IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සිල්රෙදි බෙදීම ගැන හිටපු ජනපතිට එරෙහිව දැන් නඩු පැවරිය හැකියි - රාජිත

සිල් රෙදි බෙදාදීම සඳහා නියෝග ලබාදුන්නේ තමා යැයි හිටපු ජනාධිපතිවරයා පිළිගෙන ඇති බැවින් ඔහුට විරුද්ධව නැවත නඩු පැවරිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා කීවේය.
“එතුමට මේ ප්‍රකාශය කරන්න තිබුණේ කලින්. දැන් වීරයා වගේ කතාකරනවා. නඩු තීන්දුව දීලා ඒ මිනිස්සු හිරේ ගියාට පස්සේ කතා කරලා වැඩක් නැහැ. මේක වැරැද්දක්. වැරුද්ද දැන් ඔප්පු වෙලා තියෙනවා. එහෙමනම් මේ වැරැද්ද කරලා තියෙන්නේ එයා. මේ නඩුව දවස් 24 ක් විභාග වුණා. ඒ දවස් 24 න් එක දවසක අධිකරණයට ඇවිත් මහින්ද මහත්තයට මේ කරුණු කියන්න තිබුණා. එහෙම කළේ නැහැ.  දඬුවම් දෙනකම් ඉදලා වැලිකඩට ගිහින් එනගමන් කියන එක එයාගේ වීරත්වය.
මේ නියෝගය දුන්නේ මහින්ද මහත්තයා කියලා ඔහු බාරගන්නවානම් මේප්‍රකාශය උඩ තව පුද්ගලයෙකුට අධිකරණයට යන්න පුළුවන්.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට විරුද්ධව වෝටර්ස් එජ් නඩුවේදී පැහැදිලිව එතුමියට එරෙහිව අධිකරණය තීන්දුවක් දුන්නා.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේබව කීය.
044



අදහස් (20)

සිල්රෙදි බෙදීම ගැන හිටපු ජනපතිට එරෙහිව දැන් නඩු පැවරිය හැකියි - රාජිත

Nandalal DE SILVA - France Wednesday, 13 September 2017 04:56 PM

අපි අහල තියෙන්නේ "දිය රෙද්දෙන් බෙල්ල කපන අය" ගැන මිසක් "සිල් රෙද්දෙන් චන්ද කපන අය" ගැන නොවෙයි.

:       1279       1320

Chanak Los angeles Wednesday, 13 September 2017 05:43 PM

කතා කර කර ඉන්න ඕනේ නැහැ. නඩු දමලා දඬුවම් කල යුතුයි ..

:       409       567

siri Wednesday, 13 September 2017 05:58 PM

" නඩු පැවරිය හැකියි " තමා ඒත් කවුද ඕක කරන්න යන්නේ.

:       194       308

K Perera Wednesday, 13 September 2017 06:01 PM

අනේ පුලුවන්නම් ඒක කරන්න

:       321       284

BenadikWednesday, 13 September 2017 06:57 PM

දුෂිතයන්ට තරාතිරම නොබලා දඩුවම් කරන්න ඕනේ,

:       4       43

siri Wednesday, 13 September 2017 08:31 PM

මේ අනිත් වෛරයේ උපත. සුව ඇමති වුනාට මුනේ ලේ කදුලක් නැහැ. මෙයා මහා ලොකුවට කතා කලාට තමුන්ට විරුද්ධව තියෙන චෝදනා වලට ඉදිරිපත් නොවී මගහරින්නේ?

:       84       1676

Don Wednesday, 13 September 2017 08:38 PM

එක ආගමකට විතරක් විශේෂයෙන් සැලකීම හරිම කැතයි .. රටේ සියලුම ආගම් අදහන අයගෙන් ගත්ත බදු සල්ලි ඔය ..

:       493       253

Sisira Wednesday, 13 September 2017 11:18 PM

අනුර කුමාරගේ ටොමියා ආයෙමත් බුරන්න පටන් අරන්

:       55       301

kamani Thursday, 14 September 2017 12:32 AM

එතකොට ඔබගේ නඩු වලට මොකද කරන්නේ....

:       20       293

අසෝක ජයතිලක මිලානෝ Thursday, 14 September 2017 01:06 AM

බලාගෙන ගියාම මහින්ද කපටි කයිරාටික වැඩම තමයි කරලා තියෙන්නේ.

:       633       198

Chandana - Australia Thursday, 14 September 2017 01:16 AM

රජයේ නිලධාරීන් ජනතා මුදල් අවභාවිතය ගැන දඩුවම් ලැබිල තියෙනවා. අඩු ගානේ ඒ ගැන සතුටු විය හැකියි. අනාගතයේදී රජයේ නිලධාරීන් මෙවැනි වරදක් කරන්න කලින් දෙවරක් හිතයි. දේශපාලකයින් ජනතා මුදල් අවභාවිතා ගැනත් දඩුවමක් දුන්නොත් එයාලත් දෙවරක් හිතයි එවැනි වරදක් කරන්න කලින්. නැත්නම් එයාල හිතන්නේ එයාලට නීතියෙන් දඩුවම් දෙන්න බැහැ කියල

:       190       195

daham Thursday, 14 September 2017 01:39 AM

මේ ...... කට දන්නා මගුලක් නැහැ. චන්දෙට ඉස්සර ඉඳලම කියන ඒවා සත පහක වටිනාකමක් නැති තනිකරම මඩ ගහන පට්ටපල් කෙබර. කෝ මහින්දලා පිටරට බැංකු වල හංගල තියෙනවයි කියල කිව්වා ඩොලර් කොටි ගණන්වල සල්ලි? ඒවා ගැන විස්තර දෙන්නේ නැත්තේ ඒ බැංකු අයිති මහින්දලටද. මෙයාට දැන් පිස්සු. පිස්සු හොඳටම තද වෙයි කවද හරි චන්දෙයක් තියපු දවසට.

:       407       1186

saman Thursday, 14 September 2017 03:14 AM

මේවට තමා කියන්නේ තමන් තමන් නිරුවතින් ඉඳන් අනුන්ගේ යට ඇඳුමට ඇඟිල්ල දික්කරනවා කියල

:       61       349

rahul Thursday, 14 September 2017 03:36 AM

කට ඇරියොත් නඩු වැටෙයි කියන බයටද සමහර පරණ ඇමතිවරු (නැවු ගිලපු අයත් ඇතුළුව) එෆ් සී අයි ඩී එන්න කිව්වාම පලාතෙවත් නොගිහින් දෙපැත්තේම තියෙන කටවල් වහගෙන ඉන්නේ.

:       71       422

Deepal Nirosh Thursday, 14 September 2017 04:57 AM

ඉතින් ඇයි බලන් ඉන්නෙ තවත්? අදම පටන් ගමු. තීන්දුව නියතයි.

:       134       17

vipula Thursday, 14 September 2017 05:00 AM

මේ සිල් රෙද්ද බෙදල තියෙන්නේ සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන්. ජනතාවට සිල් රෙද්දක් හරි ලැබුන කියමුකෝ. බැදුම්දු කර සිද්දිය රටේ මහජනයාගේ බදු සල්ලි එළිපිටම ගසාගෙන කාල,ජනතාවට කිසිම සහනයක් නොලැබිලා තියෙද්දී ඒ ගැන කතා කරන්නේ වත් නැහැ .

:       0       350

kumarana Thursday, 14 September 2017 05:36 AM

ඇමතිලට පන්දම් අල්ලා තමන් පෝසත්වුනු, තනතුරු ගත්ත ඉහළ රජයේ නිලධාරින්ට දඩුවම් කල යුතුයි. එහෙම නැතුව හොරකම් කල සහ කිරිමට උදව්කල නිලධාරින් හොදට පඩි දිලා වරප්‍රසාධ දිලා වාහන දිලා ඒ තනතුරු වලම තියෙනවා සාමාන්‍ය ජනතාව දකින කොට හිතෙන්නේ ,අනේ මොනව කලත් බේරෙනන පුවළුන්. ඕවා හොයන්නෙ නැහැ, කියලයි. මෙම සංස්කෘතිය වෙනස් කල යුතමමයි.

:       5       2

hira Thursday, 14 September 2017 06:43 AM

. කෝ මෙයාට විරුද්දව තියෙන මුල්ලය වංචා පිළිබදව කිසිම සද්දයක් නැහැ ආණ්ඩුව. මෙයා නිතරම බුරන හින්දා ඒවා යට ගහල. බම්බුවේ යහපාලනය.

:       1       279

ravi Thursday, 14 September 2017 07:03 AM

මොන විකාරයක් ද ? හිටපු ජනාදිපති වරයෙකුට නඩු දන්නා බෑ නේද? ඒක වත් දන්නේ නෑ ? බොරුවට විකාර කියවනව ... කරන්න බැරී දේ වලට කතා හදන්න එපා

:       0       140

nishantha Thursday, 14 September 2017 10:11 AM

රවී කියා අදහස් දක්වා ඇති අය ඉන්න රටක කවර නම් නීතියක්ද.. උඩ ඇති ලිපිය වත් හරියට කියෙව්වේ නෑ , තමන්ගේ වහල්කම එලියට දැම්ම.. එකේ අන්තිම ඡේදයවත් කියෙව්වා නම් උත්තරය තියෙනවා..

:       256       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 153 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 108 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 142 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 305 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1927 2

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 489 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site