(රංජිත් රාජපක්‍ෂ )
හැටන් ලංගම ඩිපෝවේ කළමනාකාරවරයාට බැන තර්ජනය කිරිමේ චෝදනාව යටතේ හැටන් මහේස්ත‍්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් වු ලංගම ඩිපෝවේ සේවකයින් සිව්දෙනකු ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට හැටන් දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් ටි.සරවානරාජා මහතා අද (15) නියෝග කළේය.
සැකකරුවන් පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් විමත් සමග එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දක්වන එම ඩිපෝවේ කළමානාකාරවරයා ඩිපෝ පරික්‍ෂකවරයා සහ කොන්දොස්තරවරුන් කිහිපදෙනකුට එම තනතුරුවලින් ඉවත් වන ලෙසට බලපැම් කරමින් ඩිපෝ පරික්‍ෂකවරයාට බැන තිබිණි.
හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජායාරූප බස් රථවල අලවා එම ඩිපෝවේ පරිපාලන කටයුතු සම්පුර්ණයෙන්ම සැකකරුවන් අතට ගෙන දින කිහිපයක් එම ලංගම ඩිපොවේ පරිපාලන කටයුතු සිදුකර තිබේ.
මේ සම්බන්ධයෙන් එම ඩිපෝවේ කළමනාකාර අනුර දොඩම්තැන්න මහතා විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ තිබුණි.
මෙහිදි විවෘත අධිකරණයේ මහේස්ත‍්‍රාත්වරයා කියා සිටියේ පරිපාලන කටයුතුවලට සේවකයන් ඇගිලි ගැසීමේදී ආයතනයක් පවත්වාගෙන යැම ගැටලූ සහගත බවයි.
එම ඩිපෝවේ කළමනකාරවරයාට දුරකථන ඔස්සේ තර්ජනය කළ සැකකරුවෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරිමට එම දුරකථන සමාගමින් අවශ්‍ය දත්ත ලබා ගැනිමට නියෝගයක් නිකුත් කරන ලෙසටද හැටන් පොලිසිය කළ ඉල්ලීමකට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හැටන් ලංගම ඩිපෝවේ හතරක් රිමාන්ඩ්
baba Thursday, 15 February 2018 10:55 AM
මේ වැද්දන්ව නම් ගෙදර යවන්නම ඕනෑ.
දීපාක් Thursday, 15 February 2018 11:24 AM
මහින්ද සුළඟට මේ අය ප්‍රාදේශිය සභා වල බලය ඇවිත් මෙහෙම මැරකම් කරනවා නම් මහ ඡන්දයකින් දිනුවාම කොහොම වේවිද? ඔන්න ඔය වගේ මිනිස්සු නිසා තමයි මහින්ද මහත්තයාට වැරදුනේ...
kapila Thursday, 15 February 2018 01:02 PM
ආයිමත් රස්සාවල් දෙන්න එපා. අනික කවදාවත් බස් එකකට නංවාගන්න එපා. මහජනතාවට පයින් යන්න සැලසුවා... මේ වගේ මිනිස්සුන්ට ජීවිතේටම පයින් කොටන්න සලස්වන්න ඕනේ...