IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘සුමන්තිරන් ශ්‍රී ලාංකිකයෙක් කියලා එයාට අමතක වෙලා‘

(පාලිත ආරියවංශ )


මේ රටේ දෙමුහුන් අධිකරණයක්  පිහිටුවන ලෙස ඉල්ලා ජාත්‍යන්තර අධිකරණය යාමට උත්සාහ කිරීම  83 දි මෙන් නැවත කළු ජූලියක් ඇති කිරීමට හේතුවිය හැකි කරුණක් බැවින් එවැනි ගොන් හා තකතිරු කතා නොකියා  තමා ශ්‍රී ලාංකික පුරවැසියෙක් බව සිතා කටයුතු කරන්නැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී  සුමන්තිරන් මහතාගෙන්  තමා ඉල්ලා සිටින බව   පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (24) හාලි ඇල දී පැවැති මාධ්‍ය හමුවකදි  පැවසීය .

ඩිලාන් පෙරේරා මහතා මෙසේද පැවසීය.

‘සුමන්තිරන් මන්ත්‍රීතුමා කියල තිබුණා  ශ්‍රීලංකාව යුධ අපරාධ කරුවෝ හැටියට නම්කරල  ඒගොල්ල නඩුදාන්න කටයුතු කරනවා කියල. සුමන්දිරන් මන්ත්‍රීතුමාට අමතක වෙලා තියෙනවා එතුමා ශ්‍රී ලාංකිකයෙක් කියල .ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියක් තියෙනවා . ඒ අධිකරණ පද්ධතියේ ‍අපේ රටේ ව්‍යාවස්ථාව අනුව දෙමුහුන් අධිකරණ පිහිටුවන්න බැහැ .
 
සුමන්තිරන් මන්ත්‍රීතුමා කියා තිබුණා  දෙමුහුන් අධිකරණ  දාන්න දුන්නෙ නැතිනම් ඒගොල්ල ජ්‍යත්‍යන්තර අධිකරණයට යනවා කියල නමුත් එතුමා නීතිඥයෙක් .ජනාධිපති නීතිඥයෙක් ව්‍යවස්ථාව හොදටම දන්නවා .අපේ රටේ ව්‍යවස්ථාවට අනුව දෙමුහුන් අධිකරන පිහිටුවන්න බැහැ කියල . මේ රටේ පුරවැසියෙක් නොවී, නීති විද්‍යාලයේ නීතිඥ විභාගය සමත්නොවී  මේ රටේ අධිකරණයක  නීතිඥවරයෙක් වශයෙන් හෝ අධිකරණයේ විනිශ්චය කාර වරයෙක් වශයෙන් පෙනී සිටින්න බැහැ . ජී.එල්. පීරිස් මහත්තයා ලියපු පොත් පාඩම්කරල තමයි අපි විභා පාස් උනේ .  නමුත් එතුමා නීතිය පිළිබදව මහාචාර්යවරයෙක් උනත් නීති විද්‍යාලයෙන් ආ නීතිඥයෙක් නොවෙයි . එනිසා එතුමාට නීතිඥයෙක් වෙන්න බැහැ .


අපේ රටේ ව්‍යාවස්ථාවට අනුව  දෙමුහුන් අධිකරණයක් පිහිටුවන්න බැහැ කියල විදේශ කටයුතු ඇමති තිලක් මාරපන මහතා ත් කියනවා .එහෙම තියෙද්දි ජාත්‍යන්තර අධිකරණයට  යන්න හදනවානම් ඒ ඔබ කරන්නේ නැවත වරක් ඔබතුමා මේ රටේ අහිංසක දෙමල  ජනතාව බිල්ලට දෙන එක යි කියල මම සුමන්දිරන් මන්ත්‍රීතුමාට කියනවා . අහිංසක  දමිල හා සිංහල ජනතාව අතර වෛරයක් ඇතිකරල 83 වගේ කලු ජූලිය කට හේතු වියහැකි  කතා පතුරවන්න   එපා කියල සුමන්තිරන් මහතාගෙන්  කරුණාවෙන් ඉල්ලා සිටිනවා යැයිද  ඩිලාන් පෙරේරා මහතා පැවසීය .



අදහස් (23)

‘සුමන්තිරන් ශ්‍රී ලාංකිකයෙක් කියලා එයාට අමතක වෙලා‘

fasmy Sunday, 24 March 2019 09:59 AM

මහත්තයෝ ඔය කියපු 100 % ක් හරි එවුණාට ඔයා ඕක කියන්න ඕනේ සුමන්තිරන් එක්ක පාර්ලිමේන්තුවේ එකට කන වෙලාවට හාලිඇල ගිහිල්ල අහිංසක ජනතාවට කියලා වැඩක් නෑ.. මිනිස්සු මොනවා කරන්නද? සුමන්තිරන් ඕක කිව්වේ කෙලින්ම යූ.එන්. එකට... සුමන්තිරන් කොළඹදී ලේසියෙන්ම ඔයාට හමු වෙනවා. ඒ වෙලාවට මුහුණටම ඕක අහන්න පුළුවන්...

:       2       127

chamath Sunday, 24 March 2019 10:22 AM

දෙපත් නයි ගැන අපි දන්නවා...

:       0       107

Chinthaka Sunday, 24 March 2019 11:04 AM

සුමන්තිරන් නටන්න ගත්තේ 2015 ජනවාරියෙන් පස්සේ..

:       234       160

BamunuarachchiSunday, 24 March 2019 01:53 PM

නටන්නේ රනිල්ගේ කරේ ඉඳන් සිංහලයාට අතින් බෝල පෙන්වමින්... රනිල් එයාව කරේ තියාගෙන කාවඩි නටනවා 62ත් ඒ සමගම නටනවා.

:       333       188

Chanak Los angelesMonday, 25 March 2019 12:40 AM

සුමන්තිරන් කරේ හිටියම මොකද? නිරායුධ පොලිස් නිලධාරීන් 800ක් අමුඅමුවේ මරපු කොටි සංවිධානයේ දෙවෙනි සන්නද්ධ ත්‍රස්ත නායකයාට පක්ෂයේ උප සභාපතිකම පුදලාම කරටම ගත්තේ... සිංහලයා පිළිබඳ කැක්කුම දෝරේ ගලන කෙනා දන්නේ නැතිද ඒ පොලිස් නිලධාරීන් සිංහල කියා...?

:       2       102

Buddika Sunday, 24 March 2019 11:49 AM

කතාව හරි වුණත් ඕක හැලෙයිද කියලා වැඩක් තියෙයිද? තමුන්නාන්සේට බදුල්ලේ ඡන්දෙ නැහැ. ඉල්ලුවොත් පරාදයි. ඒකනේ ලිස්ට් එකෙන්ම එන්නේ.. අවස්ථාවාදියි. ඔය කතාව වුණු කෙනාට කිව්වා නම් හරිනේ... මිනිස්සු අන්දන්න හදන්න එපා හලෝ...

:       139       237

Bamunuarachchi Sunday, 24 March 2019 01:41 PM

හලෝ ඔහෙටයි වැරදිලා තිබෙන්නේ.. ඔහු මෙරට 10% ඉන්න සුළු ජනවාර්ගික දෙමළුන්ගෙන් කෙනෙක් බව ඔහු දන්නවා. ඔබලාටයි අපි 75% මෙරට සිංහල ජාතිකයෝ... අපි සිංහල කියා අමතක වී අර සුලුජාතීන් ගොඩටම වැටී ශ්‍රී ලාංකික වෙන්න හදන්නේ. එක මතක තියාගන්න. හැබැයි මුස්ලිම්කරණයට අසු වුන සිංහලයින් ඉන්න බව තව ටිකකින් බලාගන්න පුළුවන්....

:       148       237

Buddika Sunday, 24 March 2019 02:11 PM

රෙදි ටිකයි, වැසිකිලියයි හෝදලා බමුණුආරච්චි ඇවිත් වගේ.. හාලිඇල මිනිස්සුන්ට වැඩක් තියෙයිද ඕක? අනික ජාතිවාදය නිසා ගිනිගත්ත රටක තවත් ජාතිවාදය අවුස්සන්නේ කුහකයෝ තමයි..

:       258       326

BamunuarachchiSunday, 24 March 2019 03:32 PM

අවුරුදු 2500 කට ප්‍රථම 100% ව සිටි සිංහල ජාතිය දැන් අමනයින් නිසා 75% වී ඇත. දැන් සිංහලයෝ තම ඉතිරි ජාතිය රැක ගැනීමට කතා කිරීම මේ අයට ජාතිවාදීය වී ඇත. සිංහලයා මුස්ලිම්කරණයට අසුවී ඇතිබවට මීට වඩා උදාහරණ වුවමනා නැත. නමින් බුද්ධික වුනාට අැඟේ බුද්දිය හෝ ජාති මාමක කමක් නැත. ඉක්මනින් රටට පොහොර වී වත් සේවයක් කරන්න. නමින් බුද්ධික කෙරුවාවෙන් මුග්ධයින්.

:       11       82

Chanak Los angelesMonday, 25 March 2019 12:43 AM

වෙනස් වීම ගැන මෙයාට කියාදෙන්න කව්රුන් හෝ..?

:       0       2

BamunuarachchiSunday, 24 March 2019 04:21 PM

අනුන්ගේ වැසිකිලි ගැනයි රෙදි ගැනයි කතා නොකර තමන්ට කියන්න ඇති අදහස ඉදිරිපත් කොරන්න.

:       5       33

BamunuarachchiSunday, 24 March 2019 04:52 PM

කෙලින් තම අදහස කියන්නා කුහකයෙක් නොවෙයි. කුහකයා කියන වචනේ තේරුමවත් නොදන්නා අයෙක්.

:       5       33

athuraMonday, 25 March 2019 04:14 AM

බමුණා කියන්නේ තමන්ගේ ලොක්කා කියන දේ. මොකද ජාතිවාදය නැතිනම් එයාලට දේශපාලන පැවැත්මක් නැහැ.

:       0       10

MudaliMonday, 25 March 2019 06:25 AM

බමුණා කරන්නේ බාරගත්ත කොන්තරාත්තුව. එයාගෙ රස්සාව.

:       0       4

Chanak Los angelesMonday, 25 March 2019 01:10 AM

කාගේද? හොර සාටකයන්ගේද?

:       0       3

Chanak. Los angeles Monday, 25 March 2019 12:57 AM

කෙනෙක් චෝදනාවක් එල්ල කළාම මෝඩයා වෙන වෙන අර්ථකතන සපයලා හත්පොලේම ගා ගන්නවා.. ලෝකය ඉදිරියට ගොස් එම චෝදනාවට මුහුණදීලා එය බොරු චෝදනාවක් නම් ඒ බව ඔප්පු කරලා පෙන්වන්න බැරිකමක් නැහැනේ?

:       0       2

rocky Monday, 25 March 2019 02:04 AM

සිහි කල්පනාවක් විචාර බුද්ධියක් ඇති මහත්වරුනි. බමුනුආරච්චි දොරේ එක්ක කතාවට යන්න එපා. ඔහු සිංහල-බෞද්ධ සර්වබලධාරියෙක්. ඔරිජිනල් සිංහයා ලකුණ දරන ගවයෙක්. ඉහළ බෞද්ධයෙක්...! රටේ සින්නක්කර අයිතිය පිළිබඳව ලියාපදිංචි කරපු ඔප්පුව තියෙන්නේත් ඔහු ළඟ. කොටින්ම ඔහු ශිෂ්ට සම්පන්න ලාංකික සමාජයට නොගැලපෙන, මනෝරාජ්‍යයක ජීවත්වන ඉහළම ශ්‍රේණියේ කෙනෙක්...!

:       0       9

Deepal Nirosh Monday, 25 March 2019 04:33 AM

සුමන්තිරන් ශ්‍රී ලාංකිකභාවය අමතක කර බොහෝ කල්... ගැටළුව තමුන්ට ඒ ගැන 2015දී අමතක වීමයි.

:       0       3

Chanak Los angeles Monday, 25 March 2019 05:40 AM

කෙලින් කීවත් ඇදේට කීවත් කියන්නෙ ජාතිවාදය පතුරුවන කුහක අදහස්ම තමයි ..

:       0       3

sandy123 Monday, 25 March 2019 05:53 AM

වස කුප්පියක් කතා කරයි.

:       0       2

hesa Monday, 25 March 2019 06:03 AM

මේ කතා සත්‍ය නම් තවත් කළු ජූලියක් එන්න වැඩි කලක් යන එකක් නැහැ.

:       1       0

Bamunuarachchi Monday, 25 March 2019 07:08 AM

"මේ කතා සත්‍ය නම් තවත් කළු ජූලියක් එන්න වැඩි කලක් යන එකක් නැහැ." ප්නේනවා නේද රටපාවදෙන හැටි.....

:       2       0

Bamunuarachchi Monday, 25 March 2019 09:55 AM

"මේ කතා සත්‍ය නම් තවත් කළු ජූලියක් එන්න වැඩි කලක් යන එකක් නැහැ." අපි බලාපොරොත්තුව ඉන්නේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 68 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1005 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 292 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 152 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 101 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 768 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site