IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සුළු ජන කොට්ඨාස වෙනුවෙන් උප ජනාධිපති ධූරයක් ඉල්ලති

(සිරාජ් හසීම්)

යෝජිත නව ව්‍යවස්ථාව තුළින් සුළු ජන කොට්ඨාස නියෝජනය වන උප ජනාධිපති ධූරයක් පිහිටුවිය යුතු යැයි දෙමළ ප්‍රගතශීලී සන්ධානය ප්‍රමුඛ සුළු දේශපාලන පක්ෂ හතරක් විසින් ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

දෙමළ ප්‍රගතශීලී සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ඊ.පී.ඩී.පී පක්ෂය එක්ව මෙකී යෝජනාව ඉදිරිපත් කළ බව දෙමළ ප්‍රගතශීලී සන්ධානයේ නායක රාජ්‍ය භාෂා ජාතික සංවාද හා සහජීවන අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

මෙම යෝජනාව නව ව්‍යවස්ථාවට ඇතුළත්  කර ගැනීම තුළින් සුළු ජනතාවට සිය අර්බුද ඍජුව ප්‍රකාශ කළ හැකි බවත් මෙ තුළින් සුළු ජන නායකයින්ටද ජනතා ගැටළු වලින් මිදී යා නොහැකි බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

මෙරට වෙසෙන දෙමළ මුස්ලිම් ජනතාවගේ අර්බුද වලට දේශපාලන වශයෙන් විසදුම් ලබාගැනීමට මෙම උප ජනාධිපති ධූරයක් ඇතිකරලීම වැදගත් බවත් පාර්ලිමේන්තු ධූර කාලය සැලකිල්ලට ගනිමින් මෙකී උප ජනාධිපති ධූරය සුළු ජන කොට්ඨාස කාලයෙන් කාලයට බෙදාගනිමින්  දැරිය හැකි වන  ආකාරයට නව ව්‍යවස්ථාව සකස් කළ යුතු බවද හෙතෙම සඳහන් කර සිටියේය.

 



අදහස් (31)

සුළු ජන කොට්ඨාස වෙනුවෙන් උප ජනාධිපති ධූරයක් ඉල්ලති

gothrika Monday, 10 July 2017 10:46 AM

උප ජනාධිපතිතුමා පත්කරපු ගමන් සුළුජන ප්‍රශ්න විසඳේද? ඔය කියන පක්ෂවලට කොපමණ ජනපදනමක් තිබේද?

:       1       203

sam Monday, 10 July 2017 11:01 AM

ලංකාවේ වැඩියෙන්ම අර්බුද වලට මුහුණ දෙන සුළු ජන කොට්ටාශය ආදිවාසී වැදී ජනතාවයි .උප ජනපතිකමක් ඕනෑම නම් වැදී නායකයා පත් කරන්න.

:       6       739

rosheen Monday, 10 July 2017 11:01 AM

225 ම ජනාධිපති වරු කරලා, ඒත් මදිනම් කෝටි දෙකම උප ජනාධිපතිවරුන් කලානම් තවත් සතුටු වෙයි. ඔක්කෝම රජවරු, ඔක්කෝම උපරජවරු... අනේකාලේ වනේ වාසේ ඔච්චරයි අඩු මහත්තයෝ

:       0       410

kumar (galf) Monday, 10 July 2017 11:07 AM

පළාත් සභාවයි මහා ඇමතිකමුයි දීලා මදිවාට තවත් පිළිකාවක් දාගන්න හදන්නේ.

:       6       547

Samitha Monday, 10 July 2017 11:25 AM

සිංහල ජාතියටත් මොකක් හරි ඕනේ.

:       26       950

ජයන්ත මිලානෝ Monday, 10 July 2017 12:31 PM

ඔව්, උප ජනාධිපතිතුමාගෙන් පටන් ගෙන ඉදිරියට යන කොට ජාත්‍යන්තර සහයෝගයෙන් ඉතිරි වැඩ කර ගන්න පුළුවන් නිසා ඉල්ලන ඒවා අමාරුවක් ගන් නැතිව දුන්නා නම් මොකද?

:       8       175

Sena Monday, 10 July 2017 03:19 PM

ලෝකයේ කිසිම රටක ජාතිකත්වය අනුව රටේ නායක තනතුරු හෝ වෙනත් වැදගත් තනතුරු ලබා දීමක් සිදු කෙරෙන්නේ නෑ. ජනතාවට අවශ්‍ය නම් සුළු ජාතිකයෙක් විධායක ජනාධිපතිකමට හෝ පත් කිරීමට හැකියි. මෙවැනි ජාතිවාදී, වර්ගවාදී මුග්ධ ව්‍යවස්ථා යෝජනා පැරදවීමට අප සියලුදෙනා පෙළ ගැසිය යුතුයි.

:       46       1440

සරත් Monday, 10 July 2017 04:48 PM

සුළු ජනයා කවුද ?

:       0       114

hewawitharana Monday, 10 July 2017 05:31 PM

එඩිතර පාලකයෙක් හිටිය නම් මේ ඉල්ලීම් ඉල්ලයිද

:       1       253

Lakvidu Monday, 10 July 2017 05:33 PM

මේ යහපාලන ගොල්ලොනම් එකත් දීලම තමයි නවතින්නේ

:       5       136

raheem Monday, 10 July 2017 05:47 PM

මේ රටේ මිනිස්සු කෙලින්නෙම පිස්සු

:       0       221

masuhud Monday, 10 July 2017 05:59 PM

ඉහල තනතුරු හැදුවම පත් කරන අය සුළු ජාතින් විකුණා ගෙන රටේ හැම ආගමකම ඉන්න අන්තවාදීන්ට උඩගෙඩි දීගෙන යහමින් ඉදි

:       0       206

badara- kekirawa Monday, 10 July 2017 06:11 PM

2014 ඔබ සෙවූ වෙනස යි මේ ඔබට දකින්න ලැබෙන්නේ,හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට . සෑම්" කිවා වගේ අගමැති කමයි ,ජනාදිපති කමයි දෙකම දියයුත්තේ වැදී නායක තුමාටයි

:       0       110

Anton Austria Monday, 10 July 2017 08:43 PM

අපේ රට නැවත යුද්දයකට අදින්නාද මුන් හදන්නේ .ජාතියකට ජනධිපතිගානේ ඉන්න . මේක සිංහල රටක් . අනික දෙමල අමතිලගෙන් අහන්නේ උඔලට තමන්ගේ ජාතියට ලේ ටිකක් දෙන්න බැ කුලවල් හොයනවා . අපේ හමුදා කොල්ලො කෙල්ලෝ ලේ දෙනවා දකුණේ කෑම්ප් වලින් ගිහින් ලජ්ජයි හලෝ

:       5       283

silvi Monday, 10 July 2017 09:13 PM

අනේ ඇත්තට මේ මිනිස්සුන්ට වෙන වැඩක් නැද්ද ? හැම වෙලාවෙම රටේ ප්‍රශ්නයක් ඇති වෙන දෙයක් මයි කරන්න හදන්නේ . තමන්ගේ බලය රැක ගන්න . රට දියුණු කරන අවංක වැඩ පිළිවලක් ඔය එකෙකුටවත් හිතෙන්නේ නැති එක තමා කරුමේ කියන්නේ .

:       0       67

de silva berlin Monday, 10 July 2017 09:33 PM

මේ කුඩා රටට තව තවත් දේශපාලන තනතුරු අනවශ්‍ය , උප ජනාධිපති කමක් හැදුවොත් ඔහුට කාර්යාල , ආරක්ෂකයන් , වාහන , නිල නිවාස , වැනි දේවල් වලට අඩුම ගණනේ රටේ බදුගෙවන ජනතාවට මාසෙකට රුපියල් කොටි 10 කවත් බරක් දරන්න වේවි , දෙමල ජාතිකයන්ට ඕක දුන්නොත් මුස්ලිම් අයත් ඉල්ලාවී , ඊට පස්සේ ක්‍රිස්තියානි , මැලේ , අන්තිමට කැලේ ඉන්න වැද්දොත් උප ජනාධිපති කමක් ඉල්ලාවී , තිබෙන පළාත් සභාත් රටට බරක් ,

:       0       38

weera Monday, 10 July 2017 10:27 PM

මම හිතන්නේ නෙහෙ මේකෙන් ඔය ප්‍රශ්න වලට විසඳුමක් ලෙබෙයි කියල. එත් ඒ ඉල්ලීමේ ඔය කියන තරම් වරදක් මට නම් පෙන්නේ නෙහෙ. බලන්න ඉනදියව එහෙ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මුස්ලිම් ජාතිකයෙක්, හිටපු අගමැති සික් ජාතිකයෙක්. එතකොට ඒ ගොල්ලන්ට හිතන්න බෑ ලංකාව ඇර වෙනරටක් ඕනේ කියන්න නමට උප ජනාධිපති ඒ ගොල්ලන්ගේ. ඕක වගේම තම අපේ ජාතික කොඩිය හැම ජන කොටසකටම නියෝජනයක් තියෙනවා එක නරකද?

:       128       4

sanju Monday, 10 July 2017 10:36 PM

මේ ගොල්ලන්ට පිස්සුද කොහෙද. අපිට ඕනේ සිංහල ජනාදිපති කෙනෙක් එහෙනම්. මොකද මේ ඉන්න එවුන් කරන්නෙම සිංහලයන්ට කරදර කරන එකමනේ.

:       0       37

Kirthi Tuesday, 11 July 2017 01:40 AM

අනවශ්‍ය වැඩක්!

:       0       37

nimallalitha Tuesday, 11 July 2017 01:51 AM

නැතිවෙන සිංහල බෞද්ධ අයිතිය ගැන කතා කරන්නවුන් සිරගෙට යැවීමට කටයුතු කරන යහ පාලුවන්ට සුළු ජාතින් වෙනුවෙන් උප ජනාදිපතිකම ඉල්ලන මේගොල්ලන් අත් අඩංගුවට ගැනීමට තරම් පිට කොන්දක නැත්තේ දේසපාලන බල පෙරේත කම නිසාද ? අද බලයේ සිටින ,දෙසපාලනයේ දී සිටින හින්ගලයන්ගේ අනාගත පරපුරට හෝ පාර්ලිමේන්තු යාමට සිංහල ජාතිය ඉතිරිවිය යුතු බව මේ අමන සිංහල කියන බඩගොස්තරවදින්ට නොවැටහීම සිහලයාගේ කරුමයකි.

:       1       71

වර්නන් Tuesday, 11 July 2017 03:09 AM

සුළු ජන කොටස් වශයෙන් නම්කරන්නේ අපේ ව්‍යවස්තාවෙන්. එසේ ලිය පදිංචි කිරීමක් නැතිනම් සුළු ජන කොටසක් නැත. ජාතිකයා වනුයේ රටක පුරවැසියාටය. ප්‍රංශ ජාතිකයා යනු ප්‍රංශ රටේ පුරවැසියාය. එම නිසා අපි ශ්‍රී ලංකික ජාතිකයින් වෙමු.

:       0       17

Ravi Tuesday, 11 July 2017 04:30 AM

ලෝකයේ කිසිම රටක ජාතිකත්වය අනුව රටේ නායක තනතුරු හෝ වෙනත් වැදගත් තනතුරු ලබා දීමක් සිදු කෙරෙන්නේ නෑ. ජනතාවට අවශ්‍ය නම් සුළු ජාතිකයෙක් විධායක ජනාධිපතිකමට හෝ පත් කිරීමට හැකියි.

:       2       7

vipula Tuesday, 11 July 2017 05:11 AM

තමන්ට බලය ගන්න බලයේ සිටින්න දරන වෑයම . තමන්ගේ ජාතිය නැවත යුද්දෙකට වුවත් තල්ලු කරයි බලයට කෑදර නිසා. රටේ ජනතාවට වැඩ කරන්න තනතුරු නෙමෙයි අවශ්‍ය . ආයතන තමයි අවශ්‍ය වෙන්නේ

:       0       0

sampath Tuesday, 11 July 2017 05:24 AM

ගොටාභයට විරුද්ධව ඉහත දැන්වීම් වල අදහස් පල කරන එක්කෙනෙක්වත් මේ දැන්වීමට අදහස් පල කරලා නැහැනේ. කෝ මේ කට්ටිය?

:       1       14

Sam Tuesday, 11 July 2017 06:42 PM

දේශපාලන තනතුරු වලින් පසුගිය වසර 67ක් තිස්සේ ශ්‍රී ලංකාවට යහපතක් සිදුවී නොමැත. තව දුරටත් මේ රටට දේශපාලන පක්ෂ සහ දේශපාලන තනතුරු වලින් ප්‍රයෝජනයක් නොමැති බව බුද්ධිමත් සියලු දෙනාට වැටහී හමාරය. අවශ්‍ය වන්නේ උගත්, බුද්ධිමත්, ශක්තිමත්, දූරදර්ශී නායකයෙක් සහ නව තාක්ෂනය සහිත පරිපාලන සහ කළමනාකරණ පද්ධතියක් පමණි. නොබියව, අපක්ෂපාතීව සමාජයේ සහ රාජ්‍ය සේවයේ විශාල පරිවර්තනයක් සිදුකල හැකි ඍජු තීරණ ගත හැකි නායකත්වයක් තුලින් අප රටට විශාල සංවර්ධනයක් ළඟ කරගත හැකිය. මේ සඳහා, දේශීය සංස්කෘතිය සහ සාරධර්ම වලට ගැලපෙන, හැදියාව මුලික කරගත් සමාජ වටිනාකම් වලින් යුත්, නව නිපැයුම්, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, කෘෂිකර්මය, දේශීය සහ විදේශීය තාක්ෂනය, දැනුම සහ හැකියාවන් කේන්ද්‍රීය රැකියා ඉලක්කගත; අධ්‍යාපන ක්‍රමයක් වහාම ස්ථාපනය කිරීම කල යතුය.

:       0       11

Deeapal Nirosh Wednesday, 12 July 2017 07:51 AM

මෙන්න මේ වගේ විකාර යෝජනා ඉදිරිපත් වෙන නිසා තමයි මේ අවස්ථාවේ නව ව්‍යවස්ථා පිළිබඳ මාතෘකාව අත්හළ යුත්තේ. දැනටත් ඉන්න මැති ඇමති මන්ත්‍රී ප්‍රමාණය වැඩියි. තවත් තවත් තනතුරු ඇතිකිරීමෙන් විසඳිය හැකි ප්‍රශ්නයක් නැහැ. අනෙක රටකට සිටිය යුත්තේ එක් රාජ්‍ය නායකයායි.

:       0       1

Chandan Thursday, 13 July 2017 04:30 PM

එහෙම වුනොත් රට ඉවරයි

:       0       1

Kumari lanka Thursday, 13 July 2017 11:48 PM

ලංකාවට අඩු ඒක විතරයි.

:       0       0

sugath Saturday, 15 July 2017 12:27 PM

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා වගේ මේ රටේ සුළු ජාතින් කියලා කොටසක් නැහැ. සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් පමණි. මිලියන 23ක් වගේ ඉතාම කුඩා ජනගහනයක් සිටින අපේ රටට මේ සමයං වැඩක් නැහැ. රටට එක නායකයෙක් සිටියා නම් හොඳටම ඇති. ඇමැති මණ්ඩලයත් 25 ට අඩු කල යුතුයි. බැරි අය ඉන්නවා නම් ඒ අයට උදව් කරන , නෑදෑයෝ එහෙම ඉන්න රටකට යන එකයි ඇත්තේ. මේක සිංහල බහුතරයක් ඉන්න රට. සිංහලයාගේ හිත හොඳ නිසා හැම කෙනෙකුටම මේකේ වැටිලා ඉන්න ඉඩ දුන්නට, සිංහලයට එහෙම ඉන්න තැනක් හෝ දෙන්න කෙනෙක් නැහැ. පුළුවන් නම් සහයෝගයෙන්, සහජීවනයෙන්, අනුන්ට කඩේ යන්නේ නැතිව ඉන්න එකය් ඇත්තේ....

:       0       9

k.m.j.bandara Monday, 17 July 2017 04:46 AM

ලෝකේ කිසිම රටක සුළු ජාතිකයන් ඉල්ලන්නේ නැති දේවල් අපේ රටට අවශ්‍ය නැහැ කියන එක තමා මගේ අදහස .

:       0       0

Su Silva Monday, 17 July 2017 11:16 PM

ලංකාවේ ආදිවාසීන්ගේ නායක තුමාට දේශපාලන නායකත්වය දෙන්න. දෙමළ අයට කලින් එයාලගේ ප්‍රශ්න විසඳලා දීම වැදගත් . කොහොමත් උප ජනාදිපති කෙනෙක් නම් එපා. මන්ත්‍රී ගණන 50 කටත් ඇමති ගණන 20 අඩුවෙනුත් හදන්න. අපට තියෙන ව්‍යවස්ථාව හොඳටම ඇති. යහපාලන බොරුව නවත්වන්න කලේ ඇවිල්ල දැන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4728 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 106 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 112 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 158 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 875 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 264 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 85 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 735 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site