IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම නවත්වන්නැයි රජය ඉල්ලයි

(තරිඳු ජයවර්ධන)

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සහ සයිටම් ආයතනය විධිමත් කිරිම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කරන තෙක් නවක සිසුන් බඳවා ගැනිම අත්හිටුවන්නැයි සයිටම් ආයතනයෙන් රජය ඉල්ලීමක් කර තිබේ.  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා රජය මෙම ඉල්ලීම කර තිබේ. 

මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් මේ සතියේ බලාපොරොත්තු වන බව රජයේ ප්‍රකාශකයෙක් කීවේය.

සයිටම් ආයතනය ඇතුළු වෛද්‍ය  අධ්‍යාපනයට ආයෝජනය කරන ආයතන කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තු ගත කිරීම, මෙම ආයතනවල අධ්‍යාපනය හා පරිපාලනය ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන යෑම සඳහා පාලක මණ්ඩල පත් කිරිම, නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගෙන ශික්ෂණ රෝහලක් බවට පත් කිරිම, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා ශිෂ්‍යත්ව ප්‍රමාණය  වැඩි කිරිම ඇතුළු පියවර රැසක් ක්‍රියාත්මක කිරිමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගෙන ඇති බවත්  ඒ සඳහා යම් කාල සීමාවක් අවශ්‍ය බවත් එම ප්‍රකාශකයා කීවේය.



අදහස් (9)

සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම නවත්වන්නැයි රජය ඉල්ලයි

විකුම් රංගන Sunday, 14 May 2017 07:28 AM

කොන්ද කෙළින් ආණ්ඩුවක් වැඩ කරන්නැතිනම් ඉතින් මොනවද හරියට කරන්න පුළුවන්?

:       4       15

saman Sunday, 14 May 2017 08:27 AM

හොඳ වැඩක් ප්‍රමිතිගතව පවත්වාගෙන යායුතුය.

:       1051       175

samira Sunday, 14 May 2017 09:46 AM

මේ ආණ්ඩුව මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්නේ බොහොම හෙමින්... මොනවද මේ බඳවාගැනීම් නවත්තන්න ඉල්ලීම් කරන්නේ.... කියන්න නවත්තන්න කියලා මේක ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙන වෙලාවේ...

:       92       284

විකුම් රංගන Sunday, 14 May 2017 09:54 AM

මොන වෛද්‍ය විද්‍යාලද ගැනද මේ කියන්නේ ...මේවාද රටට අවශ්‍ය?

:       20       27

jagath Sunday, 14 May 2017 10:01 AM

රජය දැන් ට්‍රැක් එකට වැටීගෙන එන එක සතුටට කරුණක්. කෙසේ හෝ මෙරට අධ්‍යාපනය දියුණු කිරීමට ප්‍රමිතියක් ඇතුව රජය සහ පෞද්ගලික යන අංශ දෙකම කටයුතු කළ යුතුයි. රජයට පමණක් අධ්‍යාපනයේ බර අදින්න බැහැ. රජය පමණක් අධ්‍යාපනය හසුරවන්න ගියොත් උගතුන්ගේ ප්‍රමාණය ඉතාම පහළ බසීවී. උසස් පෙළ සමතුන් කී දාහකට රජයේ සරසවි වරම් වසරකට අහිමි වෙනවද? සමාජ වාදය ප්‍රායෝගිකව අත්හදා බැලූ රටවල්වන රුසියාව සහ චීනයේ පවා පෞද්ගලික විශ්ව විද්‍යාල තියනවා නම් අපේ රටට තිබුණහම මොකෝ වෙන්නේ? සුදුසුකම් තියෙන දුප්පත් දරුවන්ට රජයෙන් ආපසු අය කරගැනීමට(රැකියාවක් කරන විට) ණය මුදලක් ලෙස හෝ අධ්‍යාපන වියදම් ලබා දී ඔවුන්ව උගතුන් බවට පත් කල යුතුයි. බොහෝ බටහිර රටවල මේ ක්‍රමය ක්‍රියාත්මකයි.

:       39       377

pushpakumara Sunday, 14 May 2017 11:52 AM

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ තවත් එක් ප්‍රාන්තයක්.... ඉන්දියන් දොස්තරලා සමග සිංහලකම් පැත්තකට දමා ඉන්දියානුවන් ලෙස අපි ලෝකය ඉදිරියට යා යුතු කාලය පැමිණ තිබේ..

:       8       68

roshan Sunday, 14 May 2017 12:00 PM

මේ රටට කිසිම අධ්‍යාපන ආයතනයක අවශ්‍යතාවයක් නැත. ඒ වියදම් කරන මුදලින් ජනතාවට නොමිලේ කෑම සපයා පිටරට වෘත්තිකයින්ගෙන් සේවය ලබා ගැනීම රටට හිතකරයි. එට්කා ගිවිසුම හරහා ඉන්දියානුවන් මෙරටට ගෙන්වා,... වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු සියලුම ක්ෂේත්‍රවල පුරප්පාඩු පිරවිය හැකියි.

:       3       86

ප්‍රීති Sunday, 14 May 2017 12:20 PM

මම නම් මේ රටේ තරුණ ළමයින්ට කියන්නේ,... සතුටින් ජීවත් වෙන්න ඕනා නම් වෙන රටකට ගිහින් එහේ ඉගෙන ගෙන ඒ රටවලට වෙලා සතුටින් ජීවත් වෙන්න.. මනුෂ්‍යයින් අතර වෙනස ඔබට අත්දැකීමෙන් ඉගෙන ගත හැකිවෙයි. නූගතුන්ගෙන් පිරි බහුතරය වඳ වෙන දවස වැඩි ඈතක නැහැ.

:       1       152

කරුණාපාල Sunday, 14 May 2017 01:39 PM

වෙන කිසිවක් ආනයනය කිරීමට රජය තවම පියවරක් ගෙන නැද්ද?

:       46       24

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 404 1

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 236 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 149 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 758 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 387 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 380 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 223 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 517 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 250 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site