IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


සැමියාට දෙන්න සිර මැදිරියට හෙරොයින් ගෙනා බිරිඳ අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ගල්කිස්ස පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි සැමියාට ලබා දීම සඳහා හෙරොයින් මත්කුඩු පැකට් 40ක් හැට්ටයේ  සඟවා ගෙන පැමිණි 19 හැවිරිදි කාන්තාවක් අද (16) පොලිසිය තුලදීම අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස දුෂණ මර්දන අංශය කියයි.

 
රත්මලාන දුම්රිය පොල අසලදී හෙරෝයින් මත්කුඩු මිලි ග්‍රෑම් 580 සමඟ සැකකාරියගේ සැමියා අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිටියදී ඔහුට දහවල් ආහාර ලබා දෙන මුවාවෙන් බත් පාර්සලයක් ද රැගෙන සැකකාර කාන්තාව පොලිසිය තුළට පැමිණි බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
එම කාන්තාව සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් හේතුවෙන් පොලිස් කාන්තාවක ලවා එම කාන්තාව පරීක්ෂා කිරීමේදී ඉතා සූක්ෂම අයුරින් හැට්ටය තුළ සඟවා ගෙන සිට මත්කුඩු පැකට් තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.



අදහස් (2)

සැමියාට දෙන්න සිර මැදිරියට හෙරොයින් ගෙනා බිරිඳ අත්අඩංගුවට

සතයපාල Monday, 16 July 2018 04:42 PM

රට වනසන මේ මත්කුඩු ව්‍යාපාරය සමුල ඝාතනය කල යුතු අතර ඒ සදහා රටේ දැනට පවතින නීති ප්‍රමාණවත් නැතිනම් වහාම අවශ්‍ය නීතී සම්මත කිරිමටත් තිබෙන නීති උපරිමව ක්‍රියාත්මක කිරිමටත් රජයට බල කිරිමට මත්ද්‍රව්‍ය විරෝධී ජනතාව පෙල ගැසීය යුතුය.

:       0       220

pissa Tuesday, 17 July 2018 06:52 AM

මේ අහුවෙච්ච එකක්. තව කොච්චරනම් යනවා ඇද්ද?

:       0       17

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 62 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 175 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 728 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 763 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1019 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 234 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site