය ’ඩයනාගේ’ පක්ෂ සාමාජිකත්වය තහනම් කරයි

සමදරා Monday, 16 November 2020 09:15 AM

ඩයනව විතරක්. අනිත් අය?

:       0       0

Raveendra Monday, 16 November 2020 09:30 AM

සමගි ජනබලය කියමින් කෑමොර දුන්නාට... දැන්නම් අසමගි ජනබලය බව පැහැදිලිය.. හොස්ස ලගින් දෑකැත්ති යන්නට බැහැ නේද..... සත්ගුනවත් සජි මලය වධකය ලෙස පත්වූවා...

:       0       1

makara Monday, 16 November 2020 09:33 AM

රනිල්ට අවුරුදු 30 කරන්න බැරිවුණු දේ සජි කළා. රෙස්පෙක්ට්

:       0       0

dhamneth Monday, 16 November 2020 10:59 AM

ලංකාවෙ මිනිස්සුන් ඡන්දය දෙන්නේ පක්ෂයට නිසා පක්ෂයට විරුද්ධව ගියොත් මන්ත්‍රී ධුරය අහෝසිකළ හැකි විදිහට දැන් ගෙන එන ව්‍යවස්තාවට කරුණු ඇතුලුකරගන්න. ඒ වගේම ජෙ.ආර්. ජයවර්ධන මහතා කළා වගේ දින නොදා අස්වීම් ලිපි ලබාගන්න.

:       0       0

NM Monday, 16 November 2020 11:02 AM

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස පක්ෂයේ විනය කඩකරමින් සිටියදී රනිල් මහතා නම් තද තීන්දු නොගත්තේය

:       0       0

Dalsiwandabona Monday, 16 November 2020 11:23 AM

කොරෝනා ආවා දැන් කෙලෝනා එනවා...

:       0       0

eresh S kumara Monday, 16 November 2020 11:33 AM

ඔයා ගනන් ගන්න එපා ඩයනා, මේ චාර්ල්ස් ඉන්නව ඔයාට...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 635 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 525 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 133 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1774 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site