( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ( සයිටම්) උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචන පෙත්සම සලකා බැලීම ලබන ජූලි 05 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) තීන්දු කළේය.
මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ ,සිසිර ද ආබෲ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවිණි.
පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අද කාල වේලාව ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් එම විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තබන ලදී.
අදාළ අභියාචනාධිකරණ නඩු තීන්දුව බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයිද සිය අභියාචනය මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉල්ලා ඇත.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන් වෛද්‍ය වෘත්තිකයින් ලෙස පිළිගන්නා ලෙස සහ ලියාපදිංචි කරන ලෙසට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නියෝග කරමින් දෙන ලද නඩු තීන්දුව ක‍්‍රියාත්මක වීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද මෙම අභියාචන පෙත්සමේ සඳහන් වේ.
අභියාචනාධිකරණය නීතිය වැරදි ලෙස වටහා ගනිමින් සහ අර්ථ දක්වමින් මෙම නඩු තීන්දුව ප‍්‍රකාශ කර ඇති බවට තීන්දු කර අභියාචනාධිකරණය හමුවේ සයිටම් සිසුවිය විසින් ගොනු කළ රිට් පෙත්සමද නිෂ්ප‍්‍රභ කරන ලෙසද වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ සිය අභියාචනයේ සඳහන් කර ඇත.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සයිටම් නඩුව කල් යයි