යම්කිසි ජන වර්ගයකට, ආගමකට විරුද්ධව ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන පිරිස, එමෙන්ම වෛරය පැතිර වීමට ක්‍රියා කරන අයට විරුද්ධව නීතිය අනුව පියවර ගැනීම සඳහා පොලිසියට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.
මෙම ක්‍රියාව අපේ ප්‍රතිපත්තිය යළිත් තහවුරු කිරීමක් පමණයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 2015 ජනවාරි 8 වැනි දා දිවුරුම් දුන්නේ මෙරට ප්‍රධානියා ලෙස සංහිදියාව ස්ථාපිත කිරීමටයි. එමෙන්ම ජාතික එකඟතාවය ඇති කිරීමටයි. වසර 30 ක යුද්ධයක පැටලී සිටි අපට ඉන් පසුව මෙරට ජනතාව එකතු කර ඉදිරි ගමනක් යාමට තීරණය කර තිබෙනවා.
අප සිංහලයකු, බෞද්ධයකු වීම පිළිබඳව ආඩම්බරයි. එමෙන්ම ශ්‍රී ලාංකිකයකු වීම පිළිබඳවත් ආඩම්බරයි. ශ්‍රී ලාංකිකයකු ලෙස මා සෑම ආගමකටම ගරු කරනවා. එමෙන්ම සෑම සංස්කෘතියකටම ගරු කරනවා. වෙනත් සංස්කෘතීන්, වෙනත් ආගම් හෙළා දකිනවා නම් ඔහු සැබෑ ශ්‍රී ලාංකිකයකු වීමට හැකියාවක් නැහැ. යහපාලන රජය මෙරට සියලූම ශ්‍රී ලාංකිකයන්ට එක සමාන අයිතීන් සමඟ සාමයෙන් ජීවත් වීමට අවස්ථාව ලබා දෙනවා.
මුස්ලිම් ව්‍යාපාර සහ දේවස්ථාන කිහිපයකට පහර දීම නිසා ඇති වූ තත්ත්වය පිළිබඳව පුළුල් විමර්ශනයක් කිරීමට පොලිසියට බාර දී තිබෙනවා. ඒ ගැන ක්‍රියා කොට තත්වය සමතයකට පත් කරාවි.
ඕනෑම ආගමකට, ජන වර්ගයකට විරුද්ධව ක්‍රියා කරනවා නම්, ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙනවා නම් ඔවුන් පිළිබඳව විභාග කොට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඒ කටයුතු පොලිසිය විසින් විභාග කරනවා. ඇතැම් අවස්ථාවල නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. එම එක් කාරණයක්වත් අතහැර නොමැති බව මෙහිදී ප්‍රකාශ කළ යුතුයි.
එම නිසා පොලිසිය මෙන්ම අනෙකුත් අදාළ ආයතන සියල්ලකටම නීතිය සහ සාමය ආරක්‍ෂා කිරීම සඳහා දැනුම් දී තිබෙනවා. අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නව නීති සම්පාදනය කර ගැනීමට ද හැකියාව තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසිය.
ජායාරූප - ශාන්ත රත්නායක
විදේශගත මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දුරකථන මගින් මෙහෙයවන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා අයිස් කිලෝ එකක් , හෙ
ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍ර
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
සංහිදියාවට බාධා වුනොත් නව නිති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා
suran Wednesday, 14 June 2017 10:45 AM
විල්පත්තුවේ වන විනාශය, නැගෙනහිර පුරාවස්තු විනාශ කරන්නන්ට විරුද්ධව ආණ්ඩුව නීතිය තදින් ක්‍රියාත්මක කළානම් මෙවැනි ප්‍රශ්නයක් ඇතිනොවීමට තිබුණා. සැම විටම නීතිය ක්‍රියාත්මක වන්නේ එකපාර්ශීයව. ආණ්ඩුව හා සම්බන්ධ පිරිස්‌වලට වෙනම නීතියක්....
Kumar Wednesday, 14 June 2017 11:29 AM
මේ සිංහල බෞද්ධ අපගේ රටයි...
ranil Thursday, 15 June 2017 11:00 AM
තව හාට් ඇටෑක් එකක් ඉක්මනටම හදා ගනියි වගේ.