IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘සාමය සංහිදියාව ස්ථාපිත කිරීමේ කාර්යයේ දී ශ්‍රී ලංකාව ලෝකයටම ආදර්ශයක්‘

(අංජුල මහික වීරරත්න)

සාමය හා සංහිදියාව ස්ථාපිත කරලීමේ අසීරු කාර්යභාරය සාර්ථක කර ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකාව මුළු මහත් ලෝකයටම ආදර්ශයක් සපයමින් සිටින බව නෝර්වේ විදේශ ඇමතිනී ඉනෙ එරික්සන් එස්ඔරෙයිදේ මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අවධාරණය කළාය.

ඔස්ලෝ නුවර රාජ්‍ය අමුත්තන්ගේ නිල නිවස්නයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ලාංකේය දූත පිරිස හමුවූ අවස්ථාවේ එස්ඔරෙයිදේ මහත්මිය වැඩිදුරටත් පැවසූයේ ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියා වැඩ පිළිවෙල සඳහා නෝර්වේ රාජ්‍ය පූර්ණ සහය ලබා දෙන බවයි.

ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍ය අතර ආර්ථික හා දේශපාලන සබඳතා ශක්තිමත් කරලීමේ සැලසුම් හා උපාය මාර්ග පිළිබඳව ද, මෙතෙක් දෙරට අතර පැවති ආධාර දීම හා ආධාර ලබාදීමේ සංකල්පයෙන් ඔබ්බට මේ සබඳතාවන් ගෙන යා යුතු බව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රයත්නය පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි. සාගර ආශ්‍රිත රටවල් අයත් වන විවිධ සංවිධානය අතර සහයෝගයක් හා ඒකමිතියක් ඇති කරලීමේ අවශ්‍යතාව පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැණිනි.

ධීවර සම්පත් සංවර්ධනය හා ධීවර කර්මාන්තයේ උන්නතිය සඳහා නව තාක්‍ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් දෙරටට ගත හැකි සාමූහික ක්‍රියා මාර්ග පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජිත පොලිස් හා අපරාධ යුක්තිය පිළිබඳ විශ්ව විද්‍යාලය සඳහා තාක්‍ෂණික සහයෝගය ලබා දීමට ද නෝර්වේ රාජ්‍යය එකඟ විය.

 

 



අදහස් (8)

‘සාමය සංහිදියාව ස්ථාපිත කිරීමේ කාර්යයේ දී ශ්‍රී ලංකාව ලෝකයටම ආදර්ශයක්‘

සේනක Friday, 05 October 2018 05:53 AM

සාමය හොඳයි.ඒත් සාමය නිසා අපිට සිංහල හැඟීම නැතිවෙමින් යනව.දෙමළ අයට දෙමළ හැඟීම නැතිවෙමින් යනව.සංස්කෘතිය දියවෙමින් යනව.ආගම සංස්කෘතිය නිසා බිහිවූ රැකියා ව්‍යාපාර නැතිවෙමින් යනව.නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගන්නෙ නැතුව ආගමික සංස්කෘතික යැපීම නතරවීම භයානක ප්‍රතිඵල ගෙනදෙන්න පුළුවන්.

:       12       40

Bamunuarachchi Friday, 05 October 2018 06:00 AM

ඒ සංහිදියාව තිබෙන්නේ පොතේ සහ ලොක්කන්ගේ ඔළුවල අපි ගාව තිබෙන්නේ වෛරයක්. එක දුටුගැමුණු රජුගේ සිට එන එකක්. එක නැති කොරන්න මේ ජාතියේ බැහැ.

:       37       0

Bamunuarachchi Friday, 05 October 2018 06:02 AM

සංහිදියාව එන්න ඕනේ ජනතාවගේ සිත් තුලින් මිස දෙසපාලුවන්ට ඕනේ විදිහට බලෙන් ඔබන්න බැරිය.

:       9       2

Hafeel Friday, 05 October 2018 06:37 AM

නෝර්වේ රාජ්‍ය අගමැති ඉදිරියේ එක මුහුණකුත්, ජනීවා ගියොත් තවත් මුහුණක්. අපේ දේශපාලකයෝ මෙහෙ රටේ ජනතාවට පෙන්න මුහුණ තමයි, නෝර්වේ රාජ්‍ය අපේ දේශපාලකයන්ට එහෙ පෙන්නන්නෙත්. නෝර්වේ මැදිහත්වීමෙන් මොකද්ද සාමය වුනාද? නෝර්වේ රාජ්‍යේ අවශ්‍යතාව පරිදි එදා සාමය වුනානම්,අදත් කොටි ත්‍රස්තවාදීන් හැසිරන්නෙත් බර අවි ආයුද සමග. යම් යම් අඩු පාඩු තිබුනත්, දැන් සාමය උදා වෙලා තියනවා.

:       1       2

BamunuarachchiFriday, 05 October 2018 08:04 AM

එ්කනේ හලෝ මම කීවේ සංහිදියාව එන්න ඕනේ ජනතාවගේ සිත් තුළින් බව. එ්ක බලෙන් අපේ හිත තුළට දාන්න රනිල්ට, සිරිසේනට හෝ මහින්දට බැරිය... මගේ හිතට දාන්න සක්කරයාටවත් බැරිය... මොකද ඔය වෛරය මගේ හිතට ආවේ මා කුඩා කාලයේමය.

:       0       1

HafeelFriday, 05 October 2018 11:22 AM

අනිවාර්යෙන්ම. ඔබ හරි.

:       0       0

සතයපාල Friday, 05 October 2018 07:31 AM

සාමය සංහිදියාව කියන කාරණය රටක ජීවත්වන ජනතාව වෙත පිටතින් ආනයනය කර එන්නත් කල හැකි දෙයක් නොවේ.ඒ සදහා ඒ රටේ ජීවත්වන ජනතාව තුල වෙනස් ජාතිකත්වයන්ට ආගම්වලට හා සංස්කෘතින්ට ගරු කරමින් හා අනොනය අවබෝයෙන් ජීවත්වීමට පුරුදු පුහුණු කල යුතු අතර ඒ සදහා කාළයක් ගතවන අතර ජනතාවගේ සිතුම් පැතුම් වල මෙන්ම ඇවැතුම් පැවතුම් වලද වෙනස් කම් විය යුතුය.ශ්රි ලංකාව වැනී පසුගාමී සංවර්ධිත රටක මේ සදහා දේශපාලන හා ආගමික නායකයන්ගෙන් සිදුවන සෘනාත්මක බලපෑම මෙන්න අධයාපනයේ පවතින පසුගාමී ගුණය මේ තත්වය උත්සන්න කිරිමට හේතුවේ.

:       0       6

janith Friday, 05 October 2018 07:49 AM

ලෝකෙට ‌පේන්න කරන්න ගිහින් අනා ගන්නවා ලගදිම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 144 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 106 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 141 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 303 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1919 2

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 487 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site