IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


සම්පූර්ණ වැටුප ඉල්ලා රණවිරු බිරින්දෑවරු ජනපතිට ලියති

(බිඟුන් මේනක ගමගේ)

යුද්ධයේදී මිය ගිය ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ බිරින්ඳෑවරුන්ට ද සම්පූර්ණ වැටුප ලබාදෙන්නැයි රජයට බල කරමින් සමස්ථ ලංකා රණවිරු බිරින්දෑවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත.

ආබාධිත ආරක්ෂක අංශ සාමාජිකයන්ට ජීවිතාන්තය දක්වා වැටුප් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව පවසන එම සංවිධානයේ සභාපතිනි චන්දිමා ගුණවර්ධන මහත්මිය ජීවිත පරිත්‍යාග කළ සිය ස්වාමිවරුන්ට එම අයිතිය ලබා නොදෙන්නේ මන්දැයි එම ලිපිය මගින් ප්‍රශ්න කරයි.

මේ කරුණ ගැන කොතරම් දැනුම්දීම් කළ ද මේ වනතෙක් නිශ්චිත පිළිතුරක් දීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් රණවිරු සේවා අධිකාරියටත් ආරක්ෂක අමාත්‍යංශයටත් ජනාධිපති ලේකම් කාර්යාලයටත් සිය දැඩි කනගාටුව පළ කරන්නේ යැයි ද සමස්ථ ලංකා රණවිරු බිරින්දෑවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (5)

සම්පූර්ණ වැටුප ඉල්ලා රණවිරු බිරින්දෑවරු ජනපතිට ලියති

එර්දි Thursday, 21 December 2017 12:49 PM

යුද්ධයේදි මියගිය රණවිරුවන්ගේ බිරින්ඳෑවරුන්ට හෝ විවාහ නොවූ රණවිරුවන්ගේ මවට පියාට දැනටත් ලොකු මුදලක් වැටුප හා සමාන ලැබෙනවනෙ.

:       1       0

daham Thursday, 21 December 2017 01:08 PM

බැඳුම්කර පොලිය ගෙවන කොට ඕවට කොහෙද අනේ සල්ලි ඉතිරි වෙන්නේ.

:       0       0

අතුල Thursday, 21 December 2017 01:25 PM

අද අප සාමයේ සතුට භුක්ති විඳින්නේ, ඔවුන් හෙලූ ජීවිත-ලේ - දහදිය මතිනි. ඔවුන් සහ ඔවුන්ගේ අඹු -දරුවන් හට සර්ව සාධාරණය ඉටු විය යුතුව ඇත. ජීවිතයෙන් පුදනු ලද්දන්ට කල හැකි උත්තමාචාරය එයයි.

:       0       1

ප්‍රසාද් Thursday, 21 December 2017 10:58 PM

අනෙකුත් බොහෝ රස්සාවල වැඩ කරන්නේ පැය ගානට, මිම්මට. යුද්දේ කාලේ මේ රණවිරුවෝ කැලේ දින ගණන් දහදුක් වින්දා. අබාධිත වුණා, සමහරු මියගිහින් පවුල් අනාථ වුනා.මේ අය ඉල්ලන්න කලින් අපි සාධාරණයක් කරන්නේ නැත්තේ ඇයි? මිනිස්සු දැන් නිදහසේ ඉන්නේ මේ අය නිසා නෙවෙයිද?හැම පළාතකම ආරක්ෂක අංශයේ ප්‍රධාන මුලස්ථානයට මේ බිරින්දෑවරු, සහ දරුවන් කැඳවා එයාලගේ ගැටළු අහන්න බැරි ඇයි? පාරවල් වල විරෝධතා කරන තත්වයට ඇද දමන්න එපා. (අවුරුදු 5ක් පාර්ලිමේන්තු ගියාට වචනයක්වත් කතා නොකළ අයටත් ලොකු විශ්‍රාම වැටුපක් දෙනවා නේද?)

:       0       1

senaFriday, 22 December 2017 02:45 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප හැන්ද ඇත්තෝ බෙදාගනිති. න‍්‍යායට අනුව කරගත් අමන ක්‍රියාවකි. එය අනිවාර්‍යයෙන්ම නතර කරවිය යුතු අවක්‍රියාවකි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 68 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 186 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 750 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 776 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1033 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 239 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site