ඉදිරි දින දෙක ඇතුළත සයිටම් අවසන් විසඳුම ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ දෙහිඕවිට අභිනවාරාමයේ දැන් පැවැත්වෙන රන්වැට විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සයිටම් තීන්දුව දෙදිනක් ඇතුළත
jeewan Monday, 23 October 2017 12:06 PM
තාම නැකත් නැතුව ඇති නේද ඕක කියන්න
daham Monday, 23 October 2017 12:32 PM
ඒක අවසන් විසඳුමක් වෙන්නේ සයිටම් අහෝසි කරලා එකේ ඉන්න සුදුසුකම් තියෙන ළමයින්ට නිසි පුහුණුවක් දෙන වැඩ පිළිවෙලක් සකසනවානම් පමණයි. නැත්නම් විශාල අර්බුද ඇති වෙන එක සහතිකයි.
sathyapala Monday, 23 October 2017 12:48 PM
මම මෙයට දෙසතියකට පෙර කියූ දෙය.. සුළු ජාතික චන්ද වලින් බලය රැකගැනීම සදහා රට පාවාදෙන මොහොත ආසන්නයි. අපි එළිපිට කෑගසුවද අපි නොදැන ඉතා සංවිධානාත්මකව සහ සැලසුම් සහගතව සියල්ල සිදුවෙමින් පවතී. ඒ සදහා හාමුදුරුවරුන් අතර ගැටුම් සිංහල සංවිධාන අතර ගැටුම් බුද්ධිමතුන් අතර, කලාකරුවන් වැනි සියලු පාර්ශවයන් අතර ගැටුම් නිර්මාණය කර සාමාන්‍ය ජනයා කොයි දේ හරිද කියා සිතාගන්නට නොහැකි තැනට දමා සියලු මාධ්‍ය බෙදුම්වාදයට හිතකර දේ පමණක් පළකරන්නට බලය යොදවා ක්ෂණිකව පනත සම්මත කර රට බෙදන මොහොත අත ලගය. තිබෙන ආරංචි අනුව උපක්‍රමයක් ලෙස රට බෙදන පනත සම්මත කරන්නට මොහොතකට පෙර සයිටම් ගැටලුවට දොස්තරලා සතුටු කරන විසදුමක් ලබාදී එහි සතුට මහජනයා විදින මොහොතේ රට බෙදන පනත සම්මත කරගනු ලබයි.........
විකුම් රංගනMonday, 23 October 2017 02:05 PM
සත්‍යපාල කියලා තියන දේ කලෝතින් ආයේ අමුතුවෙන් මේ රට බෙදන්න දෙයක් නැහැ. ඉබේටම බෙදෙනවා. ඒ ජාතීන් අනුව හෝ ආගම් අනුව නොවෙයි. යම් විදිහකින් පටු ආකල්ප සහිත කුහකයින් ජයග්‍රහණය කලොත් ඒ රට අමුතුවෙන් කාටවත් විනාශ කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මෙතන අපිට සයිටම් එකෙන් ඇති වැඩක් නැහැ. සයිටම් එක වහනවා නම්, දැනට තිබෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තුල (කොතලාවල වෛද්‍ය පීඨය) ශ්‍රී ලාංකික සිසුන්ට වෛද්‍ය විද්‍යාව හදාරන්න අවස්ථාව දිය යුතුයි. රටක අධ්‍යාපනය තුල බිල්ලන් සිටින්න විදිහක් නොමැත. වර්තමානයේ මුදලට විකිෙණන සියලුම උපාධි මෙන්ම වෛද්‍ය උපාධියේත් ප්‍රමිතිය ආරක්ෂා කිරීම රජයේ වගකීම වන අතර පෞද්ගලික අධ්‍යාපනය වගේම පෞද්ගලික සෞඛ්‍ය සේවයත් වහාම ප්‍රමිති ගත කල යුතුව ඇතැයි අපි රජයට යෝජනා කරමු.
Ajith NissankaMonday, 23 October 2017 03:02 PM
සිංහල සහ දෙමල ගෝත්‍රවාදින් කවදාවත් මොන විසඳුමකටවත් කැමති වෙන්නේ නැහැ ! ඔවුන්ට මස් රාත්තලම ඕනෑ !
ප්‍රීති Monday, 23 October 2017 04:22 PM
ඔතන තියෙන්නේ සයිටම් ආයතනයේ ප්‍රමිතිය පිලිබඳ ගැටළුවක් නොවේ. මෙතන තිබෙන්නේ, ලංකාව තුල වෛද්‍ය විද්‍යාව හැදෑරීම ගැන තිබෙන ගැටලුවයි. පවතින කුමන වර්ගයේ හෝ ආයතනයක ප්‍රමිතිය හදන්න අවශ්‍ය නම් රටකට එය විශාල ගැටළුවක් නොවෙයි එසේ නම් මෙතරම් කලක් බලා නොසිට ඔය ආයතනය ගැන තීරණයක් ගන්න තිබුනනේ. සයිටම් එක ඉස්සරහට දමලා තමන්ගේ ගෝත්‍රිකවාදී පටු අරමුණු ඉටුකරගන්න තමයි හැමෝම උත්සහ කරන්නේ.
කරුණාපාල Monday, 23 October 2017 08:27 PM
ප්‍රමිතිය ගැන නම් දැනටත් ගැටළුවක් නැහැ මගේ හිතේ හිත්වල තියන කුහකකම ඉවත් කර ගත්තොත් ප්‍රමිතිය පෙනෙයි ඉබේටම.
රවිඳු Monday, 23 October 2017 10:29 PM
මේක මහපාරේ තප්පුලන මී හරක් සහ නිවාස තුල සිට නිහඩ විප්ලව කරන මනුෂ්‍යයින් අතර සිදුවන සටනක්ම පමණක් නොවෙයි මෙය ශ්‍රී ලංකාවේ අනාගතය පිලිබඳ තීරණය වන ඓතිහාසික තීන්දුවක්. ජාතිය ජන්මය ආගමෙන් එහා ජනතාව තීන්දු තීරණ ගැනීමට පොළඹවන තීන්දුවක්. මෙරට බහුතර ජාතිය තීන්දුකරන හැරවුම් ලක්ෂයක්. අපට අවශ්‍යවන්නේ එක ජාතියකට සීමා වුන රටක් නොවෙයි. මනුෂ්‍යයින්ට නිදහසේ ජීවත්වීමට හා අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය නිදහස් රටක් පමණි.
Ruwan Tuesday, 24 October 2017 04:03 AM
මෙතන කිසිම ප්‍රශ්නයක් අපට නම් පෙනෙන්නේ නැත. අපිත් ලංකාවේ විශ්වවිද්‍යාලවලින් උපාධි අරගෙන පාරවල් ගානේ එක දවසක්වත් රස්තියාදු නොවී අපගේ දෙමව්පියන්ට කිසිම බරක් නොවී ඔවුන්ව පෝෂණය කරනවා. මෙතන තියෙන ප්‍රශ්නය තමන්ගේ තියෙන නුසුදුසුකම් සහ තරගයකට මුහුණදීමට තියෙන බයට දක්ෂයින්ව පාගාගෙන ඉන්න තියෙන වටපිටාවක් හදාගන්න උත්සහකිරිම.
Padmini Tuesday, 24 October 2017 05:07 AM
ලංකාව වැනි දුපත් වාසී ගෝත්‍රික ,තක්කඩි දේශපාලකයින් ඉන්න රටක ප්‍රමිතිය ගැන කතා කිරීමත් විහිළුවකි.දොස්තරවරයෙකු බිහි කල යුත්තේ රජයේ වෛද්‍ය විදුහලකින් පමණි. ප්‍රංශය දියුණු රටක් වුනත් වෙනත් බොහෝ උපාධි ආයතන ඇතත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල නැත.එංගලන්තයත් එසේම යයි සිතමි.
බද්රානිTuesday, 24 October 2017 06:11 AM
ඒ කියන්නේ පද්මිනී පිලිගන්නවා මේ ලංකාවේ ඉන්නේ ගෝත්‍රික මිලේච්ජයෝ කියලා. හැබැයි පද්මිනී හිතනවට වඩා ප්‍රන්සෙයි එංගලන්තෙයි විතරක් නෙමේ, මේ මුළු ලෝකෙම වෙනස් හැබැයි ඔය අමුතු රටේ ජීවත් වෙන අය ඒ ඔක්කොටම වඩා වෙනස්. ඒකයි මේ හැම ප්‍රශ්නෙකටම හේතුව. ඒ අයට ප්‍රශ්න නැත්නම් නින්ද යන්නේ නැහැ. ප්‍රශ්න විසඳන්න මොළෙකුත් නැහැ. තියන මොළ පොඩ්ඩ ඉරිසියාව , කුහකකම වෛරය පිරිලා ඉතිරිලා. පෞද්ගලික විශ්ව විද්‍යාල විතරක් නෙමේ, ටවුමේ සිල්ලර කඩයක් දාන්න ගියත් ඔහොමම තමයි.
අල්විස්Tuesday, 24 October 2017 01:29 PM
බද්රානි සිංහල තේරම් ගන්න පුළුවන් නේද? ගෝත්‍රික මිලේච්ඡයො කියලා තියෙන්නෙ කාටද කියල පැහැදිලිව තියනවා. ඔයා හැමදාම දාන තැටිය නෙමේ පද්මිණී දාල තියෙන්නේ.
රොෂාන්Tuesday, 24 October 2017 09:20 AM
පද්මිනී, ඔය කියන ප්‍රංශයේ වෛද්‍යවරු ජනතාවගේ බදු මුදලින් පිනට ඉගෙන ගෙන චැනල් සෙන්ටර් කළුකඩ හා පෞද්ගලික රෝහල් වල සේවය කරමින් අසරණ රෝගීන්ගේ ජීවිත, රෝගීන් ගෙවන මුදල තීරණය කරන ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවයක්ද තියෙන්නේ? වෛද්‍ය අධ්‍යාපනය සඳහා සිසුන්ව පිටරට යවන ඒජන්සී මාෆියාව ප්‍රංශයෙත් තියනවද? එරට තුල වෛද්‍ය අධ්‍යාපනය කඩාකප්පල් කරන, දොස්තරකම පසෙක තබා දේශපාලනය කරන වෛද්‍ය මාෆියාවක් තියනවද? අනේ අපි ඉතින් ප්‍රන්සේ ගැන දන්නේ නැති නිසයි ඇහුවේ?
මධුසංඛ Tuesday, 24 October 2017 01:36 PM
යාළුවා ලංකාවෙ නම් ගෙවන මුදල මත ජීවිතය ගැන තීරණය නොවන සෞඛ්‍ය සේවාවක් තියනවා, හැබැයි ආණ්ඩුවෙ. සල්ලි තියන අය කැමති අය ප්‍රයිවට් යන්න, නැති අය ආණ්ඩුවෙ එන්න. කොහොම ලොකු තැන්වලින් බෙහෙත් ගත්තත් අන්තිමට පණ කෙන්ද යන්න ඔන්න මෙන්න තියන අමාරුවක් නම් ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙට යවන එකයි කරන්නේ.
naradhaTuesday, 24 October 2017 10:19 AM
පද්මිණි, ලංකාව වැනි බොහෝ ආසියාතික රටවල් තවමත් ගෝත්‍රික තත්වයේ පවතින්නේ, රාජාණ්ඩු පැවති අතීතයේ සිටම, රටේ අධ්‍යාපනය සංවෘතව තබා, තමන්ගේ ගෝත්‍රය රැක ගැනීම උදෙසා, කීප දෙනෙක් පමණක් ඉගෙන ගැනීම නිසයි. ඔය කියන ගෝත්‍රිකතත්වයෙන් මිදෙන්නට කල යුතු හොඳම දේ නම්, රටේ අධ්‍යාපනය විවෘත කොට, ඕනෑම කෙනෙකුට තමන් කැමති අධ්‍යාපනයක් ලබා ගැනීමට ඉඩ දීමයි.
one srilankan Tuesday, 24 October 2017 08:00 AM
සයිටම් වසා සයිටම් සහ අනිකුත් සියලුම සිසුන්ට සාධාරණය කරන්න. පූර්ණ බලතල ඇති ජනධිපතිට මරණීය දණ්ඩනයට නියම වූ අයකුට නිදහස දෙන්න පුලුවන්නම් හොර සයිටම් වසා දමා මෙම ජාතික ගැටලුව විසදන්න උතුමාණනි.
chinta Tuesday, 24 October 2017 02:21 PM
මේ ගැටලුව ගොඩින් බේරාගනීමට තිබුනු අවකාශ දැන් ඉවරයි, හේතුව මේක තදින්ම දේශපාළනීකරණය වී තිබීමයි. මෙයට සම්බන්ධ දේශපාලකයෝ මෙය පුළුවන් තරම් දුරට ඇදගෙන යනවා සමස්ත රටම අකර්මන්‍ය වෙන විධියේ මහා වැඩ වර්ඡනයක් දක්වා දැන් වෛද්‍ය ශිෂ්‍යන්ටත් අවශ්‍ය උනත් මෙය නවත්වනු නොහැකියි මේ ගැටුම්වල වර්ථමාන වර්ධනයට අනුව ඊළග ගැටුම් වළදී පොලිසිය ගුටි කන්නත් ඉඩ තියෙනවා, රජය මේ කාරනාව ඇද ඇද යන්නේ නැතිව අවසාන කරගැනීම රජයටම ගුණදායක බව වට පිටින් බලන අපිට පෙනෙන්නට තියෙනවා
peter Saturday, 28 October 2017 03:56 PM
ඉදිරි දින දෙක ඇතුළත සයිටම් අවසන් විසඳුම ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. අද 28යි දින 5ක් ගත වුණා. ඒත් රටේ නායකයා උත්තර සොයසොයා ඇවිදිනවා. වසරක් ගතවෙලා ලබන වසර මුල ඡන්දෙකුත් එනවා. ඒකෙත් ප්‍රතිඵල බලලාම තීන්දුව දෙන්න ඉන්නවද දන්නේ නෑ.