IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සෝමාවතියේ අනවසර වගාකරුවෝ ඉවත් කරති


(ඩබ් ඒ පියතිලක)


සෝමාවතිය ජාතික උද්‍යානයේ වේරගොඩයාය ප‍්‍රදේශයේ අනවසරයෙන් වගා කළ ගොවි බිමි වලින්  ගොවින්  ඉවත් කිරීම  අද (26) අධිකරණ නිළධාරින් විසින් සිදු කළේය


අධිකරණ නියෝගයක් මත මෙය සිදු කෙරිණි.


මෙම සෝමාවතිය ජාතික උද්‍යානයේ වරගොඩයාය ප‍්‍රදේශයේ අනවසරයෙන් ඇතුල් වි වගා කටයුතුවල නිරත වන බව සදහන් කරමින් ගොවින් 219 දෙනෙකු සදහා පොලොන්නරුව අධිකරයේ නඩු දමා ඇත. 


 එම නඩු  අධිකරණයෙන් විමර්ශන කිරිමෙන් පසු එයින් 52 දෙනෙකු එම උද්‍යානයෙන් නෙරපා දැමිමට අධිකරණ නියෝග ලැබි ඇත.


 එම නියෝග අනුව 12 දෙනෙකුට අයත් කුඹුරු ඉඩමි  වගා කළ නොහැක තත්වයට විනාශ කර නැවැත එම ප‍්‍රදේශයට ඇතුල් විම තහනමි කිරිම (26) දින  පොලොන්නරුව අධිකරණ නිළධාරින් විසින්  සිදු  කළේය.


පසුව මෙම ස්ථානයට  අනවසරයෙන් වගා කටයුතු කල ගොවින් පැමිණ අධිකරණ නියෝග නොමැති  තමන් පරමිපරා ගණනක් වගා කල කුඹුරු ඉඩමි විනාශ කර දමන බව කියමින් කලහකාරි ලෙස හැසිරිමත් සමග පුලස්තිපුර පොලිසිය පැමිණ  පැමිණ පිරිස වෙත අධිකරණ නිළධාරියෙකු ගෙන්වා අධිකරණ නියෝග පෙන්විමෙන් පසු ඔවුහු විසිර ගියහ. 



අදහස් (13)

සෝමාවතියේ අනවසර වගාකරුවෝ ඉවත් කරති

ඇමතිතුමා Wednesday, 26 September 2018 02:07 PM

නියමයි.. දැන් මේක අනූනම අවුරුද්දකට බදු දෙමු. ඊට පස්සේ පිටරටින් හාලුයි එලවලුයි ගෙන්වමු. මටත් කොමිස් එකක් එනවනේ.

:       155       107

කෝලිත Wednesday, 26 September 2018 02:43 PM

විල්පත්තුවේ සදහටම පදිංචි අය ගැන මෙහෙම හදිස්සියක් නැහැ නේද.?

:       0       0

tommy Wednesday, 26 September 2018 04:04 PM

එසේනම් මේ ගොවීන්ට ගොවිතැන් කිරීම සඳහා වෙනත් ඉඩම් ලබා දිය යුතුයි.

:       28       90

lalith Wednesday, 26 September 2018 06:07 PM

සෝමාවතියේ කට්ටිය අයින් කලාට විල්පත්තුවේ කට්ටිය අයින් කරන්නේ නැහැනේ.

:       1       211

ඇත්ත සත්‍යපාල Wednesday, 26 September 2018 06:11 PM

එතකොට විල්පත්තුවේ සිය ගණන් පදිංචිවෙලා හිටියට කමක් නැද්ද...?

:       0       146

sarath Thursday, 27 September 2018 01:24 AM

පරම්පරා ගත වගා බිම් හරි තමන්ට අයිති නැති තැන් වල ඒවා නම් ඉවත් විය යුතුයි. ආණ්ඩුවේ වගකීම තැන් හොයලා දෙන එක. දීඝවාපිය ටත් ඕකම තමයි උනේ, විල්පත්තුවටත් ඕකම තමයි උනේ. පරම්පරා වක්, දෙකක් හොරෙන් ඉන්නවා, ආණ්ඩුවෙන් මැනපු ගමන් පරම්පරාව එලියට ගන්නවා.

:       0       10

Walpita Thursday, 27 September 2018 02:14 AM

මේ නිතිය විල්පත්තුවට නැත්තේ මොකද?

:       0       41

Prasa Thursday, 27 September 2018 02:43 AM

නැගෙනහිර ඩෝසර් කරපු අයට නිතිය නැමුනෙ අැයි?

:       0       54

Ranga Thursday, 27 September 2018 03:27 AM

නියමයි. දැන් තියෙන්නෙ මේ පූර්වාදර්ශය විල්පත්තුවටත් යොදවන එකයි... (හැබැයි එතකොට සංහිඳියාවට අවුල් වෙයි ද දන්නෙ නෑ..)

:       0       132

himal Thursday, 27 September 2018 05:49 AM

විල්පත්තුවේ තිබෙන ගැටළුව වන්නේ යම් කාලයක ජනවාස වී තිබූ ප්‍රදේශ නිසි ක්‍රමවේදයෙන් බැහැරව රජයේ රක්ෂිත වනාන්තර බවට පත් කර තිබූ බව කියවෙන ගැටළුව. මේක නීතිය හමුවේ විසඳා ගත යුතු ප්‍රශ්නයක්. අනෙක් අතට පැවති රජය කාලයේ මෙහි ජනාවාස පිහි‍ටුවා කාපට් කර පාරවල් පවා දුන්නා. මේ රජය යටතේ ජනාවාස දිගටම පවතිනවා. විල්පත්තුවට එක විදිහකටත් තව තැනකට තව විදිහකටත් කියලා 100%ක්ම කියන්නත් බෑ.

:       82       66

Athula KThursday, 27 September 2018 09:02 AM

එතකොට දීඝවාපිය?

:       0       31

shan saudi Thursday, 27 September 2018 08:47 AM

සෝමාවතියේ කට්ටිය අයින් කලාට විල්පත්තුවේ කට්ටිය අයින් කරන්නේ නැහැනේ ඒ කියන්නේ ජනපතිට ඒ ගැන තීන්දුවක් ගන්න හැකියාවක් නැහැ කියන එකයි විල්පත්තුව විනාශ කරන්න ඉඩ දීල සිංහල ජනතාවට ජීවත් වෙන්න වගාවක් කරගත්ත තැන අහිමි කරනවා මේකද යහ පාලනේ සිංහලය වනසීමද යහපලානේ අරමුණ

:       24       59

adiri Friday, 28 September 2018 01:01 AM

මේ සිංහලයන්ව නේද එලවන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 30 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 139 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 687 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 2528 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 725 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 374 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site