IMG-LOGO

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා


සම්පන්දන්ගේ කතාවට මුලතිව් සභාවෙන් අභියෝගයක්

(වන්නි රොමේෂ් මධුෂංඛ)

මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් මුහුදු තීරයේදී මියගිය ඥාතීන් වෙනුවෙන් කළ සැමරුම් උත්සව අවස්ථාවට පැමිණි විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා අදහස් දක්වමින් සිටියදී සභාවෙන් නැඟුණු ප්‍රශ්නයක් හේතුවෙන් තරමක උණුසුම් තත්ත්වයක් ඇතිවිය. එම පුද්ගලයා ඇසුවේ, “ත්‍රස්තවාදය නැති කළා කියලා ඔබතුමා පාර්ලිමේන්තුවේදී මහ ඉහළින් පිළිගන්නවා නේද? ඇයි ඒ ?“ යනුවෙනි.
ඒ සම්බන්ධයෙන් උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවූ නමුත් එම ස්ථානයේ දේශපාලන අදහස් නොදක්වන ලෙසට ප්‍රදේශවාසීන් මෙහිදී පැවසූ හෙයින් තත්ත්වය සමනය විය. 

“යුද්ධයෙන් මේ පළාත්වල ජීවිත අහිමි වූ සියලු දෙනාට මම ශෝකය පළ කරනවා. ඔවුන්ගේ ආත්මවලට මම ශාන්තිය ප්‍රාර්ථනා කරනවා“

“අවුරුදු 30ක් යුද්ධය පැවතුණේ ඇයි? ඒ යුද්ධයේ අරමුණ කුමක් ද? ඒ යුද්ධයේ අරමුණ ඉටු වුණාද? යළි යුද්ධයක් ඇති නොවීමේ තත්ත්වයක් පවතිනවාද? වෙනස්වීම් අවශ්‍යද? වෙනස්වීම් අවශ්‍ය නම් මොනවද ඒ වෙනස්වීම්. මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම තමයි මේ සැමරුම් උත්සවයෙන් පෙන්නුවේ. යථාර්ථය තමයි මේ.“ යයි පැවසූ විපක්ෂනායකවරයා..

“අපි මෙහි ඇත්ත දැනගන්න ඕන. ඊට පස්සේ ඒ දේවල් නවත්වන්න නීති සකස් වෙන්න ඕන. ඒ සඳහා සියලු දෙනාගේම සහාය අවශ්‍යයි. සියලු දෙනාම එකට එක් විය යුතුයි“ යැයිද කීවේය.



අදහස් (8)

සම්පන්දන්ගේ කතාවට මුලතිව් සභාවෙන් අභියෝගයක්

sarath Friday, 19 May 2017 07:27 PM

ජ.වි.පෙ. අයට පුළුවන්නම් ඇයි මේ අයට බැරි? දෙගොල්ලොම ත්‍රස්තවාදී වැඩනේ කරන්නේ නේද?...

:       5       21

nihal Friday, 19 May 2017 08:25 PM

මෙතුමා යුද්ධය කළේ සංහිඳියාව කොහේ තියාගෙනද දන්නේ නෑ. එල්. ටී. ටී. ඊ. එකට උදව් කළානේ..

:       2       6

නුවන් Friday, 19 May 2017 10:25 PM

ත්‍රස්තවාදය නැති කලේ ත්‍රස්තවාදය තිබුණ නිසා. තමන්ගේ මිනිස්සු ත්‍රස්තවාදයට තල්ලු නොකර ප්‍රශ්න විසඳන්න නියම නායකයෝ කටයුතු කරනවා. එහෙම නායකයෝ ලෝකයේ අඩුයි.

:       0       5

amila Saturday, 20 May 2017 03:57 AM

යාපනේ අපේ නෑයෝ නැවත කෑම ඉල්ලනවා වගෙයි නේද?...

:       188       139

Frankfurt-GermanySunday, 21 May 2017 08:52 AM

ලෝකයේ ආයුධ ගබඩාවක් සම්පූර්ණයෙන්ම විනාශවුණා කියලා මම ඇසුවේ ලංකාවෙන් තමයි.. මේ වගේ දෙයක් කරන්න පුළුවන් අනුවණ හමුදාවක් අපේ රටේ නැහැ. ඉඳලත් නැහැ. ඉදිරියට ඉන්නෙත් නැහැ. මේවා කලින් ඉඳලා සූදානම් කරපු සැලසුම් කියලා අපිට තේරෙනවා. මහජනතාවගේ මුදල් තමයි අපරාදෙ...

:       0       2

menna Saturday, 20 May 2017 12:09 PM

එකම විසඳුම සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරන එක.... ලංකාවේ නිදහස වැඩිකමට ඕන ඕන තැනක ගිහිල්ල ඕන ඕන විදියට ජිවත් වෙනවා. පිටරටවල් වලට ගිහිල්ල ඔයවගේ සෙල්ලන් දාන්න වෙන්නේ නැහැ. යුරෝපයෙන් ඒගොල්ලන්ගේ වැඩ කරවගන්න ලංකාව දෙකඩ වෙන සැලසුම් හදල ගියාට මේක හරියන වැඩක් නෙවේ. මිනිසුන්ට නොමග යවන කුලවාදයයි, ලොකුකමයි පතුරන ක්‍රම 21 වෙනි සියවසේට හරියන්නේ නැහැ.

:       14       20

sunil wijesena Saturday, 20 May 2017 04:37 PM

කොටි ත්‍රස්තවාදයට විරුද්ධ වුණ හැමකෙනාම ප්‍රභාකරන්ව පරලොව යැව්වා..!!!

:       0       0

Nana Sunday, 21 May 2017 09:39 AM

සම්පන්තන් හොඳ බුද්ධමත් දෙමළ නායකයෙක්. ඔහු දුරදිග බලා කතාකරලා තියෙන්නේ.... අපිට හැමදාමත් යුද්ධ කරන්න ආසාවක් තියෙන ජාතියක්ද? යුද්ධකර ලබාගත් දෙයක් කෝ? ඔය කියන අය යුද්දෙට යනවද? දේශපාලකයින්ටම හසුනොවී අනිත් මිනිස්සුන්ගේ හඬටත් ඉඩක් දෙමු. සමගිය බලය වේ. නැතුව ගහගැනීම බලය වෙන්න නැහැ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පාර්ලිමේන්තුවේ සේවා ලොක්කාගෙන් පැය 5ක ප්‍රකාශයක්
2025 ජනවාරි මස 17 273 0

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේ


ලංකාදීප පාඨකයන්ට විශේෂ දැනුම් දීමයි
2025 ජනවාරි මස 17 1650 0

විජය පුවත්පත් සමාගමේ ‘ඩේලි මිරර් ඔන්ලයින්’ සහ ‘ලංකදීප ඔන්ලයින්‘ වෙබ් අඩවි නම් භාවිත කරමින්, විවිධ ව්‍යාපාරිකයන් පිළිබඳ අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ පුවත


වතුකරයේ දරුවන්ට ස්මාර්ට් පන්තිකාමර 60ක්
2025 ජනවාරි මස 17 273 0

වතුකරයේ තෝරාගත් පාසල්වලට ’’ස්මාර්ට් පන්තිකාමර 60’’ ක් ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා සහ වැවිලි හා ප්‍ර


මහජන සේවා ගුණාත්මක කරන්න කමිටුවක්
2025 ජනවාරි මස 17 139 0

රජයට අයත් වාණිජමය නොවන ආයතන 166 ක් මගින් සිදුකරන මහජන සේවා හා නියාමන කාර්යන් වඩාත් ගුණාත්මකව සිදුකිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට න


ඊලෝන්ගේ අලුත්ම රොකට්ටුව පුපුරයි
2025 ජනවාරි මස 17 886 0

ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමේ නවතම ස්ටාර්ෂිප් රොකට්ටුවේ අත්හදා බැලීම අසාර්ථක වෙමින් අභ්‍යවකාශ ගතකර මිනිත්තු කීපයක් තුළ ප


ජනපති දිවයිනට
2025 ජනවාරි මස 17 542 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, චීනයේ සිදු කළ සිව් දින නිල සංචාරය නිමා කර කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (17) රාත්‍රීයේ පැමිණියේය .


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 327 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 588 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site