IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


සිසුවා ඝාතන සිද්ධියේ සැකකාර සිසුන් තිදෙනා ළමා නිවාසයක රඳවා තැබීමට නියෝග

(ඔගස්ටින් ප‍්‍රනාන්දු) 

සවරාන මුස්ලිම් විදුහලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායක ඝාතනයේ සැකකාර සිසුන් තිදෙනා  ජුලි 3  වැනි දා තෙක්  රජයේ ළමා නිවාසයක රඳවා තැබිමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත්  මංජුල රත්නායක  මහතා විසින් අද ( 12) නියෝග කළේය.

සවරාන මුස්ලිම් මහ පල්ලිය අසල විසු එකොලොස් වැනි වියේ පසුවු මොහොමඩ් රිස්වි මොහොමඩ් පයිසුල් නමැති සිසුවා පසුගිය 10 වැනි දා රාත‍්‍රී අමානුෂික ලෙසින් පහර දි ඝාතනය කිරිමේ  චෝදනාව මත එම පාසලේම දහ වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන  15 වැනි  වියේ පසුවන සිසුන් තිදෙනකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

සැකකරුවන් වුයේ  මොහොමඩ් ශීතන් , මොහොමඩ් සිෆාන් , මොහොමඩ් ඩීන් සස්රාස්  හා මොහොමඩ් මවුසුල් මශ්තාහිර් යන තිදෙනාය. 

එදින රාත‍්‍රි සවරාන කොළණියේ මුස්ලිම් පල්ලියේ පැවැති  ආගමික මෙහෙයෙන් පසු මිය ගිය සිසුවා තවත් මිතුරෙකු සමඟ සිය නිවස බලා යන අතර මඟ  සිටි සැකකාර සිසුන් තිදෙනා මහ මඟ දැල්වෙමින් තිබු විථි පහන් ද නිවා දමා මුගුරකින් පහර දිම නිසා අසාධ්‍ය තත්ත්වයට පත් සිසුවා පසුව හලාවත දිස්ත‍්‍රික් මහ රෝහලටත් අනතුරුව කොළඹ ජාතික රෝහලටත් ඇතුළු කිරිමෙන්  දින 13 කට පස් මිය ගියේය.

පල්ලියේ ආගමික මෙහෙය පවතින අතර පිටත පාසල් සිසුන් පිරිසක් අතර හට ගැණුන ගැටුමක් සමථයට පත් කිරිමට ගිය අවස්ථාවේදී  දි ඒ අතර සිටි සැකකාර සිසුන් මිය ගිය සිසුවාට තර්ජනය කර ඇති අතර එහිදි ඇතිවු කෝපයක් අනුව මෙම මනුෂ්‍ය ඝාතනය සිදුව ඇති බවත් පොලිසිය කියයි .

හලාවත පොලිසිය සැකකාර සිසුන් තිදෙනා අත් අඩංගුවට ගෙන දෙදෙනෙකු ඇප මත මුදවා හැර තිබු අතර  එක් සිසුවකු අද (26) දක්වා  රිමාන්ඩ් කර තිබිණි. පසුව ඇප මත මුදා හැරිය සිසුන් හා රිමාන්ඩ් කර සිටි සිසුවා අද (26) යළි අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

හලාවත පොලිසිය පැමිණිල්ල ඉදිරිපත් කළ අතර අගතියට පත්  පාර්ශවය වෙනුවෙන් නිතිඥ හිලරි ප‍්‍රසන්න ප‍්‍රනාන්දු මහතා පෙනි සිටියේය.



අදහස් (1)

සිසුවා ඝාතන සිද්ධියේ සැකකාර සිසුන් තිදෙනා ළමා නිවාසයක රඳවා තැබීමට නියෝග

jerami Tuesday, 26 June 2018 10:41 AM

අපි ඉස්සර ඉස්කෝලේ ගියේ විනෝදෙන් ඉග‍ෙනගෙන විබාග පස් කරලා හොඳ රස්සාවක් කරන්න. දැන් ඉස්කෝලේ යන්න වෙලා තියෙන්නේ.මැරෙන්න බලාගෙන.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

මහ පුවරුව

බන්ධනාගාර හිටපු නිලධාරියකු වෙඩි තබා මරලා
2025 මාර්තු මස 13 2541 9

බන්ධනාගාර හිටපු අධිකාරිවරයකුට නාඳුනන තුවක්කුකරුවකු අද සවස එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.


කෝපාවට ආ ’’ආර්.එම්.වී’’ ලොක්කන් ගෙදර යවයි
2025 මාර්තු මස 13 3784 5

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සූදානම්ව නොපැමිණීම හේතුවෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) එම නිලධාරීන්ට දැඩි



වෛද්‍යවරිය අපයෝජනය කළ සැකකරු අධිකරණයට ගෙනූ
2025 මාර්තු මස 12 2691 4

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කළ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධප


දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 5592 29

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


දේශබන්දු දුටු තැන අල්ලනු
2025 මාර්තු මස 11 3294 10

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සදහා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහත


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 455 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site