IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ස්වයං නිරෝධායනය වන පිරිස් හට ඡන්දය ප්‍රකාශ කිරීමට වේලාවක්

( රොමේෂ් මධුෂංඛ)

කොරෝනා අවදානම හේතුවෙන් නිවෙස්හි ස්වයං නිරෝධායනය වන පිරිස් වලට ඡන්දය ප්‍රකාශ කෙරෙන දින සවස 4-5 ත් අතර කාලයේදී ඡන්දය ප්‍රකාශ කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.
 
පැවති මාධ්‍ය හමුවකදී  මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභාපති වරයා මේ බව කියා සිටියේය.
 
වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේද කීවේය.
 
‘‘අපි ඡන්ද විමසීම අගෝස්තු 05 වැනිදා පැවත්වීමට උපරිම උත්සහ දරනවා. කල් දැමීමක් ගැන සාකච්ඡාවක්වත් එහෙම හිතලවත් නැහැ. මොකද අපට තවදුරටත් මේක ඇදගෙන යන්න අමාරුයි. ඒ වගේම මූලික කරුණ නම් ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නනම් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි.
 
ඒ නිසා දේශපාලඥයින්ගෙන් වගේම ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට කටයුතු කරන්න කියලා. ඒ වගේම සෞඛ්‍ය උපදෙස් මාලාව ප්‍රසිද්ධ කරන්න කියලා අපි දැඩි ලෙස කියා සිටිනවා.මොකද  අපිට ඒක නැතිවුනොත් ඡන්දය කරගෙන යන්න අපහසුයි.

 මේ අතර උතුරේ ආරක්ෂක අංශ මුරපොළවල් වැඩි කර ඇති බවට මාධ්‍යවේදීන් නැඟු  ප්‍රශ්නයකට පිළිතුරු දුන් සභාපතිවරයා මෙසේ කීවේය.
 
‘‘අපිට කොහෙවත් චෙක්කරන්න එපා කියල කියන්න බැහැ. උතුරේ යාපනයේ වැඩිපුර සිදු වෙනවා කියල කියනවා. ඒක බලන්නත් එක්ක තමයි මමත් සමන් රත්නායක මහත්තයත් එක්ක ආවේ. අපි ගිහිල්ල මේ ගැන වාර්තාවක් හදලා ආරක්ෂක අමාත්‍යංශයට ඔක්කටම යවනවා. ජනතාවට සාමකාමීව බියකින් තොරව ඡන්දය දීමට අවස්ථාව උදාකර දෙන්න කියලා.
 
උතුරේ  අපේක්ෂකයෙක් විසින් හොර ඡන්ද 75 ක් දැම්ම කියලා ප්‍රසිද්දියේ පවසා තිබීම සමබන්ධයෙන් ගන්නා පියවර සම්බන්ධයෙන් විමසීමේදී සභාපතිවරයා පවසා සිටියේ,   
 
‘අද අපිට ඒ පැමිණිල්ල ලැබුනා හෙට අපි මේ ගැන කොමිසමේදී සාකච්ඡා කරනවා. නමුත් ගැටළුව තමයි මේ සිද්ධිය අවුරුදු 16 කට වඩා පරණයි යනුවෙනි.
 
 



අදහස් (2)

ස්වයං නිරෝධායනය වන පිරිස් හට ඡන්දය ප්‍රකාශ කිරීමට වේලාවක්

pathirana Thursday, 16 July 2020 09:34 AM

සර්, මම ඉන්නේ පිටරට... මට ඡන්දෙ ප්‍රකාශ කරන්න ලංකාවට එන්න ඕනේ. ගුවන් තොටුපළ වහගෙන ඔබතුමා ඡන්දය තැබීමෙන් වෙන්නේ අපේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වගේම මිනිස් අයිතියත් උල්ලංඝනය කිරීම නේද?

:       17       4

Nihal Thursday, 16 July 2020 09:37 AM

ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ කුසට අහරක්...

:       28       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 602 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 171 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 490 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1721 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site