IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සිංහරාජයේ අලි දෙන්නාට අලුත් නවාතැනක්

(ඩයනා උදයංගනී)

සිංහරාජ රක්ෂිතයේ දැනට ඉතිරි වී සිටින  වන අලි දෙදෙනා රැදවීම සඳහා කලවාන දොලේකන්ද ප්‍රදේශයේ රැදවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ.

එම අලි දෙදෙනාට ගැළපෙන පාරිසරික තත්ත්වයන් සහිතව රැදවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සදහා කලවාන දොලේකන්ද ග්‍රාම නිලධාරී වසමේ පාරුගල ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 36ක පමණ භූමි ප්‍රදේශයක් පවරා ගැනීමට තිරසර සංවර්ධන වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

වන අලි දෙදෙනාගේ ආරක්ෂාව මෙන්ම අවට ගම්වාසීන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂාව සදහා කඩිනම් පියවර ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බවද ඇමතිවරයා කීවේය.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (3)

සිංහරාජයේ අලි දෙන්නාට අලුත් නවාතැනක්

kalpa Wednesday, 11 July 2018 12:16 PM

2020 වන විට සිංහරාජය තේ වත්තක් නොවේවා.!

:       0       0

සතයපාල Wednesday, 11 July 2018 01:17 PM

සරත් ෆොන්සේකා යනු තමන් කරන දෙය සැලසුම් සහගතව හා බුද්ධිමත්ව කළහැකි බවට ක්‍රියාවෙන් ඔප්පු කර ඇති පුද්ගලයෙක් වන අතර තමන්ට බාරදෙන වගකීම කොතරම් භාරදූර වුවත් එය නිසි ආකාරයට විසඳන්න හැකි ශක්තියක් මෙන්ම ධෛර්යයකින් හෙබි පුද්ගලයකු බවට ඉතිහාසය සාක්ෂි දරා ඇති අතර අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන්ද සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සාර්ථක විසඳුමක් ලබාදීමට එතුමාට හැකි වනු ඇත.

:       7       25

kalani Thursday, 12 July 2018 05:12 AM

වසර 27ක කාලයක් ඇදීගිය බිහිසුණු යුද්ධයක් නිමකල සෙන්පතියකුට ලබාදිය යුත්තේ වනජීවීන් බලාගැනීමට නොව කුඩු මාෆියාව අවසන් කිරීමට හැකි ඇමතිකමකි.

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 650 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 180 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 541 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 136 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1806 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site