IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සයිටම් විරෝධයට පුත්තලමේ පාසල් වැසෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල්වල ගුරුවරු ඉගෙන්විම්වල නොයෙදි ආපසු යාම නිසා අද (21)  පාසල් කටයුතු සම්පුර්ණයෙන් නැවතී තිබේ. 

සයිටම් පුද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාලයට විරෝධය පළ කරමින් අද (21) දින දවස පුරා රජයේ ආයතන සහ දෙපාර්තුමේන්තු රැසක් රජයේ සේවකයින් තම රාජකාරියෙන් ඉවත් වී සහය දක්වමින් පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල්වල ගුරුවරුන්ද සේවයට වාර්තා කර පැමිණිමේ ලේඛණ අත්සන් නොකර අධ්‍යාපන කටයුතු වලින් ඉවත් වි ආපසු නිවෙස් වෙත ගොස් ඇති බවත් ඔවුන් පවසා සිටියේ  තැපැල් කාර්යාල වලින් ලෙඩ නිවාඩු විදුලි පණිවිඩ එවිමට කටයුතු කරන බවයි. 

ගුරුවරුන් පාසල්වල ඉගෙන්විම් කටයුතු වලට එක් නොවිම නිසා බොහෝ පාසල්වල විදුහල්පතිවරු  දෙමාපියන්ට දරුවන් ආපසු නිවෙස් වෙත රැගෙන යාමට සිදු විය. 



අදහස් (10)

සයිටම් විරෝධයට පුත්තලමේ පාසල් වැසෙයි

lanka Thursday, 21 September 2017 06:40 AM

මේ අයට පුද්ගලික පන්ති හොදයි. ගුරුවරු නෙවෙයි ගුරුහොරු.

:       243       577

ශමිල්කා Thursday, 21 September 2017 07:03 AM

ඔය ගුරුවරුන්ට පුද්ගලික පන්ති කිරීම තහනම් කල යුතුය .

:       5       184

warnitha Thursday, 21 September 2017 07:36 AM

සයිටම් එකේ ඉගෙනගන්න ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා. එ්ක වහන්න කියන්න කාටවත් අයිතියක් නැහැ. එකේ ඉගෙනගෙන කෙලින්ම දොස්තරලා විදිහට වෙදකම් කරන්න ඉඩදෙන එක තමා වැරැද්ද. එ් ළමයිනුත් පිටරට ඉගෙනගෙන එන ළමයින්ට තියෙන විභාග වලට පෙනී සිටිය යුතුයි කියලා නීතියක් පනවන එක තමයි කරන්න තියෙන්නේ. මේ දෙගොල්ලම අඩු ලකුණු වලින් උපාධි ගන්න එකනේ තියෙන ප්‍රශ්නේ. සයිටම් එකට පිටරට ළමයිනුත් එනවා. ඕනෙම කෙනෙකුට ඕනෙම දෙයක් ඉගෙනගන්න ඉඩක් තියෙන්න ඕනේ. දොස්තර කෙනෙක් වෙන්න තරම් සුදුසුද කියල බලන එක දෙවෙනියට කල යුතු දෙයක්. සුදුසු නැත්තම් දොස්තරලා විදිහට බඳවා නොගෙන ඉන්න පුළුවන්. මේවට වැඩ වර්ජන කරන්නේ මෝඩයෝ. හැමදේම සල්ලි වලට නම් සල්ලිදීලා ඉගෙන ගත්තහම මොකද? දොස්තර කෙනෙක් වෙන්න දැනුමක් හරි, පුහුණුවක් හරි නැත්නම් ජොබ් නොදී ඉන්න. එතකොට කැමති නම් ඉගෙන ගනිවී... නැත්නම් නිකම් ඉඳීවී.

:       213       459

raheem Thursday, 21 September 2017 07:45 AM

මේ නම් ගුරු හොරු තමයි. තැපෑලෙන් හොර ලෙඩ සහතික එවන්නේ හොර දොස්තරලගෙන් ගන්න සහතික වෙන්න ඇති....

:       11       286

Karunarathna - Gampola Thursday, 21 September 2017 08:52 AM

තල තෙලට වේලේ, මී බෙටි කුමට වේලනවද? ජෝස්තරලා ඒ අයගේ චැනල් සේවයට වටිනාකම වැඩිකරගන්න දඟලනවා. ගුරුවරු බාහිර පන්තිවලට ළමයි වැඩිකරගන්න දඟලන්නේ. ඊටපස්සේ ඒ ළමයි තමයි සයිටම් යන්නේ... ඒ වෙද්දී ඔය ගුරුවරු වලපල්ලට ගිහින්. රජයෙන් කලයුත්තේ ඔය බාහිර පන්තිකරන හැම ගුරුවර ගුරුවරියන් ලියාපදිංචි කරලා, ඒ අයගෙන් ලොකු බද්දක් ගන්න ඕනෑ. එතකොට මොනවද කරන්නේ බලාගන්න පුළුවන්....

:       0       144

sahan Thursday, 21 September 2017 08:56 AM

කතාව ඇත්තනේ... අපි හිතුවේ පුත්තලම් බුරුවෝ කියන්නේ තිරිසන් සතුන් වගයක් කියලා... නැහැනේ දැන් බලනකොට එහෙම කියන්නේ ඒ පැත්තේ ඉන්න අයටනේ...

:       1       147

maheeThursday, 21 September 2017 10:43 AM

සහන්, කට කට. ඔබට විරුද්ධව පෙළපාලියයි ඒ අයට අපහාස කළා කියලා. අනික ඒ අහිංසක සත්තු මේ කට්ටිය වගේම සයිටම් කියන්නේ මොකක්දවත් දන්නා උදවිය නෙමෙයි.

:       0       0

mishanath dombagoda Thursday, 21 September 2017 09:38 AM

මේ කියන මහත්තයාගේ වෘත්තීය මොකද්ද දන්නෙ නෑ... තමන් දරන මතය වෙනුවෙන් පෙනී සිටීමට ඕනෑම පුරවැසියෙකුට අයිතියක් තිබෙනවා. ඒ වගේම ඉමහත් කැපවීම් කරමින් සේවය කරන දෙවිවරුන් බඳු ගුරුවරු මේ රටේ ඕනෑ තරම් ඉන්නවා හැබැයි ඒ අය ගැන වචනයක් කියන්න මේ දොස් කියන අයගේ දිව නොනැමෙන බව අපි දන්නවා.

:       278       2

Chamara Thursday, 21 September 2017 09:40 AM

දොස්තරලාට බැන්නා, ගුරුවරුන්ට දැන් බනිමු.. සයිටම් එකේ හොර වැඩ නතර කරලා ඕක වහලා දැම්මා නම් ඉවරනේ.. මොකටද මේ මිනිස්සු වැඩ වර්ජන කරන්නේ කියලා හොයලා බැලුවා නම් ඉවරනේ..!!!

:       184       3

roshan Thursday, 21 September 2017 10:09 AM

මේ ගොල්ලොනේ ළමයට ආදර්ශ දෙන්නේ... මුළු දිස්ත්‍රික්කයෙන් කීයක්.. විශ්ව විද්‍යාලයට ගියාද? ගියා නම්..... එ් ගොල්ලන්ට කොළඹ, ගාල්ල, ගම්පහ, නුවර අයට ලකුණු වැඩිද..? තමන්ගේ පොල් පරාල ඇහේ තියෙනවාද....?

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 27 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
2025 පෙබරවාරි මස 05 45 0

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.


විටමින් පෙත්ත සිසුන් 18 රෝහලට යවයි
2025 පෙබරවාරි මස 05 106 0

පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා


රටේ හැමෝම නීතියට යටයි
2025 පෙබරවාරි මස 05 377 0

ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.


මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 564 2

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 647 3

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 771 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site