IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සයිටම් ගැටළුවට මැදිහත් වන්නැයි කොළඹ අගරදගුරුගෙන් ඉල්ලති

(රංජන් කස්තුරි)

 

සයිටම් ගැටළුව විසඳීම සඳහා මැදිහත් වන්නැයි තම සංගමය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් කාදිනල්වරයා රය පිළිගත් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඳ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

එම සංගමයේ නියෝජිතයින් පිරිසක් අද (04) කොළඹ අගරදගුරු නිල නිවසට ගොස් අගරදගුරුවරයා හමු වී සාකච්ඡාවක් කළ අතර එම සාකච්ඡාවෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීය.

“අපි පෙරේදා අස්ගිරි මහනායක හිමියන්  හමු වී සාකච්ඡා කළා.සයිටම් ගැටළුව පිළිබඳ අපි නාහිමියන්ට කරුණු ඉදිරිපත් කළා.කිසියම් රෝගියකු පරීක්ෂා කරන වෛද්‍යවරයකු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සුපරික්ෂාවක් තිබිය යුතුයි.එසේ නැතිව අධ්‍යාපනය සඳහා රෝගීන් පරීක්ෂා කරන්නේනම් රෝගී අයිතිවාසිකම් කඩවිය හැකියි.“

“ ඩෙංගු තදින් පැතිර යමින් තිබෙන නිසා වර්ජනය නතර කරන ලෙස කාදිනල්වරයා අපගෙන් ඉල්ලුවා.මේ සියලු කාරණා සලකා බලා වර්ජනය සතියකින් කල් දැමීමට අපි තීන්දු කළා.ඒ වගේම ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් ඒ සඳහා කාදිනල්වරයා ගේ සහ කතෝලික සභාවේ සහාය ලබාදීමටත් එකඟ වුණා.“යැයි පාදෙණිය මහතා ප්‍රකාශ කරයි.



අදහස් (13)

සයිටම් ගැටළුවට මැදිහත් වන්නැයි කොළඹ අගරදගුරුගෙන් ඉල්ලති

ධම්ම Tuesday, 04 July 2017 01:56 PM

බලමු එතුමා කියන දේවල්වත් අහයිද කියලා.

:       0       16

බද්රානි Tuesday, 04 July 2017 02:24 PM

සිංහල බෞද්ධයින්ගේ රටේ වෙසෙන ගරු, කාදිනල් තුමාගේ ඒ ඉල්ලීම මත දොස්තරලා වැඩ වර්ජනය අත හැරලා... දෙවියන්ට, යකුන්ව මෙල්ල කල හැකි බව මට දැන් අවබෝධ උනා.

:       23       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 04 July 2017 02:29 PM

අස්ගිරි මහනායක හිමියන් යන් ගෙන් සහය වෙන්න මැදිහත් වෙන්න කියා ඉල්ලුවේ නැතෙයි

:       15       0

one srilankan Tuesday, 04 July 2017 02:59 PM

බලදාරීන්ට නෙත් ඇරේවා ,,,කන් ඇසේවා ,,ගරු චම්පික රණවක මැතිතුමා කියන පරිදි සෛටෙම් සිසුන්ටත් සධාරනයක් කර සෛටෙම් වසා 12000 අධික රජයේ විශ්ව විද්‍යාල වල සිසුන්ටත් සදාරණය ඉටුවේවා ,,,කවුරුත් අපේ රටේ දරුවෝ...කූට ව්‍යාපාරික අරමුණු වලින් මිදී නීතිය රජවේවා ,,,,

:       0       1

Sandya Tuesday, 04 July 2017 03:41 PM

අසරණ රෝගීන් ගැන සිතා දොස්තර වර්ජන නවත්වන්න කියල ඉල්ලපු ඔබ වහන්සේට බොහෝම පින්.

:       0       0

jagath Tuesday, 04 July 2017 04:27 PM

දැන්නම් ජනතාවට වර්ජන තිත්ත වෙලා. මේ වෙලාවේ වර්ජනය කලාම අනිවාර්යයෙන්ම රටේ ජනතාවගේ කේන්තිය ඉහවහ ගිහින් වෛද්‍ය වරුන්ට ජනතාවගෙන් ගුටි කන්න වෙන බව දැනගන කාදිනල් තුමාගේ ඉල්ලීමට පිටින් යන්න බැරි නිසා වර්ජනය නැවැත්තුව කියන්නයි දැන් හදන්නේ. එතකොට කවද්ද ඔය වර්ජනය කරන්නේ?

:       0       1

Saman Tuesday, 04 July 2017 04:46 PM

අන්තරේ අතහැරල ආගම් පස්සෙ යනවද ?

:       0       2

indika Tuesday, 04 July 2017 05:06 PM

අපේ මහානායක හාමුදුරුවන්ටත් අනෙකුත් හාමුදුරුවන්ටත් අසරණ ඩෙංගු රෝගී ජනතාව නොපෙනුනාට කතෝලික අගරදගුරු තුමාට ඒ වෙනුවෙන් පිහිටට ආවට ස්තුති කරනවා. අපේ හාමුදුරුවන්ට ඇහුන්කන් නොදෙන වෛද්‍ය වරු කතෝලික අගරදගුරු තුමාට එහුන්කම් දුන්න වර්ජනය නතර කලාලු. ඔන්න අපේ බෞද්ධකමට අද තියෙන තැන.

:       0       1

රවිඳු Tuesday, 04 July 2017 07:39 PM

මොකද අයියලා ටික කතරගම දේවාලෙට භාර වෙලා සීනිගම දේවාලෙට ගිහින් පොල් ගහල පලක් නොවෙයි කියල හිතලද කාදිනල් තුමාගේ ලෝගුවට භාරයක් වෙන්න යන්නේ? බලාගෙන කටිටිය රටේ ඉන්න මෝඩයෝ ටික රවට්ටුවට දෙවියන් රවට්ටවන්න ගොහින් දෙවියොත් කෝප වෙයි.

:       0       0

ප්‍රීති Tuesday, 04 July 2017 08:12 PM

අගරදගුරු තුමා නම් මේ මරාලෙට කර ගහන එකක් නැහැ. අපිට නම් ඉතින් මේ වගේ කුහකයින්ගෙන් බෙහෙත් බීලා සුව වෙනවට වඩා මැරෙන එක හොඳයි. මෙතනදීත් මේ මාෆියා කාරයෝ කවුරුවත් කියන දේ අහල වර්ජනේ නැවැත්තුවේ නැහැ. ඉන්දියන් දොස්තර භීතිකාව දැනිලා උන ගන්න ඇති? දන්නවනේ රාජිත මහත්තයාගේ තරම? ගොඩක් දොස්තරලට බඩේ අමාරුව හැදිලා කියල තමයි අපිට ආරංචිය..

:       0       0

Saman Wednesday, 05 July 2017 03:18 AM

එකම විබාගේ පාස් කරලා එකම පළපුරුද්ද තියන හැමෝටම එකම විදියට සලකන්න ඕන කියන එක කව්රුවත් අමුතුවෙන් කියන්න ඕන නැහැ. සයිටම් ළමයිත් අනිත් ළමයි වගේම දක්ෂ ළමයි. ඒ ගොල්ලන්ටත් පුළුවන් දොස්තරලවෙලා රටට සේවයක් කරන්න.

:       92       70

royWednesday, 05 July 2017 06:57 AM

එයාල ඒ තරම් දක්ෂ නම් රජයේ වෛද්‍ය විද්‍යාලයට යන්න බැරි ඇයි.

:       0       35

sunil Wednesday, 05 July 2017 04:57 AM

සයිටම් අහෝසි කරන්න කියල කොහොමද කාර්දිනල් තුමා කියන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 182 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 93 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 121 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 471 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 167 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 520 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 744 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site