සිසු අයිතීන් මුල් කරගනිමින් කොළඹදී ඊයේ (21) පැවැති උද්ඝෝෂණයට එල්ල වු ප්‍රහාරය හෙලා දකිමින් සබරගමු සරසවි සිසුහු අද (22) විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුහ.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 17 දෙනකුගේ පංති තහනම් කිරීම්, ශිෂ්‍ය භාවය අහෝසි කිරීම් , විශ්ව විද්‍යාල පාලන අධිකාරිය තාක්ෂණ පීඨයේ ශිෂ්‍යයන්ට වසර එක හමාරක පමණ කාලයක් කිසිදු විභාගයකට ඉදිරිපත්වීමට අවසර නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විශ්ව විද්‍යාල සිසුහු ඊයේ (21) කොළඹදී එම උද්ඝෝෂණය පැවැත්වුහ.
එම පහරදීමේ සිදුවීමට විරෝධය පාමින් සටන් පාඨ පුවරු රැගත් එක්දහස් පන්සියයකට ආසන්න සිසු පිරිසක් සබරගමු විශ්වවිද්‍යාලයීය ප්‍රධාන දොරටුව ඉදිරිපිට මෙලෙස විරෝධතාවයෙහි නිරත වුහ.
මෙහිදී අදහස් දැක්වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිශ්ශංක ගමගේ සිසුවා සඳහන් කළේ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා සාකච්ඡා කිරීමට මාධ්‍ය ඉදිරියට පැමිණිමට යැයි සිසුන්ට ආරාධනා කළත් සාකච්ඡා පවත්වන්න ගිය විටදී පහරදිම් සිදු කරන බවයි.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සරසවි සිසු පාගමනට පහරදුන්නැයි සබරගමු සිසුහු වීදී බසිති
Dilaan Wednesday, 22 August 2018 10:57 AM
අයිතිය ගැන විතරද කතාව ? තමන්ගෙන් රටට විය යුතු යුතුකම් ගැන දන්නේ නැද්ද ? ආ ඒවා තියෙන්නේ මේ රටේ ඉන්න වැස්සකටවත් සරසවියට නොගිය අයට විතරනේ. අපි සියල්ල දත් කොට්ටාශය ! අපි කියන හැටියට තමයි මේරටේ ඉහ නිකට පැහුණු මුත්තලා පවා වැඩ කරන්න ඕන.
RaveendraWednesday, 22 August 2018 11:26 AM
Dilaan මයා වෙත, කොහොමත් අයිතීන් ගැන විතරයි නේ කතා. නිදියන්නෙත් දියව් දියව් කියා කියා මෙන්ම නැගිටින්නෙත් දියව් දියව් කියාගෙන බව ඔබ මෙන් අප සියල්ලෝම දන්නා කතා වස්තුවකි.
Gihaan Wednesday, 22 August 2018 11:03 AM
තමන්ගේ මව්පියන් කුඩා කාලයේ පහරක් ගහලා හරි වැරැද්දට මට්ටු කලේ නැති තමයි දැන් මේ පහර කෑමක් ගැන කතා කරන්න වෙලා තියෙන්නේ. ආණ්ඩුවයි රටේ මිනිස්සුයි මට්ටුකරන්න යන්න කලින් හරියට විභාග පාස් කරගෙන හැදිලා හිටපන් කියා මහ ගෙවල් වලින් උපදෙසක් නොලැබුන එකේ රඟ!
ධනුෂ්කWednesday, 22 August 2018 02:29 PM
මං හිතනවා කරුණු ගැන හරි අවබෝධයක් නැතිව විවේඡන කරන එක හරි මදී. මේ රටේ හැම පුරවැසියකුටම පාලකයන්ගේ නොමනා වැඩ නිසා යහපත් මානසිකත්වයෙන් ජීවත වීමට නොහැකි තත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. හැම තැනම ගැටලු. කෝටිපතියට පවා තම ධනය අාරක්ෂා කර ගැනීමේ ගැටලුවක් තියනවා. දුප්පතා ගැන කියලා වැඩක් නෑ. එතනදී සංවිධානය වෙන්න පුලුවන් අය එකතු වලා වෙලා තම ගැටලු වලට අදාලව විරෝධය දක්වලා තම පීඩනය මුදා හරිනවා. එහෙම දෙයක් බැරි හුදකලා අය ඔක්කොම ඉවසගෙන හැමදේම විවේඡනය කර කර ඉන්නවා. මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න යහපත් අාර්ථිකයක් තිබුනනම්. වර්ජන, පිකටින්, උද්ඝෝෂණ සිදු වෙන්නේ නෑ කාටවත් ජනතාව ඊට යොමු කරන්නත් බෑ.
Hasitha Wednesday, 22 August 2018 11:47 AM
හැම දෙයක්ම නිකම් ලැබෙනකොට වටිනාකමක් නැහැ. පන්ති තහනම් කරන්නේ අදාළ නිලධාරීන්ගේ මොලේ අමාරුවට නෙවෙයිනේ. ඊළඟට ඔතනට එන ළමයින් ඉගෙන ගන්න ඕන නැද්ද ? අපි 1987 උසස් පෙළ කරලා සරසවියට තේරිලා අවරුදු ගානක් ගෙදරට නාකි වුනේ මේ වගේ අය ටිකක් නිසා. වසර ගානක් සරසවි වහලා තිබ්බා. එකේ පාඩුව අපි තවමත් ඉසකෙස් සුදු වෙලාත් ගෙවනවා.
Yasiru Wednesday, 22 August 2018 11:57 AM
සාකච්චාවට බොහොම වැදගත් විදියට යන්න ඇති කියලා මේ පින්තුර වලින්ම පේනවා. රටේ මිනිස්සුන්ටයි ආණ්ඩුවටයි පාඩම් උගන්වන්න යන වෙලාවේ තමන් සරසවි දේශන වලට යන්න. ඔබලාගේ දේශනා අහලාම දැන් මේ රටේ බදු ගෙවන ජනතාවට ඇති වෙලා.
Amaali Wednesday, 22 August 2018 12:03 PM
නිකම්ම පාගමන් වලට පහර දෙනවාද? රටේ සිවිල් නීතියක් කියලා දෙයක් තියනවා නේද? ඒවා උල්ලංඝනය කරමින් මහජනයාට අවහිර කරමින් යන පාගමන් වලට පාවාඩ එලන්නද කියන්නේ. එහෙමනම් හවසට ගමේ පාරවල් දිගේ පාගමන් යන අම්බරුවන්ටත් පහර වැදෙන්න ඕන. ඒ සතුනුත් පිළිවෙලට මීට වඩා හොඳින් පාගමන් යනවා.
sas Wednesday, 22 August 2018 12:11 PM
මේ අය හැමතිස්සෙම කතා කරන්නේ අයිතීන් ගැන විතරයි. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන තමන්ගෙන් රටට විය යුතු සේවය ගැන හිතන්නේ නැහැ.
Rushani Wednesday, 22 August 2018 12:21 PM
මේගොල්ලන් තමයි අනාගතයේදී කවදා හරි දියව් දියව් කියලා වයසක දෙමව්පියන්ගේනුත් අයිතිවාසිකම් ඉල්ලන්නේ. අපි දන්නා පවුලක ඔය සරසවි සිසු අයිතිවාසිකම් ගැන අරගල කරපු පුතෙක් දැන් ඕස්ට්‍රේලියාවේ ලොකු රස්සාවක. යන්න කලින් පියාගේ මහ ගෙදර බලෙන් ලියවාගෙන විකුනලා ගියේ. දැන් මහලු මව්පියන් බලා ගන්නේ උසස්පෙළ සමත් වෙලා ලිපිකරු රැකියාවකට ගිය අනෙක් පුතා. ඔන්න මහාලොකු සිසු අරගලයේ යතාර්ථය.
RaveendraWednesday, 22 August 2018 05:06 PM
රුෂානි මහත්මිය ඔබතුමියගේ අදහස් 100% නිවැරදිය. අප දන්නා කීපදෙනෙකුම ඔබ පැවසු කණගාටු දායකතත්වයේ පසුවන බව කීමට කැමැත්තෙමු. දිව්‍යලෝකෙන් උපාධියක් ලැබුවා වැඩක් නැත අවංකව මෙන්ම විනීතව නිහතමානී ලෙස හැසිරෙන්න බැරිනම්. වඩාත් කණගාටුව වන්නේ මොවුන් දවසින් දවස සෝදාපාලුවට ලක්වෙමින් පවතින පක්ෂයක අතකොලුවිමය. එක එක්කෙනාගේ අතකොලු වෙන්නේ නූගතුන් හැර බුද්දිමතුන් නොවන බව මෙය කදිම මෙන්ම හොදම උදාහරණයයි.
rohana Wednesday, 22 August 2018 02:59 PM
අධ්‍යාපනය නිකන් දෙන්න, ආහාර නිකන් දෙන්න, ප්‍රවාහනය නොමිලේ දෙන්න, හැම එකම නිකන් දෙන්න. මේ කෑ ගහන එක්කෙනෙක්වත් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව රටට වැඩක් කරලා තියෙනවද කියලා තමුන්ගේම පපුවට තට්ටු කරලා බැලුවොත් හොඳයි. මේ රටේ හමුදාවේ අය ඇරුනම අනිත් එක්කෙනෙක්වත් රටට කරපු දෙයක් නැත. අනිත් අය පොඩි දේටත් වර්ජන කරන කොට හමුදා සෙබළුන් වන අපි ඒවා කරන්න ඕන. හැම එකම නොමිලේ දුන්නම වටිනා කමක් නැහැ මම හිතන විදියට අන්තරේ ළමයි එක්කෝ සල්ලි තියෙන තැනක ලමයෙක්
RaveendraWednesday, 22 August 2018 05:43 PM
රෝහණ මයා වෙත, මෙම නුගතුන්ට දිව්‍යලෝකේ දුන්නත් අගහරු ලෝකේ දුන්නේ නැහැ කියා කියා අඩන පිරිසකි.